• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බ්‍රැන්ඩික්ස් ලොක්කා කව්ද මේ ඔමාර් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 10, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
බ්‍රැන්ඩික්ස් ලොක්කා කව්ද මේ ඔමාර් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

කොරෝනා ලංකාවට ආවේ සිංහල අවුරුද්ද කට ළඟ තියලාය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල අවුරුද්ද සමරන්න සිංහලයන්ට නොහැකි විය. එයට හේතුව ඉන්දියාවේ ආගමික සමුළුවකට සහභාගි වූ මුස්ලිම් බැතිමතුන් නිසා යැයි මතයක් එකල මාධ්‍ය රට තුළ සමාජගත කොට තිබුණි. මෙය ඇමැති අලුත්ගමගේද ප්‍රසිද්ධියේ මාධ්‍යයන්ට කීවේය.
‘දැන් බලන්න. අද දවසේ මේ ආසාදනයට ලක්වෙච්ච රෝගීන් සංඛ්‍යාව විස්සයි. ඒකෙන් 19 දෙනෙක් මුස්ලිම් බැතිමතුන්. අද මේ වෛරසය පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ මේ අය නිසා…’
මේ ඔහු රටටම ඇහෙන්න මාධ්‍යයට කී කතාවය.
‘ඉතින් අද කොරෝනා දෙවැනි රැල්ල පටන් අරගෙන තියෙන්නේ මුස්ලිම් සම්භවයකට අයත් ව්‍යාපාරික ආයතනයකින්නෙ. ඉතින් ඇයි ඇමැතිවරු, මාධ්‍ය නිහඬ…?’
මේ මිනිස්සු අහන ප්‍රශ්නයය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය මුස්ලිම් සම්භවයක් සහිත ඔමාර් පවුලට අයත් ආයතනයකි. මේ ආයතනයේ ප්‍රධානියා ඕමාර් අශ්රොෆ්ය. ඔමාර් මෙරට තිරය පිටුපස දේශපාලනයේ ප්‍රබල චරිතයකි.
මොහු තිරය පිටුපස දේශපාලනයට එන්නේ රනිල්ගේ 2002 ආණ්ඩුව හරහාය. ඒ රනිල්ගේ ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තයට ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමට යුරෝපා සංගමය සමඟ කළ සාකච්ඡා හරහාය. රනිල්ගේ ආණ්ඩුවෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමට ඔමාර් අෂ්රෆ් රනිල් සමඟ සමීපව වැඩ කළේය. 2004දී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරිය විට ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමේ සාකච්ඡා කඩාකප්පල් විය. මේ නිසා 2005 ජනාධිපතිවරණයේදී රනිල්ව ජනාධිපති කරන්න ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් එක්වී හදපු රනිල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් කමිටුවට ඔමාර් අෂ්රෆ්ද එක්විය. රනිල්ගේ ප්‍රතිරූපය රට තුළ හැදිය යුත්තේ කෙසේද, රනිල්ගේ ප්‍රතිවාදියා වූ මහින්දගේ ප්‍රතිරූපයට පහර දිය යුත්තේ කෙසේද යන්න තීරණය කළේ ඒ කමිටුවෙනි. රනිල්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අරමුදල් හෙව්වේද මේ කමිටුවෙනි. මේ කමිටුවේ අනුදැනුමකින් තොරව කිසිදු පෝස්ටරයක් හෝ අත් පත්‍රිකාවක් මුද්‍රණය කිරීම තහනම් විය. වරක් එවකට යූ.ඇන්.පී. මන්ත්‍රීවරයකුව සිටි බන්ධුල ගුණවර්ධන කොළඹ නගර සභාව අසල පාරේ ලයිට් කණුවල රනිල්ගේ කටවුට් එල්ලන්න පටන් ගත්තේය. වහාම ඕමාර් අෂ්රෆ්ලාගේ කමිටුවෙන් නියෝග ලැබුණි. බන්ධුලට කටවුට් ගැහිල්ල අකුළාගන්න සිදුවිය. මේ කමිටුවේ ව්‍යාපාරිකයන් ඇරුණු විට හිටියේ එවකට යූ.ඇන්.පී. මන්ත්‍රි මිලින්ද මොරගොඩ සහ පක්‍ෂ සභාපති මලික් සමරවික්‍රම පමණි. එවකට යූ.ඇන්.පී.යේ සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් පවා මේ කමිටුව ගැන දැන සිටියේ නැත. රනිල් 2005 ජනාධිපතිවරණය දින්නොත් අලුත් ව්‍යවස්ථාවක් ගෙනැවිත් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්දගේ අපේක්‍ෂකත්වයට එරෙහිව වැඩ කරමින් සිටි අනුර බණ්ඩාරනායකව උප ජනාධිපති කරනවා යැයි ජී. එල්. දැනගත්තේ ඔමාර් අෂ්රෆ්ගෙන්ය.
