• About us
  • Contact us
Wednesday, June 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගීතා ෆිල්ම් එක යට ගහලා කළේ මහා අපරාධයක්

February 13, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ගීතා ෆිල්ම් එක යට ගහලා කළේ මහා අපරාධයක්
Share on WhatsAppShare on Facebook

⬤ ටෙලි 200ක රඟාපාපු ආටි හාමු ටිකක් අසනීපෙන්…

⬤ කොටස් 20න් මරන්න හදපු ආටි හාමුව කොටස් 400ක් වනතුරු ජීවත් කෙරෙව්වේ රසික ආදරය නිසා…

‘බට්ටි’ ටෙලිනාට්‍යයේ ‘ආටි හාමු’ගේ චරිතය, ‘බට්ටි’ කෙල්ල සහ ‘සුරීන් හාමු’ගේ චරිතය තරමටම ප්‍රේක්‍ෂක සිත් තුළ නිදන් ගතවිය. ‘ආටි හාමු’ගේ ස්වරූපයට සහ රංගනයට ප්‍රේක්‍ෂකයන් කොයිතරම් ප්‍රිය කළාදැයි කියනවා නම්, කොටස් 20කින් පමණ පරලොව යවන්නට බලාපොරොත්තුව ලියැවුණු තිර පිටපතද පසුව වෙනස් වූයේ ‘ආටි හාමු’ට කොටස් 400ක පමණ රඟන්නට අවැසි ජීවය දෙමිනි. ‘ආටි හාමු’ගේ අහංකාර, දඩබ්බර චරිතයට පණදුන්නේ ලයනල් වික්‍රමය මනා පෞරුෂයකින් හෙබි ලයනල්ව බොහෝ විට තෝරා ගැනුණේද කුලවත් චරිත නිරූපණයන් සඳහාමය. ටෙලිනාට්‍ය 200කට පමණ රංගනයෙන් දායක වී තවමත් විවිධ චරිත අතර, තම හැකියාව ප්‍රගුණ කරන, ලයනල් වික්‍රම ගැන තොරතුරු අසා දැනගන්නට අප ගත් උත්සාහයක සුහද වෑයම මෙසේ අකුරු කරන්නෙමු.
🔴 කොහොමද ඉතින් ඔබේ සුවදුක්?
මේ දවස්වල නම් මම ටිකක් අසනීපයෙන්. පසුගිය දවස්වල පොඩි හාට් ඇටෑක් එකක් හැදුණා මට. පටන් ගත්ත සහ පටන්ගන්න හදන වැඩ කිහිපයක්ම ඒ හින්දා ඇනහිටලා තියෙන්නේ.
🔴 ඒ කියන්නේ ඔබ බාගෙට රඟපෑ සහ බාරගත් තිරපිටපත් ගැනද ඔය කියන්නේ?
ඔව්… නාලන් මෙන්ඩිස්ගේ ‘නෑනලා’ හී රූගත කිරීම් අරඹන්නයි සූදානම. මගේ චරිතයට අදාළ කොටස් නිසා ඔවුනට මාව අවශ්‍යයයි. ඒ අතර ලලිත් පන්නිපිටිය ඔහුගේ අලුත්ම නිර්මාණයට මට ආරාධනාකර තිබෙනවා. කොරෝනා අවදානම නිසා තමයි තවමත් මම ඔවුනට වචනයක් නුදුන්නේ.
🔴 ‘ඇල්ල ළඟ වලව්වෙන්’ ආරම්භ කළ ටෙලි කලාව තුළ තවමත් ඔබ රඟපානවා?
මගේ පළමු ටෙලිනාට්‍ය ‘ඇල්ල ළඟ වලව්ව’ නෙවෙයි. පළමුව මම රඟපෑවේ ‘ගඟුළෙන් එගොඩට’ ටෙලිනාට්‍යයෙයි. එය ධර්මසේන පතිරාජගේ අධ්‍යක්‍ෂණයක්. ඒ වාගෙම එය ලංකාවේ පළමු ටෙලිනාට්‍ය ලෙසයි රූගත කිරීම් ඇරැඹුණේ. නමුත් විකාශනය වන විට එය ලංකාවේ හතරවැනි ටෙලිනාට්‍ය වුණා. එයට පසුව තමයි මට ධර්මසේන පතිරාජගේම ‘ඇල්ල වලව්ව’ත් ලැබුණේ.
🔴 ඔබත්, පතිරාජත් අඹයහළුවෝ තරමට හිතවත්ලු?
ඔව්… මට පතිරාජ වාගේම දයා තෙන්නකෝනුත් හරිම හිතවත්ව හිටපු අය.
🔴 රඟපෑමට එක්වූයේ පතිරාජගේ හිතවත්කම නිසාද?
