• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අක්කයි නංගියි ගහන අලුත්ම ගේම

January 2, 2021
in Heart
Reading Time: 3 mins read
A A
අක්කයි නංගියි ගහන අලුත්ම ගේම
Share on WhatsAppShare on Facebook

කාගේවත් බලපෑමක් නැහැ…

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ බුවිනි චාපා දියලගොඩ කලා ක්‍ෂේත්‍රයෙන් සමුගෙන වසර කිහිපයක් වෙනවා. ඒ සමුගැනීමට තිත තියමින් ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගේ ඉල්ලීම මත නැවැත මේ වසරේ රඟපෑම් කටයුතුවලට යොමු වන බව ආරංචි වුණා. ඉතින් ඇයගේ ඉදිරි කලා දිවියට සුබපැතුම් එකතු කරමින් කාලයකට පස්සේ ඇය සමඟ අපි කතා කළා.
බුවිනි දැන් ව්‍යාපාර පැත්තට යොමුවෙලා බරට වැඩ වගෙයි නේද?
ඔව්… මගේ සැමියා ව්‍යාපාර කටයුතු කරන නිසා ඔහු සමඟ එකතු වෙලා ඔහුට ශක්තියක් දෙනවා. මොකද මෙච්චර කාලයක් ඔහු තනියමනේ වැඩ කළේ. මගේ සහය නිසා ඔහුටත් හයියක් කියලා මම හිතනවා.
අක්කා, නඟාලා ලොකු සැලසුමක් කරගෙන යන බව ආරංචියි. මොනවගේ සැලසුමක්ද ඒ?
මමයි, අක්කයි එකතුවෙලා ව්‍යාපාරයක් කරන්න තමයි සැලසුම මේ අලුත් අවුරුද්දේ. එය ගැන කතා කරමින් සැලසුම් කරගෙන යනවා. ඉක්මනින්ම ඒ වැඩකටයුතු පටන් ගන්නවා.
රඟපෑම් කටයුතුවලින් සෑහෙන කාලෙකින් දැක්කේ නැහැ. කාගෙන්වත් බලපෑමක් ආවද රඟපෑමෙන් ඉවත් වීමට?
මට එහෙම කාගෙන්වත් බලපෑමක් ආවේ නැහැ. අවුරුදු තුනකින් විතර නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. පවුල් ජීවිතයට මුල්තැන දෙන්න කියලා මම හිතලා තමයි ඒ තීරණය ගත්තේ. හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ආවොත් අලුත් අවුරුද්දේ සම්බන්ධ වෙන්න ලොකු ආශාවක් තියෙනවා.
වර්තමානයේ දකින රංගන ශිල්පීන් සමඟ ඔබටත් යමක් කරන්න අදහසක් නැද්ද?
ඔවුන්ගේ දක්‍ෂතා දකින කොට මටත් පොඩි සතුටක් වගේම ආශාවක් ඇති වෙනවා. ඒ වගේම වෙලාවකට පුංචි දුකක් දැනෙනවා. මෙච්චර කාලයක් නිහඬව හිටිය එක ගැන.
ජනප්‍රියම කිරුළට ඇවිත් ආපසු හැරයෑම අපරාධයක් නේද?
‘2018 රයිගම් ටෙලි සම්මාන’ උළෙලේ මම කරපු චරිතයකට නැඟී එන නිළියට මට සම්මානය හිමිවුණා. ඒ සම්මානයත් එක්ක මම නිර්මාණවලට සම්බන්ධ වීම නතර කළා. හැබැයි 100%ක්ම කලාවෙන් ඈත්වෙලා නැහැ.
කලාවෙන් මඳකට සමුගත්තත් නිර්මාණවලින් ආරාධනා තවම අඩුවක් නැතිව ඇති?
ටෙලිනාට්‍යවලින් මට තවමත් ආරාධනා එනවා. මේ ළඟදිත් ටෙලිනාට්‍ය දෙකකින් මට කතා කළා. ඒත් මම සම්බන්ධ වුණේ නැහැ.
මඟතොටදී ඔබට හමුවන ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
ඔවුන් මට නිතරම කියන්නේ නැවැත රඟපාන්න කියලා. ආශාවෙන් බලාගෙන ඉන්නවා මම ඉන්න නිර්මාණයක් දැකබලා ගන්න. එහෙම කියන කොට මටත් ඔවුන් ගැන දුක හිතෙනවා. මම ඔවුන්ට කළේ ලොකු අසාධාරණයක් කියලා. ඒ නිසාම තමයි අලුත් අවුරුද්දෙ ඉඳලා හොඳ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට හිතුවේ.
රඟපෑමෙන් ඉවත් වුණත් නිවේදන කටයුතුවලින් නම් සමුගෙන නැහැ වගෙයි?
මම එදා ඉඳලා නිවේදන පැත්තට ලොකු ආශාවක් තිබුණා. ඒ නිසාම විවිධ වැඩසටහන් නිවේදන කටයුතු කළා. මේ දවස්වල ‘ශ්‍රද්ධා’ රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් විදියට වැඩකරගෙන යනවා.
අලුත් අවුරුද්දේ තවම සුබ ආරංචියක් නැද්ද?
මේ අවුරුද්දේ එය ගැනත් හිතනවා. කාලය ඒ හැමදේටම පිළිතුරු දෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඇඟපතින් ලොකු වුණාට මම තාම පොඩියි

Next Post

කටට සැරට සැප දෙන කොච්චි කරල

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.