ජී. එල්. යූ.ඇන්.පී.ය හැර යන්න මේ කමිටුවද එක් හේතුවක් විය. ජී. එල්. සමඟ මිලින්ද ද යූ.ඇන්.පී.ය අතහැර මහින්දට එක් වූහ. ටික කලකින් මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අරමුදල් හොයන්න ව්‍යාපාරික හමුවක් පැවැත්වීය. එවකට මහින්දගේ ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලද මිලින්ද ඕමාර් අෂ්රොෆ්ව මේ හමුවට ගෙනැවිත් රාජපක්‍ෂලාට සෙට් කළේය. එතැන් සිට ඔමාර් අෂ්රොෆ් දැඩි රාජපක්‍ෂවාදියෙක් විය.
බ්‍රැන්ඩික්ස් ආයතනය ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක් විවෘත කරන විට එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ එවකට මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වූ ජී. එල්. පීරිස්ය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය වූ පසුව ගෝඨාභය රාජපක්‍ෂව ජනාධිපති අපේක්‍ෂක කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයේ ඔමාර් අෂ්රෆ් කැපී පෙනෙන වැඩ කොටසක් කළේය. ඔහු වැඩ කළේ මිලින්ද මොරගොඩ ඇතුළු කණ්ඩායමත් සමඟය. 2019 ජනාධිපතිවරණයේදී ද ඔහු ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක වැඩවලට අරමුදල් හොයන වැඩවලට සම්බන්ධ වී සිටි බව එකල වෙබ් අඩවි වාර්තා කොට තිබුණි. 2019 ගෝඨාභය ජනාධිපති වී කොරෝනා ලංකාව ගිලගත් විට පශ්චාත් කොරෝනා සමයේ රටේ ආර්ථිකය හදන්න යෝජනා දෙන ලෙස ගෝඨාභයගේ ආණ්ඩුව කළ ඉල්ලීමකට අනුව මිලින්ද යෝජනා සකස් කිරීමට කමිටුවක් පත්කළ අතර, ඔමාර් අෂ්රෆ්ද ඒ කමිටුවේ සිටියේය. මිලින්ද එම යෝජනා ගෝඨාභයට ඉදිරිපත් කළත් ජාතික සංවිධානවලින් මිලින්දට එල්ල වූ විරෝධය නිසා යෝජනා යටපත් විය.
‘කොරෝනා දෙවැනි රැල්ල ගෙන ආවේ බ්‍රැන්ඩික්ස් යැයි ආණ්ඩුවවත්, ආණ්ඩුවට කඬේ යන මාධ්‍යයවත් චෝදනා නොකරන්නේ ඔමාර් අෂ්රෆ් ආණ්ඩුවත් එක්ක තියෙන ආලවන්තකම නිසාද..?’
‘රිෂාඞ්ගේ හරි හකීම්ගේ හරි විපක්‍ෂයට හිතවත් මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ කර්මාන්ත ශාලාවකින් මේ දෙවැනි රැල්ල ආවා නම් අද ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්‍ය කොහොමට විපක්‍ෂය හප කරයිද..?’
කොරෝනා හැදුණු විට කොරෝනා රෝගියාට වෛර කරන පුරුද්ද ඇති කළේ ආණ්ඩුවත්, ආණ්ඩුවට කඬේ යන මාධ්‍යයත්ය. එදා ඉන්දියාවේ මුස්ලිම් ආගමික රැස්වීමකට ගොස් පැමිණි මුස්ලිම් ජාතිකයන්ට කොරෝනා ආසාදිත වූ විට ආණ්ඩුව සහ ආණ්ඩුවට කඬේ යන මාධ්‍ය ඔවුන්ව පෙන්නුවේ ත්‍රස්තවාදීන් ලෙසය. පාස්කු බෝම්බකරුවන්ටත් වඩා අමානුෂික ත්‍රස්තවාදීන් ලෙසය. හේතුව ඔවුන් නිසා සිංහලයන්ට අවුරුදු කන්න බැරි වුණා කියාය. ඉන්පසු දඹදිව වන්දනාවේ ගොස් පැමිණි මවකට කොරෝනා වැලඳී මාලිගාවත්තේ නව කොරෝනා පොකුරක් ඇති වූ විට ආණ්ඩුවත්, ඒ මාධ්‍යයත් සද්දෙ වසාගත්හ. ඉන්දියාවේ ආගමික රැස්වීමකට සහභාගි වී පැමිණි මුස්ලිම් ජාතිකයන් කොරෝනා බෝ කරන අමනුස්සයෝ වීමත්, ඉන්දියාවේ දඹදිව සිට පැමිණි මවත් කොරෝනා වාහක කතක් වීමත් ඉන්දියාවේ සිට ගුවන් යානයකින් ලංකාවට රැගෙන ආ ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් ලංකාවට කොරෝනා ගෙන ආවේ නැතැයි සහතික දීමත් මිනිසුන්ට නම් අමුතු කතාය.
‘ඉන්දියාවෙන් ගෙන ආ බ්‍රැන්ඩික්ස් සේවකයන් නිසි ලෙස නිරෝධායනය කළා යැයි ආණ්ඩුව සහතික පිට සහතික දෙන්නේ ඇයි..?’
හොරේ තියෙන්නේ එතැනය. ආණ්ඩුව පරාජය කළාය කී කොරෝනා යළි ජයග්‍රහණය කළේ ආණ්ඩුවේ හතුරකුගේ වරදින් නොව ආණ්ඩුවේ මිතුරකුගේ වරදින් බව ආණ්ඩුව දනී. මේ නිසා ආණ්ඩුවට වෙලා තියෙන්නේ පැස්බරා මෙන් වැල්ලේ ඔළුව සඟවාගෙන දත්මිටි කන්නටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හරීන්ගේ කොරෝනා රිපෝර්ට් එක එයි

Next Post

කාලෙකට පස්සෙ එළියට ආපු කටකාර නෑනා

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.