අපොයි නැහැ… රංගනයට ආරාධනා ලැබුණේ සෝමසිරි දෙහිපිටියගෙන්. ඒ ආරාධනය ලැබුණේ තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයටයි. ඉන්පසු ගාමිණී ෆොන්සේකා ඔහුගේ ‘සක්විති සුවය’ සහ ‘සාගරයක් මැද’ චිත්‍රපට සඳහා මට ආරාධනා කළා. ඒ අතර පතීගේ ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයෙත් පොඩි කැරැක්ට එකක් ලැබුණා.
🔴 නොසිතූ ලෙසයි ඔබ රංගනයට පිවිසුණේ?
සත්තකින්ම ඔව්.., පාසල් වේදිකාව තුළවත් මම රඟපාලා තිබුණේ නැහැ. ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් හැටියට සේවයේ යෙදිලා ඉන්න කොට තමයි සෝමසිරි දෙහිපිටියගෙන් ආරාධනාව ලැබුණේ. ඉන්පස්සේ රැකියාවෙන් චිශ්‍රාම ගත්තාට පසු රඟපෑම ජීවිතේම කොටසක් වුණා. ඇත්තෙන්ම එයින් මා ලැබූ ආත්ම තෘප්තිය මෙතකැයි කියන්නට බැහැ.
🔴 සිනමාවෙන් ටෙලිවලට ආවේ පතිරාජගේ ආරාධනය මතද?
ඔව්… ‘ගඟුලෙන් එගොඩට’ ටෙලියට ඔහු මට ආරාධනා කළා. ඒ අතර, ඔහුගේ ටෙලි නිර්මාණවල ‘ප්‍රඩක්ෂන් එක්ස්එකටිව්’ විදියටත් මම කටයුතු කළා.
🔴 ‘බට්ටි’ ටෙලිනාට්‍යයේ ‘ආටි හාමු’ ලෙස ඔබ ප්‍රේක්‍ෂකයන් අතර නම තිබ්බා?
‘බට්ටි’ කියන්නේ වික්‍රමනායක ‘සතුට’ පත්තරයට කළ ජනප්‍රිය චිත්‍ර කතාවක්. රොජර් එය නිෂ්පාදනය කිරීමට සැරැසුණේ ‘ආටි හාමු’ගේ චරිතයට මට ආරාධනය කරමිනුයි. කොටස් 20කින් හාට් ඇටෑක් හැදිලා මරාදාන්න හිටපු ‘ආටි හාමු’ව ඔවුන් කොටස් 400ක් වනතුරු ජීවත් කෙරෙව්වේ ඒ චරිතය එච්චරටම ප්‍රේක්‍ෂකයා අතර සිදුවූ නිසා තමයි.
🔴 ‘බට්ටි’ සඳහා රොජර් ඔබට ආරාධනා කරන විට පතිරාජ එයට විරුද්ධ වූයේ රොජර් සමඟ අමනාපයකටද?
අයියෝ නැහැ.., එයට හේතු වුණේ ඒ දවස්වලම මම පතිරාජගේ ‘කම්පිත විල’ ටෙලිනාට්‍යයට දින දීලා තිබුණු නිසයි. පතිරාජ හිතුවේ මේ චරිත දෙකම කරන්නට ගිහින් මම ‘කම්පිත විල’ අවුල් කරගනීවි කියලයි.
🔴 ඔබ පතිරාජට විරුද්ධ වීම නිසා ඔහු අමනාප වූයේ නැද්ද?
අප අතර තිබුණු හිතවත්කම බොහොම තදයි. පතිරාජ ඒතරම් පටු මිනිහෙක් නෙවෙයි. මමයි පතිරාජයි විතරක් නෙවෙයි, දයා තෙන්නකෝන්ද ඒ මිත්‍රත්වයෙහි එක් පුරුකක්. ඒ දිනවල ‘සිංහ වීඩියෝ’ නමින් ප්‍රඩක්ෂන් එකක් නිර්මාණය වූයේද අපි තුන්දෙනාගේ සමාගමය හරහා තමයි. අද ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නැහැ… මා පමණක් ඉතිරිව ඉන්නවා… ඇත්තෙන්ම ඒ හිතවත්කම හරි අපූරු එකක්. පතිරාජගේ හදිසි වියෝව සිංහල සිනමාවට, ටෙලිකලාවට වාගෙම මටත් විශාල පාඩුවක් වුණා.
🔴 පතිරාජ අධ්‍යක්‍ෂණය කළ ‘වාසුකී’ චිත්‍රපටයට මොකද වුණේ, කියන ප්‍රශ්නයට උත්තර ඔබ ළඟ තියෙනවද?
