• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලෙකට පස්සෙ එළියට ආපු කටකාර නෑනා

October 10, 2020
in Heart
Reading Time: 1 min read
A A
කාලෙකට පස්සෙ එළියට ආපු කටකාර නෑනා
Share on WhatsAppShare on Facebook

කටකාර චරිත මවමින් හැඩකාර ලෙසට රඟන ඇය මේ දවස්වල ‘නෑනලා’ට කොටුවෙලා. කිසිම සද්ද බද්ධයක් නැතුව හිටිය නිර්ධා උයන්හේවා කාලෙකට පස්සේ ඔන්න නැවැත හැඩවැඩ දාන්න ඇවිත්. ඉතින් ඇයගෙන්ම අපට අහන්න හිතුණා මෙච්චරකල් කොහේද හිටියේ කියලා.
කාලෙකට පස්සේ නිර්ධාව අපට දැකගන්න පුළුවන් නේද?
ඔව්. සෑහෙන කාලෙකින් ටෙලිනාට්‍යයකට මම සම්බන්ධ වුණේ නැහැ. ඉතින් මේ දවස්වල මම ‘නෑනලා’ එක්ක තමයි කාලය ගතකරන්නේ.
‘නෑනලා’ එක්ක මේ ගෙවන කාලය කොයි වගේද?
හරිම සුන්දරයි. නෑනලා හත්දෙනෙක් එක්ක තමයි මම කාලය ගතකරන්නේ. හරිම වෙනස් අත්දැකීමක් මට. ඉතින් ඒ සුන්දරව ගෙවන කාලයේ සුන්දරත්වය රස විඳින්න මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට මම ආරාධනා කරනවා රාත්‍රි 8.30ට ජාතික රූපවාහිනියේ ‘නෑනලා’ සමඟ එකතු වෙන්න කියලා.
ඇත්තට ඔබ මෙච්චර කාලයක් නිහඬව හිටියේ ඇයි?
අනේ කිසිම ප්‍රශ්නයක් නිසා නෙවේ මට ඩෙංගු රෝගය වැලඳුණා. ඒ විතරක් නෙවේ නිව්මෝනියාවත් හැදුණා. ඉතින් අසනීප තත්ත්වය නිසා මට විවේක ගන්න සිද්ධ වුණා. ඔය අතර නිර්මාණවලින් ආරාධනා ලැබුණා. නමුත් මුදල් ප්‍රශ්න නිසා මම ප්‍රතික්‍ෂේප කළා.
එහෙම නිර්මාණ ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට කරන්නේ අසාධාරණයක් නේද?
මොනවා කරන්නද. අපේ වටිනාකමට වටිනාකමක් නැතිනම් නිකරුණේ වැඩ කරලා වැඩක් නැහැ. කාලයක් තිබුණා මම වියදම් කරගෙන කලාවට තිබුණු ආශාව නිසා සම්බන්ධ වුණු අවස්ථා. නමුත් හැමදාම ඒක කරන්න බැහැ. නිර්මාණ නැතිනම් කාලා, බීලා ගෙදරට වෙලා ඉන්න එක සැපයි.
ඒ කියන්නේ ඔබේ වටිනාකමට අසාධාරණකම් වුණු අවස්ථාත් තිබෙනවා?
සියයට අනූවක්ම සිදුවන්නේ ඒක තමයි. අපෙන් වැඩ අරගෙන මාරු වෙන්න තමයි සමහර නිෂ්පාදකවරුන් අපිට ණය වෙලා මැරිලත් තියෙනවා. එවැනි නිර්මාණ විකාශය වෙන්න එපා කියලා මම සුබපතනවා. අපෙන් හම්බකරගෙන අපට සලකන්න බැරි නම් වැඩක් නැහැ.
ඔබ කාලයක් එකම චරිත තුළ කොටුවීමක් නිසා නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන අවස්ථා තිබුණා නේද? දැනුත් එහෙම කරනවාද?
කටකාර චරිතවලට තමයි මාව කොටු වුණේ. ඒ නිසා මම එවැනි චරිත ප්‍රතික්‍ෂේප කරපු අවස්ථා තිබුණා. නමුත් දැන් එහෙම කරන්නේ නැහැ. චරිත ඉල්ලගෙන මම කිසිම කෙනෙක් හොයාගෙන පස්සෙන් යන්නේ නැහැ. මගේ වටිනාකමක් දැනුණොත් මට ආරාධනා කරයි.
ප්‍රවීණ ටෙලිනාට්‍ය නාලන් මෙන්ඩිස් සමඟ ඔබ දුර ගමනක් ආව නේද?
ඇත්තටම ඔව්. චන්ද්‍රරත්න මාපිටිගම තමයි මාව මේ ක්‍ෂේත්‍රයට ගෙනාවේ. නමුත් නාලන් අයියා තමයි මාව තැනකට ගෙනාවේ. ඒ ආපු ගමන තමයි මම ‘නෑනලා’ සමඟ නතර වුණේ. සත්පුර වැසියෝ, සූරිය දරුවෝ, සෙනෙහෙ-වන්තයෝ ඔහුගේ නිර්මාණ රැසක මම වැඩකළා. මම ඒ කරපු හැම චරිතයක්ම ජනප්‍රිය වුණා.
ඔබ ඒ ලබපු ජනප්‍රියත්වය ඇගැයීමකට ලක්වුණාද?
‘රයිගම්’ ටෙලි සම්මාන උළෙලේ ‘හොඳම නැඟී එන’ නිළියට නිර්දේශ වීමත් සතුටක් සම්මානයට වඩා.
දවසින් දවස කාලයත් එක්ක ඔබේ කලවයසත් ගෙවී යනවා. තවම විවාහ වීමට අදහසක් නැතිද?
විවාහ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ආදරය කියන දේ මිල කරන්න බැහැ. ඉතින් සුදුසු කෙනෙක් හිමි වුණුදාට මම විවාහ වෙනවා. මේ දවස්වල හොයමින් ඉන්නේ. නිකම් ෆෝන් එකෙන් මැසේජ් ගහලා කැමැතියි කිවුවට වැඩක් නැහැ. කෙළින් කතා කරන්න එන්න ඕනෑ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බ්‍රැන්ඩික්ස් ලොක්කා කව්ද මේ ඔමාර් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ට්‍රම්ප් වගේ අපිත් ගෝඨාට හිනාවෙමුද? (ඉරුදින විග්‍රහය)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.