• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එදා රහස් පරීක්ෂකයා අද කෝ?

October 7, 2019
in Heart
Reading Time: 1 min read
A A
එදා රහස් පරීක්ෂකයා අද කෝ?
Share on WhatsAppShare on Facebook

වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන පැතිකඩ තුනේම ප්‍රධාන චරිත රඟපාමින් කලා ක්ෂේත්‍රයේ දුර ගමනක් පැමිණි සොඳුරු නිර්මාණකරුවෙක් අපට හමුවුණා. කලකට පෙර ‘කීටයා’ ටෙලිනාට්‍ය මාලාව හරහා රහස් පරීක්ෂකයකු ලෙස අතිශය ජනප්‍රිය වූ ඔහු ප්‍රවීණ රංගන ශිල්පි පාලිත සිල්වා. සද්ද බද්ද නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න සොඳුරු නිර්මාණකරුවකු වුණු ඔහු මේ දිනවල ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ඒකනායක සර්ගෙ චරිතය වෙනුවෙන් ඉමහත් ප්‍රතිචාර භුක්ති විඳිනවා.
පුංචි තිරයේ කලක් රජකරපු ඔබ දැන් නිරමාණවල දකින්න නැත්තෙ ඇයි?
දැන් නම් නිර්මාණ වැඩකටයුතුවල ලොකුවට නැහැ. පසුගිය දවස්වල සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කළ ‘සීරුවෙන් සිටින්’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. එය හමුදා සෙන්පතියකුගේ චරිතයක්. එයට අමතරව උදයකාන්ත වර්ණසූරියගේ ‘ප්‍රසිඩන්ට් ස්ටාර්’ සහ ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපට තුළින් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.
නිර්මාණ අඩු නිසාද රඟපෑම පුහුණු කරන්න ගමින් ගමට යන්නේ?
මම ඒ කාලේ ඉඳල නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වෙලා රංගනය පිළිබඳ දැනුම ලබාදුන්නා. යුද්ධෙ කාලෙත් යන්න බැරි ප්‍රදේශවලට ගිහින් මම නාට්‍ය වැඩමුළු පැවැත්වූවා. රංගන පාසලක් ආරම්භ කරන්න කාලයක් තිස්සේ ඉඳලා මට ආශාවක් තිබුණා. ඒත් එය බැරෑරුම් දෙයක්. මොකද පාඨමාලා ගාස්තුව ගෙවාගන්නවත් බැරි අපහසුතා තිබෙන සමහර දරුවන් අදටත් ඉන්නවා. ඉතින් මෙහෙම ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගියාම ඕනෙ කෙනෙක්ට ඊට සම්බන්ධ වෙන්න පුළුවන්.
ටෙලිනාට්‍ය තේරීම, වර්ග කිරීම නිසාද පාලිත ටෙලිනාට්‍යවල දකින්න නැත්තෙ?
හොඳ ටෙලිනාට්‍ය දැන් කවුරුත් හදන්නේ නැහැ. ඒ කාලේ හොඳ ටෙලිනාට්‍ය හැදුවා. අදටත් ප්‍රේක්ෂකයන්ට ඒ නිර්මාණ විතරක් නෙවෙයි ඒ ටෙලිනාට්‍යවල චරිතත් මතකයි. දැන් බහුතරයක් හදන්නේ මෙගා නාට්‍ය. දැනටමත් මට මෙගා ටෙලිනාට්‍ය පිටපත් කිහිපයක් ලැබිලා තියෙනවා. තවම මම තීරණය කළේ නැහැ සම්බන්ධ වෙනවද නැද්ද කියලා. මොකද සල්ලි හොයන්න මම රඟපාන්න කැමැති නැහැ. කරන වැඬේ පිළිවෙළක් වගේම හරයක් තිබුණොත් මම ඊට සම්බන්ධ වෙනවා. නිකම් කරන්නම් වාලේ කරන නිර්මාණවලට සම්බන්ධ වෙන්න මගේ කිසිම කැමැත්තක් නැහැ.
ඔබේ ප්‍රධානම විෂය වෙලා තිබුණේ වේදිකාව සහ සිනමාවයි. ඒත් අපි ඔබව වැඩිහරියක්ම දැක්කේ ටෙලිනාට්‍යවල තමයි. ඒ ගැන කතා කළොත්?
ඇත්තටම මම වේදිකාවෙන් ආපු රංගන ශිල්පියෙක්. මම වේදිකාවට හදවතින්ම ආදරය කරනවා. අවුරුදු තිහක් පමණ මම ටෙලිනාට්‍යවලට කොටු වුණා. ඉතින් මගේ ලොකු ආශාවක් තිබෙනවා මා ලබපු අත්දැකීම් එකතු කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න. දැනටමත් මම පිටපත සකස් කරමින් යන්නේ. සිනමා නිර්මාණයක් කරගැනීමට නොහැකි වුණොත් ටෙලිනාට්‍යයක් හරි මම නිර්මාණය කරනවා.
අද සමාජයේ බහුතරයක් කියන දෙයක් තමයි හොඳ නිර්මාණ දකින්න නැති බව. මෙයට හේතුව?
දක්ෂ රංගන ශිල්පීන්ට පවා අද රඟපාන්න නිර්මාණ නැතුව ගෙදරට වෙලා ඉන්නෙත් මේ හේතුව නිසා. අද ටෙලිනාට්‍ය ලියන සමහරු ටෙලිනාට්‍ය පිටපත් දහයක්වත් කියවල නැහැ. ඒ විතරක් නෙවෙයි නවකතා පහක් විතර ලියනවා. හැබැයි නවකතා දහයක්වත් කියවලා නැහැ. සමහරු කවි පොත් ලියනවා. එක කවි පොතක්වත් දැකලා, කියවලා නැහැ. ඉතින් කොහොමද හොඳ නිර්මාණ බිහිවෙන්නේ?
ඒත් එම නිර්මාණ, සම්මාන රාත්‍රීන්වල ‘හොඳම නිර්මාණය’ බවට නිර්දේශ වෙනවා?
සම්මාන රාත්‍රීන්වල සම්මාන තෝරන විනිශ්චය මණ්ඩලය ගැන මම කිසිම අයුරකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඔවුන් සිනමාව, ටෙලිනාට්‍ය, රූප කාව්‍ය ගැනවත් නොදැනයි නිර්මාණ තෝරන්නේ. කලාව ගැන කිසිම හැදෑරීමක් නැතිව කොහොමද ටෙලි නාට්‍යයක් තෝරන්නේ?

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කිරිඳිඔය අයිනේ RIVER FACE IN

Next Post

පිට්සා හට් වෙතින් Thin Crust පිට්සා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.