ඔව්… එයට උත්තර සැපයීමට මම පැකිලෙන්නේ නැහැ. ‘වාසුකී’ කියන්නේ පතී කළ හරි උසස් චිත්‍රපටයක්. මමද එහි රංගනයෙන් දායක වූවා. ‘වාසුකී’ නිෂ්පාදනය කළේ ගීතා කුමාරසිංහයි. ඉතා අලංකාර තිර පිටපතකින් එය හැඩවූයේ සරත් ගුණරත්නගේ නිර්මාණශීලීත්වය හරහායි. ‘වාසුකී’ රූගත කිරීම් අවසාන භාගයට පැමිණි විටක ගීතා කුමාරසිංහ පතිරාජට කිවුවා තිරපිටපත වෙනස් කරලා චිත්‍රපටය නැවැත රූගත කරමු කියලා. පතී එයට කැමැති වුණේ නැහැ. ගීතා කුමාරසිංහ තදින්ම කියා සිටියා මෙය තිරපිටපත සමඟ වෙනස් විය යුතුය කියා. එයට පසු පති කිව්වා සරත් ගුණරත්න සමඟ කතාබහ කරන්න, මට තිර පිටපත අයිති නැතයි කියලා. ඉන් පස්සේ ගීතා සරත්ට කතා කළත් ඔහු තිර පිටපත වෙනස් කරන්න කැමැති වුණේ නැහැ.
🔴 ‘වාසුකී’ අතරමග නතර වුණාද?
නැහැ… ‘වාසුකී’ සියල්ල අවසන් වෙලා තිරගත කිරීමට අවැසි සූදානමක තිබුණා.
🔴 පතිරාජගේ හදිසි වියෝව ‘වාසුකී’ තිරගත කිරීමට බාධාවක් වූවා වෙන්නට බැරිද?
එවැන්නක් සිදුවූයේ නැහැ… සිදුවූයේ නිෂ්පාදිකා ගීතා කුමාරසිංහ ‘වාසුකී’ තම අත යටට ගැනීමයි. ඈ එය තිරගත නොකරන හේතුව කුමක්දැයි කියා අදටවත් දන්නේ නැහැ.
🔴 තිරපිටපත වෙනස් නොකළ අමනාපය නිසා ගීතා ‘වාසුකී’ නිදහස් නොකරනවාද?
සමහරවිට එය හේතුවක් වීමට පුළුවන්. හැබැයි ‘වාසුකී’ වැනි කලාත්මක නිර්මාණයක් එලෙස සඟවාගෙන සිටීම අපරාධයක්… පතිරාජ වැනි උසස් නිර්මාණකරුවකුට උපහාරයක් ලෙසවත් ‘වාසුකී’ තිරගත කරන්නේ නම් එය ඉතා හොඳ මෙහෙවරක් වේවි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නුඹ නාඩන් නුඹ නාඩන් විමලෙ ඕවා හොඳ පාඩම් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

විවාහයේදී නොගැළපෙන ලග්න ඇවිළෙන හැටි

MORE NEWS

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News
Heart

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Heart

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News
Heart

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News
Heart

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News
Heart

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News
Heart

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

Load More
දකුණේ සංචාරක කර්මාන්තයේ පිම්මක් පනින්න ලෑස්තියි! ගාල්ලටත් කොළඹ වගේ ‘පෝට් සිටි’ එකක් එනවා! හෙක්ටෙයාර් 45ක් ගොඩකරන්න ලෑස්තියි! I Sri Lanka Latest News
Exclusive

මාස 3ට පෝර්ට් සිටියට ඩොලර් මිලියන 600ක් ඇවිත්! I Sri Lanka Latest News

මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක්, ඩොලර් මිලියන හයසියයක ආයෝජන කොළඹ වරාය නගරයට පැමිණ ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික...

Read more
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාලිමා ආණ්ඩුවේ තුනෙන් දෙක දණගස්වයි! විපක්ෂය නැගිටියි! සජිත්ගෙන් සටන්කාමී ඉනිමක්! VIDEO I Sri Lanka Latest News

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.