• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අධ්‍යක්ෂවරුන් එක්ක අයුතු යෝජනා සම්බන්ධ නෑ

July 18, 2020
in Heart
Reading Time: 1 min read
A A
අධ්‍යක්ෂවරුන් එක්ක අයුතු යෝජනා සම්බන්ධ නෑ
Share on WhatsAppShare on Facebook

රිතු ඉතින් කොහොමද?
හොඳින් නිර්මාණ කටයුතු කරගෙන යනවා.
මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම රිතුව අපට මුණගැසෙනවා. එය ගැන කතා කළොත්?
මහා විරු පාණ්ඩු, ඇය, ටෙලිනාට්‍ය දෙකම මේ දවස්වල විකාශය වෙනවා. එයට අමතරව දනුෂ්ක රත්නායක අධ්‍යක්‍ෂණය කරන ‘දාම්’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සඳහා යොමුවෙලා ඉන්නවා.
‘මහාවිරු පාණ්ඩු’ ටෙලිනාට්‍යයේ බුම්බක භූතා චරිතය ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා නේද?
ඇත්තටම ඔව්. එය වෙනස්ම අත්දැකීමක්. ඒ චරිතය වෙනුවෙන් මම ගොඩාක් කැපවුණා. ඒ චරිතය පිළිබඳ පොතපත හරහා දැනුම ලබාගත්තා. ඒ විතරක් නෙවේ මහාවිරු පාණ්ඩු ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සනත් අබේසේකර පණ්ඩුකාබය රජු සම්බන්ධ පොතපත ගෙනත් දුන්නා මට. මගේ චරිතය ගැන අවබෝධයක් මට ඔහු ලබා දීමත් මහාවිරු පාණ්ඩු කණ්ඩායම දුන්නු ශක්තිය මගේ චරිතයට නව එළියක් ගෙන දුන්නා.
ඔබව දැන් එෛතිහාසික ටෙලිනාට්‍ය රැල්ලකට කොටුවෙලා කිව්වොත්..?
ඔබ නිවැරැදියි. ඒත් ඒ කොටුවීමට මම කැමැතියි. මොකද අපේ ඓතිහාසික කතාවන්වලට මම ගොඩාක් කැමැතියි. ඒ චරිතවල අපට දෙයක් කිරීමට තිබෙනවා. ඒ විතරක් නෙවේ. ආවට ගියාට රඟපාන්න බැහැ. හොඳ අවබෝධයකින් ඒ චරිත ජීවමාන කළ යුතුයි. ප්‍රේක්‍ෂකයන් වුණත් එවැනි නිර්මාණ නැරැඹීමට ලොකු නැඹුරුවක් තිබෙන බව ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා. මෙයට කලිනුත් එවැනි ඓතිහාසික ටෙලිනාට්‍ය කිහිපයකට මම සම්බන්ධ වෙලා වැඩ කළා.
එක පැත්තකින් හොඳ ප්‍රතිචාර ලැබෙන කොට තවත් පැත්තකින් මගතොටදී බැනුම් අහනවා?
‘ඇය’ ටෙලිනාට්‍යයේ මගේ චරිතය වෙනුවෙන් තමයි එවැනි ප්‍රතිචාර ලැබෙන්නේ. මම වෙන කෙනෙක්ගේ ස්වාමි පුරුෂයෙක් අරගෙන කියලා. චරිතයේ තිබෙන සාර්ථකත්වය නිසාම තමයි එවැනි ප්‍රතිචාර මට ලැබෙන්නේ. ගොඩාක් ආශාවෙන් මම වැඩ කරපු ටෙලිනාට්‍යයක් ‘ඇය’ ටෙලිනාට්‍යය. එයට විශේෂම හේතුව ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සමන් කුමාර ලියනගේ තමයි මට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දුන්නේ. මම මුලින්ම සම්බන්ධ වුණේ ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්‍ෂණය කළ ‘හිරු තනිවෙලා’ ටෙලිනාට්‍යයට තමයි.
