• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කතා අඩු වැඩ වැඩි ආගන්තුකයා

September 12, 2020
in Heart
Reading Time: 1 min read
A A
කතා අඩු වැඩ වැඩි ආගන්තුකයා
Share on WhatsAppShare on Facebook

තම දක්‍ෂතාවය උපතින්ම ගෙන ඒමට ඔහුටද වාසනාව හිමිවිය. සිනමාවේ සුවිශේෂී චරිත සඳහා ජීවයක් ලබාදුන් සුවිශේෂී සම්මානලාභී ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි දිනෙත් ද සිල්වා කියන්නේ. එවැනි දක්‍ෂතාවක් පෙන්නපු දිනෙත් පසුගිය කාලය පුරා පුංචි තිරයේ ආගන්තුකයෙක් ලෙසට තමයි නිසොල්මනව කටයුතු කළේ. එය ගැන කතා කිරීමට විශේෂ ඉඩකඩක් වෙන්කරගෙන ඔහුට කතා කළේ අපි මේ විදියට.
දිනෙත් මේ දිනවල සිනමා ශාලාවල සැරිසරනවා නේද?
ඔව්. අපේ ‘ෂෙලීනා’ චිත්‍රපටයේ කලා ශිල්පීන් සමඟ සිනමා ශාලා පරීක්‍ෂා කරගෙන යනවා. ආදරණීය රසික රසිකාවියන්ගෙන් අදහස් හුවමාරු කරගන්නවා.
ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් මොනවගේ අදහස්ද දක්වන්නේ?
ප්‍රේක්‍ෂකයන් චිත්‍රපට ශාලාවට දැන්ම එයිද කියන සැකයක් අප තුළත් තිබුණා. ඔවුන්ට කාලෙකට පස්සේ වෙනස්ම විදිහේ රසවින්දනයක් ‘ෂෙලීනා’ තුළින් ලැබුණු බවත්, ලංකාවේ මෙවැනි අබිරහස් මරණ චිත්‍රපට නිර්මාණය වීම අඩු නිසා ඔවුන්ට වෙනස්ම අත්දැකීමක් ලැබුණු බවත්, ඒ වගේම ලංකාවේ සුවිශේෂී චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී දැකගන්නට ලැබෙන බවත් තිරගත වෙනකම් මගබලාගෙන ඉන්න බවයි ඔවුන් පැවැසුවේ.
පසුගිය දින පුරා ඔබ පුංචි තිරයට ආගන්තුකයෙක් වුණු බව ඔබ, අප දන්න කරුණක්. එවැනි ආංගික අතීතයෙන් කටයුතු කිරීම පහසු දෙයක් නෙවෙයි නේද?
‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලිනාට්‍යයේ ආගන්තුකයා චරිතය මගේ රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් ලෙසට මුලින්ම සඳහන් කරන්න මම කැමැතියි. ඒ වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සංජය නිර්මාල් සහ මම එක්ක රංගනයේ දායක වුණු සියලුම ශිල්පීන්ගෙන් ආගන්තුකයා උසස් ආංගික රංගනයකට ගෙන ඒමට විශාල ශක්තියක් ලැබුණා.
රිදී තිරයේ ජවසම්පන්න හඬක් අවදි කළ ඔබ එවැනි මනෝභාවයකින් රංගනයක නියැළුණේ කොහොමද?
ඇත්තටම කතාව පුරාවටම වචනයක් කතා නොකරන නිසා මම එහි සිදුවීම් මාලාවම මනසින් දැකීමට උත්සාහ කළා. එහි විශේෂත්වය වන්නේ ආත්ම දෙකක හැඟීම් මේ ආගන්තුකයා චරිතය තුළ ගැබ්වෙලා තිබුණා. ඉතින් පෙර සූදානමක් ඇතිව තමයි මට කටයුතු කිරීමට සිදුවුණේ. මම ඒ නවකතාව වගේම ටෙලිනාට්‍ය පිටපතත් හොඳට අධ්‍යයනය කළා. මේ ආත්මේ සහ ගිය ආත්මයේ දෙයාකාරම සම්බන්ධ කරගෙන එකම මොහොතක සම්මිශ්‍රණ රංගනයක තමයි හිටියේ. මේ ආගන්තුකයා චරිතය බැරෑරුම් බවක් මට දැනුණා. එනිසා නවකතාවටත්, පිටපතටත් හානියක් නොවන විදියට උසස් රංගනයක නියැළීමට මම නිරන්තරයෙන්ම උත්සාහ කරගත්තා.
මෙයට පෙර නිර්මාණ කිහිපයකම ඔබත් සමඟ උදාරි සම්බන්ධ වුණු බව අප දැක්කා. එහෙත් ‘සංසාරාරණ්‍ය අසබඩ’ තුළ ඔබ දෙදෙනාගේ වෙනස්ම රංග වින්‍යාසයක් දැකගැනීමට හැකිවුණා. එය ගැන කතා කළොත්?
උදාරි සමග මම මෙයට පෙර ටෙලිනාට්‍යයකත්, චිත්‍රපට කිහිපයකත් පෙම්වතුන් ලෙස රඟපෑමට හැකිවුණා. අනෙකුත් නිර්මාණවල වගේම මේ චරිත දෙක තුළ හොඳ අවබෝධයක් තිබුණා. අපි දෙදෙනා අතර තිබුණු සහෝදරත්වයත්, අවබෝධයත් නිසා රංගනයට වැදගත් වුණා. මමයි, උදාරි හැම මොහොතකම කතා කළේ අපේ හැඟීම් ප්‍රකාශ කරන්නේ කොහොමද, ආදරය ප්‍රකාශ කරන්නේ කොහොමද, ප්‍රේක්‍ෂකයාට මෙය දනවන්නේ කොහොමද කියලා. අපි මහන්සිවෙලා එක වතාවෙන්ම රංගනය කළා. උදාරිගේ අති විශිෂ්ට රංගනයත් නාට්‍ය පුරාම මම දැක්කා. මගේ චරිතයේ සාර්ථකත්වය පිටුපස ඇයත් ඉන්නවා.
එදා ඉඳලා ඔබේ ආශාවක් තිබෙනවා නේ දුලානි අනුරාධා සමග රංගනයක පෙම් බැඳීමට?
ඇය දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලේ සුවිශේෂී නිර්මාණ කිහිපයක දැකගන්නට ලැබුණා. ඇය දක්‍ෂ රංගන ශිල්පිනියක් වගේම දක්‍ෂ නර්තන ශිල්පිනියක්. ඇය සමඟ නිර්මාණයකට සම්බන්ධ වීමට මගේ හිතෙත් ආශාවක් තිබෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

DFCC බැංකුවෙන් මුදල් භාවිතයෙන් තොර නව යුගයක්

Next Post

බොලිවුඩ් නිලි චක්‍රබෝර්ති අත්අඩංගුවට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.