ලෝ ප්‍රකට ව්‍යාපාරිකයකු වන බිල් ගේට්ස් මහතා ලබන වසරේ ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවට වූ සිරස්තලය යොදා ලංකාදීප වෙබ් අඩවිය පළකොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වේ.
එම සිරස්තලයට අනුව බිල් ගේට්ස් මහතා ලංකාවට එන බව වාර්තා කොට තිබුණත් පුවතට අනුව තවමත් බිල් ගේට්ස් මහතා හට ලංකාවට පැමිණීමට ආරාධනාවක් හෝ කොට නොමැත.
නමුත් ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු කොට ඇති බවත්, ඊට අදාලව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හෙයිම් මහතාට හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා වෙත බාරදී ඇති බවත් එම පුවතේ සදහන් වේ.
කෙසේවෙතත් ලංකාදීප හිමිකරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සදහා මෙම සමුලුවට බිල් ගේට්ස් පැමිණෙන බවට වූ පුවතක් ලංකාදීප වෙබ් අඩවිය පළ කොට තිබුණේ පහත පරිද්දෙනි.
ලංකාදීප වෙබ් අඩවිය එම පුවත වාර්තා කර තිබුණේ මෙසේය.
බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට
ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු තිබේ.
ඊට අදාලව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හෙයිම් මහතාට හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා වෙත බාරදී ඇත.
මෙම තීරණයට එළැඹ ඇත්තේ එරික් සෝල්හෙයිම්, රුවන් විජයවර්ධන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සැකච්ඡා කළ අවස්ථාවේදීය.
ලෝකයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නිරතවන ප්‍රධානීන් රැසකට මෙරටට ආරාධනා කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරික් සෝල්හෙයිම් මහතාට දැනුම් දී තිබේ. එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට සැලසුම් කර ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එසේම ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් මහතාට ද මෙරටට ආරාධනා කිරීමටත් ඔහුත් සමඟ එක්ව දේශගුණික විපර්යාස කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමටත් මෙහිදී තීන්දුවී තිබේ. ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ පනත ලබන වසරේ මුල් කාර්තුවේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය කර ඇත.