වර්තමානයේ ටෙලිනාට්‍ය රංග ශිල්පීන් හොඳ චරිත ලබා ගැනීම සඳහා අධ්‍යක්‍ෂවරුන් සමඟ විශේෂ සම්බන්ධකමක් තිබෙනවා. ඔබත් එහෙමද?
කවදාවත් මම එහෙම අධ්‍යක්‍ෂවරුන් සමඟ විශේෂ හිතවත් සම්බන්ධකම් පවත්වන්න යන්නේ නැහැ. මම හිතවත් සම්බන්ධකම් පවත්වන්නේ ටෙලිනාට්‍ය කණ්ඩායමත් සමඟ. එහෙම එකම පවුලක් විදියට වැඩ කරනකොට හරිම පහසුයි. මට එහෙම ඔබ ඔය කියන විදියේ අධ්‍යක්‍ෂවරුන් හමුවෙලත් නැහැ. මම වැඩ කරලත් නැහැ. එහෙම අයුතු යෝජනා සම්බන්ධකම් මම පවත්වලත් නැහැ.
දවසින් දවස අලුත් පරපුරවල් මේ ක්‍ෂේත්‍රයට එකතු වෙනවා, නැතිවෙනවා. ඒ අතර ඔබේ ස්ථාවරය හදාගත්තෙ කොහොමද?
එහෙම ගොඩදෙනෙක් එක රැයකින් ජනප්‍රිය වෙලා තරු බවට පත්වුණු අයත් ඉන්නවා. ඒ අතර ඉන් කිහිප දෙනයි රැඳිලා ඉන්නේ. ජනප්‍රිය වුණු පළියට ආඩම්බර විය යුතු නැහැ. මම ආඩම්බර වෙන්නේ මම රඟපාලා මගේ චරිතයේ හොඳ, නරක මට කියනකොට. එතකොට මට මං ගැන වටිනාකමක් දැනෙනවා.
ඒ වටිනාකම තවත් වැඩිවෙන කොට තවත් සමහරු ගොසිප් මවනවා නේද?
ගොසිප් එක දැන් ටේ‍රන්ඞ් එකක් වෙලා. හැබැයි මට එහෙම ගොසිප් හැදිලා නැහැ. රිතු ආකර්ෂා අර ටෙලිනාට්‍යයේ අහවල් චරිතය හොඳට රඟපානවා කියලා එවැනි ගොසිප් අහන්න මම කැමැතියි. මොකද අපි ගොඩාක් කැපවෙලා, මහන්සිවෙලා තමයි නිර්මාණයක වැඩ කරන්නේ. ඒ චරිත හෑල්ලුවට දානවාට මම කැමැති නැහැ.
ඔබ චරිත තෝරා ගැනීමේදී ඔබ පිටුපස තවත් කවුරු හරි ඉන්නවාද? විශේෂ කෙනෙක්.. අපි නොදන්න?
එහෙම විශේෂ කෙනෙක් මට තවම නැහැ. මට එහෙම බලපෑම් එල්ල කරන්න කවුරුත් නැහැ. පිටපතක චරිත තෝරා ගැනීමේදී එහි පළමු ප්‍රේක්‍ෂකයා මම. මම සතුටක් ලැබුවේ නැත්නම් මම ඒ චරිතයට සම්බන්ධ වෙන්නේ නැහැ.
විවිධ නිර්මාණවල සුවිශේෂී චරිත රඟපෑවත්, තවමත් සම්මානයක් ලැබුණේ නැහැ නේද?
‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය නිළියට නිර්දේශ වුණා. මෙගා ටෙලිනාට්‍යවල තමයි විවිධ චරිත රඟපෑවේ. මම කැමැති හොඳ සීරියස් චරිතයක් රඟපාන්න හොඳ නිර්මාණයක. බලමු ඉතින් ඉදිරියේදී.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

‘නාකොටික්’ එක්ක කුඩු බිස්නස් කළ වෙළේසුදාගේ ගෝලයා මන්නාරමෙන් ඉන්දියාවට පනී!

Next Post

කොරෝනා බච්චන් පවුලට තිත තියයිද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.