• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අවුරුදු 22ක පුතෙකුගේ තාත්ත වෙන්න මං කැමති නෑ

September 7, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ආදරයට හැමෝම කැමැතියි. ආදරය කරන්නත් කැමැතියි. හැබැයි ආදරවන්තයාගේ චරිතය රඟපාන එක පහසු දෙයක් නෙවෙයි. එයට බොහෝ දේ සම්පූර්ණ විය යුතුයි. යම් කෙනෙක් එසේ රඟපාන චරිතය සාර්ථක වීමට නම් රිදී තිරයෙන් හෝ පුංචි තිරයෙන් නරඹන පිරිස එම චරිතය වැලඳගත යුතුයි. ඉතින් එහෙම අතිසාර්ථක ආදර චරිත රැසක් රඟදක්වමින් කාලාන්තරයක් පුරා මෙරට පුංචි තිරය සිය රංගන හැකියාවෙන් ඔපවත් කළ රංගන ශිල්පීන් ගැන කියද්දී ඒ අතරින් මුලින්ම කියැවෙන නමක් තිබෙනවා. ඒ තමයි විශ්ව කොඩිකාර. ඉතින් පුංචි තිරයේ ආදරවන්තයා ‘හාට්’ එකට මොනවද කිව්වේ කියලා බලන්නකෝ.
පසුගිය දවස්වල විශ්ව හදිසියේම කතරගම පැත්තේ කැරකුණේ?
හදිසියක් කියලා නැහැ. ආගම දහමත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. විවේකය ලැබුණාම ඉතින් කොහේ හරි යනවා. හිතටත් සැහැල්ලුවක් දැනෙනවනෙ. මගේ හොඳ යහළුවෙක් විදේශගත වෙලා ලංකාවට ආවා. ඉතින් ඔහුගේ පූජාවක් සඳහා ඔහුත් සමඟ කතරගම ගියා.
හිටි හැටියේ ඇයි ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ?
හිටි හැටියේ නෙමේ. ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයේ චරිතය ආශාවෙන් කරපු චරිතයක්. ටෙලිනාට්‍ය කණ්ඩායම අදට වුණත් කැමතියි මාව සම්බන්ධ කරගන්න. ඒත් ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍ය අවුරුදු 18ක් ඉදිරියට ගෙන ගොස් නිර්මාණය කිරීම තුළ මට කරන්න ලැබෙන්නේ අවුරුදු 22ක විතර පුතකුගේ තාත්ත කෙනකුගේ චරිතයක්. මම ඒකට කැමැති නැහැ. සුරාජ්ගේ චරිතයට මම ගොඩක් ආදරෙයි. ඒත් මම කැමැති නැහැ වයස මුහුකුරා යන වැඩිහිටි චරිතයක් රඟපාන්න. මාව ටෙලිනාට්‍යයෙන් අයින් කළෙත් නැහැ. මම අයින් වුණෙත් නැහැ. මේ චරිතය වෙනස් වීම නිසා මම පැහැදිලි කිරීමක් කළා.
අපි හිතුවේ ‘අහස් මාලිගා’ තුළ අහිංසා නැති නිසා සුරාජ් ඉවත් වුණා කියලයි?
මම ඒකනේ මුලින් පැහැදිලි කළේ. මිනිසුන් විවිධාකාරයි. සිතුවිලි වෙනස්. උදාරි නැති නිසා මම නිර්මාණයෙන් ඉවත් වුණා නෙමේ. එයා අයින් වුණේ එයාගේ පෞද්ගලික හේතුවක් මත. ඒ කිසිවක් මට අදාළ නැහැ. මම ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසයට මම සාධාරණයක් කළා. ඒත් මම දැන්ම වැඩිහිටි චරිත කරන්න කැමති නැහැ.
