⬤ චරිතය වගේම ටෙලිනාට්‍ය ගැනත් හිතල වැඩ කරන්න ඕනෙ….
⬤ අයුතු යෝජනා ආවා ගොඩක්…
කුමාරි සල්ලිකාර පවුලක එකම දියණිය. එහෙත් ඇයගේ සහකරුවා ඇය අතහැරදමා යෑමත් එක්ක ඇයගේ ජීවිතයට හයියක් වන්නේ තම පියා. එහෙත් ඉදිරියේදී කුමාරිගේ ජීවිතයට මොනවගේ ඉරණමක් වෙයිද කියා අපි නොදනී. මෙවැනි කුමාරිකාවන් අද සමාජයේ ඕනෑ තරම් සිටින අතර, එවැනි කුමාරිකාවක් අපට හමුවන්නේ ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍ය හරහායි. ජාතික පුවත්පතකට ප්‍රථම වතාවට කතා කළ ඇය සශිණි හංසිමායි.
🔴 ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍යයේ ඔබ පළමු වරට සුවිශේෂී චරිතයක් නිරූපණය කරමින් ප්‍රේක්‍ෂකයන් අතරට ඇවිත් තිබෙනවා. ඒ ගැන කිව්වොත්?
මම ගොඩාක් ආශාවෙන් රඟපාපු ටෙලිනාට්‍යයක් තමයි ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍ය. ඒත් මම හිතුවේ නැහැ ඒ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් මට රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා. මම සුවිශේෂී චරිතයක් රඟපාන පළමු අවස්ථාව මෙයයි. ඉතින් ඒ නිර්මාණයට මාව තෝරාගත්ත සියලුම දෙනාට මම ස්තුතිය පුද කරනවා.
🔴 ‘කුමාරි’ ලෙසට තමයි ඔබ දැන් ගොඩදෙනෙක් දැනහඳුනන්නේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රේක්‍ෂක ප්‍රතිචාර හොඳයි. මොකද මේ දවස්වල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් තමයි ‘මැටි කඩුළු.’ ගොඩදෙනෙක් ටෙලිනාට්‍ය නරඹන නිසා කුමාරිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
🔴 ඔබ සමඟ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රඟපානවා. ඔවුන්ගෙන් ලැබුණු සහාය ගැන මතක් කළොත්?
අපි මේ ක්‍ෂේත්‍රයට අලුත්. ඉතින් අපි වගේ අයට මෙවැනි සුවිශේෂී චරිත ලැබෙන ඉඩකඩ ප්‍රමාණය අඩුයි. ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍යයේ මගේ පියා ලෙසට රඟපාන්නේ ජයසේකර අපොන්සු. ඉතින් ඔහු සමඟ මට රඟපාන්න ලැබීමත් හීනයක් වගෙයි තවමත්.
🔴 ‘කුමාරි’ ඔබට දැනුණේ කොහොමද?
‘කුමාරි’ හොඳ සල්ලිකාර පවුලක එකම දුවයි. කුමාරිගේ ජීවිතය කඩාවැටීමත් එක්ක ඇය අවසානයේ එන්නේ පියාගේ අවුහරණට. ඉතුරු හරිය මම කියනවාට වඩා වැදගත් නාට්‍ය බලන එක කියලයි මම හිතන්නේ.
🔴 ටෙලිනාට්‍යයක මෙවැනි චරිතයක් නිරූපණය කිරීම ඔබට අභියෝගයක් වන්නට ඇති?
එය ගැන කිවයුතුමයි. මොකද මම කලින් කිවුවා වගේම අපි මේ ක්‍ෂේත්‍රයට අලුත් නිසා අත්දැකීම් අඩුයි. ඉතින් අපි වගේ අලුත් පිරිසක් මෙවැනි ජනප්‍රිය ටෙලිනාට්‍යයකට සම්බන්ධ කරගන්නා විට අපි චරිතයට වගේම ටෙලිනාට්‍ය ගැනත් හිතල වැඩ කරන්න ඕනෑ. ඉතින් මට වැරැදුණු වාර අනන්තයි. ඒත් ඒ හැම දේම හදාගෙන චරිතයට ගැළපෙන විදියට මාව හසුකර ගැනීමට ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නිමල් රත්නායක සර් ලොකු සහායක් දුන්නා. ඔවුන් දක්වපු සහයත් එක්ක මගේ හිතේ තිබුණු බයත් දුරුවෙලා ගියා.
🔴 මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන අලුත් පිරිසට අයුතු යෝජනා එන බව ආරංචියි නිර්මාණවලදී. ඔබටත් එවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුණාද?
ඔය දේවල් මම අහලා තිබුණා වගේම මටත් එවැනි යෝජනාවල් ආවා. ඒත් මම මගේ චරිතයට හානි වන විදියට කටයුතු නොකර හෙමින් ගමනක් ආවා.
වසන්ත විතාරණගේ