යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයෙහි ප්‍රධාන ව්‍යාපාරික දර්ශනය වන “නිවැරැදි දේ කරමින් නිවැරැදිව ක්‍රියා කරමු” අනුව, රිචඞ් පීරිස් බෙදාහරින්නන් සමඟ එක්ව පවත්වන ලද “No More Silly Silly”ප්‍රවර්ධන වැඩසටහනේ තුන්වැනි අදියර පසුගියදා ආරම්භ කරන ලදී.
දිවයින පුරා පිහිටි සියලුම ආර්පිකෝ සුපර් සෙන්ටර් අලෙවිසල් තුළ යුනිලිවර් හා ආර්පිකෝ සන්නාමය සහිත පරිසර හිතකාමී බෑග් භාවිතය පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 2017 ජූලි මාසයේ ආරම්භ කළ අතර, මේ වන විටත් රට පුරා විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇත.
මෙහි ප්‍රථම අදියරේ අරමුණ වූ පොලිතින් බෑග් ලක්ෂ 2 පරිසරයට එක්වීම වැළැක්වීම ආයතන ද්විත්වයේම එකතුවෙන් අති සාර්ථකව නිම කළ අතර පසුගියදා ආරම්භ වූ තුන් වැනි අදියර තුළින් පොලිතීන් බෑග් මිලියන 1ක් පාරිභෝගික භාවිතයෙන් ඉවත් කිරීමට අරමුණු කොට ගෙන ඇත. එමගින් වාතයට එකතුවන කාබන් විමෝචනය ටොන් 187 කින් අඩු කරගැනීමට අපේක්ෂිතය.
පාරිභෝගික හැසිරීම් රටාව තුළ වෙනසක් ඇති කිරීමටද, එම වෙනස වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමටද, සියලු පාරිභෝගික කොටස් අතර පරිසරහිතකාමී පුරුදු පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමටද, යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය සහ රට පුරා විසිරී ඇති ආර්පිකෝ සුපර් සෙන්ටර් අලෙවිසල්වල සම්බන්ධීකරණයෙන්, අගෝස්තු මස සිට ඔක්තෝම්බර් මස 15 වැනිදා දක්වා මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයේ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ අරුණ මාවිල්මඩ මහතා ඒ පිළිබඳ සඳහන් කරමින්, “යුනිලිවර් ආයතනයෙහි අරමුණක් සහිතව විකිණීම් සංකල්පයට පෙළගස්වන ලද මෙම වැඩසටහන තුළින් අප නියෝජනය කරන සෑම රටකම වෙළෙඳපොළවල්හි පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් කිරීමටද, ස්ථාවර ජීවිතයක් ගත කිරීමට ද අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. දුෂ්කර කාලගුණය හා අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලු සලකා බලා පාරිභෝගිකයන් තුළ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මේ සත්කාර්යය අප ඉටු කරන්නේ ඉතාමත් සාඩම්බරයෙනි” යනුවෙන් සඳහන් කරන ලදී.