ජනප්‍රිය රංගන ශිල්පියකු ලෙස කටයුතු කරන ඔබ ඒකාකාරී බවින් මිදෙන්න අදහසක් නැද්ද?
මම කරපු හැම ටෙලිනාට්‍යයකම ප්‍රධාන චරිත රඟපෑවේ ඒ පෙම්වතාගේ චරිත. හැබැයි ඒ රඟපාපු පෙම්වතාගේ චරිතත් විවිධාකාරයි. මම සීනිබෝල චරිත රඟපෑවේ නැහැ. නමුත් මට තවත් පෙම්වතාගේ චරිත රඟපාන්න පුළුවන් කාලයක් තියෙද්දි ඇයි මම පෙම්වතාගෙන් මිදෙන්නේ. මම තාත්තා කෙනෙක්ගේ චරිතයක් කළා ‘පැහැසරා’ ටෙලිනාට්‍යයේ. හැබැයි මගේ දරුවා පොඩියි. ඉතින් දැන්ම ලොකු පරාසයකට යන්න මම කැමැති නැහැ. මම මැරෙනකම් පෙම්වතා වෙනවා කියන්නේ නැහැ. නමුත් පුළුවන් කාලේ මගේ සීමාව තුළ ඉන්නවා. බැරි වුණු කාලෙට අලුත් පිරිසක් ඉඳීවි පෙම්වතාගේ චරිතයට. අන්න එදාට මම ඕනෑම චරිතයක් රඟපානවා.
ඔබගේ ආදරය ගලාගෙන එන්න පටන් ගත්තෙත් පෙම්වතාගේ චරිත රඟපානවා දැකලා නේද?
ඔව්. මගේ බිරිය මගේ හොඳ රසිකාවියක්. ඉතින් ඇය අදටත් මම රඟපාපු ‘පබළු’, ‘අමා’ ටෙලිනාට්‍යවලට ආදරය කරනවා. එයා මාව දැක්කෙත් ඒ ටෙලිනාට්‍ය හරහා තමයි. ඇයගෙන් මට කිසිම බාධාවක් නැහැ පෙම්වතාගේ චරිත රඟපාන්න.
අද තිබෙන පාසල් කතා රැල්ලත් එක්ක විශ්වට පෙම්වතාගේ චරිත අඩු ඇති නේද?
මමත් පාසල් ඇඳුමෙන් සැරසිලා පෙම්වතාගේ චරිත රඟපෑවා. එහෙම කරන එක මට අදාළ නැහැ. මට වඩා දැනුම තිබෙන අය මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. ඉතින් කරන නිර්මාණයකින් සමාජයට හොඳ පණිවුඩයක් දීමයි වැදගත්. මම ඇඳුමක් ඇන්දත් එය අඳින්නේ ආදර්ශවත් විදියට. මම රඟපාපු කිසිම චරිතයක් සමාජය විනාශ කරන චරිත රඟපාලා නැහැ.
ටෙලිනාට්‍යවල සිහින කුමාරයා වුණාට තවම විශ්වට සිනමාවේ සිහින කුමාරයා වෙන්න බැරිවුණා නේද?
ඒක නම් මටත් ප්‍රශ්නයක්. මමත් ගොඩක් කැමැතියි චිත්‍රපටයක පෙම්වතාගේ චරිතයක් රඟපාන්න. මම චිත්‍රපට 5කට වඩා රඟපාලා නැහැ. ඉතින් චිත්‍රපටයකට තෝරගන්නේ එයට ගැළපෙන කෙනා. ඉතින් අපේ සිනමාවේ සිහින කුමාරයා විදියට මම දකින්නේ හේමාල් රණසිංහ. මම ඔහුව ගොඩක් අගය කරන කෙනෙක්.
මේ දවස්වල කොහොමද වැඩකටයුතු?
ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. එයට අමතරව මගේ ලොකු ආශාවක් තියෙනවා ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න. බලමු ඉදිරියට.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

තිරසර ජීවන රටාවක් ගොඩනැංවීම සඳහා යුනිලිවර් හා රිචර්ඞ් පීරිස් එක් වෙයි

Next Post

හොඳට නරකට දෙකට සෙනසුරු

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.