• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අපි වින්දා නින්දා – මව නින්දා වින්දා…’ කොටිත් එක්ක යුද්ධ කරපු වීර තාත්තා ‌ගැන යොහානි පළමු වරට කතා කරයි!

October 26, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
‘අපි වින්දා නින්දා – මව නින්දා වින්දා…’ කොටිත් එක්ක යුද්ධ කරපු වීර තාත්තා ‌ගැන යොහානි පළමු වරට කතා කරයි!
Share on WhatsAppShare on Facebook

යොහානි ගැන අපි මේ වෙද්දි බොහෝ දේ කතා කරලා තියෙනවා. ඒ හින්දාම යොහානි ගැන බොහෝ දේවල් අපි දන්නවා. ඒත් මේ රටක් වටින යෞවනිය ගැන දැනගන්න තවත් බොහෝ දේ අපිට තියෙනවා. මේ ටිකක් පැරැණි කතාවක්. යොහානි මීට මාස කිහිපයකට පෙර කියපු කතාවක්. ඒත් යොහානි කියන්නේ කවුද කියලා මුළු ලෝකයම දන්නේ දැන්. ඒ හින්දා මේ කතාව නැවත අහන එක හොඳයි කියලා අපිට හිතුණා. ඇත්තටම මේක යොහානිගේ පෞද්ගලික කතාව. ඒත් තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කිරීමට උර දුන් රණවිරුවන්ගේ දූ දරුවන් රාශියක් මේ අත්දැකීම විඳින්න ඇති. මේ යොහානි මීට මාස කිහිපයකට පෙර හරි ටී. වී. යූ ටියුබ් නාළිකාව සමඟ කළ සාකච්ඡාවක්.

මෙච්චර දේවල් ඉගෙන ගත්ත දුව ගායිකාවක් වුණු එක ගැන අම්මයි තාත්තයි දැන් මොකද කියන්නේ?

දැන් ඒ ගොල්ලෝ ගොඩක් ආඩම්බරයි. මගෙ වීඩියෝස් බලනවා. තාත්තිගේ රිගින්ග් ටෝන් එකත් මගේ සිංදුවක් දැන්. ඉස්සර නම් පොඩ්ඩක් ඒ ගොල්ලන්ට හිතා ගන්න බැරි වුණා ඇයි මං මියුසික් කරන්නේ කියන එක. අපේ ගෙදර කාමරයක් තියෙනවා. ඒක මගේ කාමරේ නෙවෙයි. ඒක ඒගොල්ලෝ දුන්නා ඒක ස්ටුඩියෝ එකක් කර ගන්න.

රැව්වත් දෑසින් කියන ගීතයේ තියෙන්නේ ඇත්ත කතාවක්ද?
ඔව්. ඇත්ත කතාවක්.

කා ගැනද ඔබ ඒ ගීතයෙන් කියන්නේ?
මගේ තාත්තා ගැන.

තාත්තා ගැන කියලම අපි ගීතය ගැන කතා කරමු?
තාත්තා වැඩිය කතා කරන්නේ නැහැ. උදාර රණවිරුවෙක් තාත්තා. තාත්තා ජෙනරල් ප්‍රසන්න ද සිල්වා. අපිට ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා.

ඇයි ඔය ගීතය ලිව්වේ. මොකක්ද ගීතයේ කතාව?
ගීතයේ කතාව ඇත්තටම මං පොඩි කාලේ වුණු දේවල්. ඒ කියන්නේ රණවිරුවෙක්ගේ දුවෙක් හැටියට මුහුණ දුන්නු දේවල්. ඒක මගේ ජීවිත කතාව. මේක ලිව්වේ චමිඳු. මං මුළු අදහසම එයාට කිව්වා. ඒකේ මං එක තැනක කියලා තියෙනවා අපි වින්දා නින්දා සහ මව නින්දා වින්දා කියලා. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. අපි ස්කෝලේ යන කාලේ ගුරු දෙගුරු රැස්වීමට තාත්ති එන්නේ නැහැ. මොකද තාත්ති කොළඹ නැති නිසා. ඉතිං ගොඩක් අය අම්මට කියන්න ගත්තා හස්බන්ඩ් කෙනෙක් නැහැ කියලා. මං දන්නෙ නැහැ. ඒක හරි අමුතුයි. ඒ දවස්වල මටයි නංගිටයි මේක හරියට තේරුණේ නැහැ. අපේ ළමයිනුත් සමහර වෙලාවට එහෙම කියනවා. අපි ඉතිං ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ.
ඒ සිංදුවේ තව තැනක මම මෙහෙම කියනවා. “තිබුණේ නැහැ හරි ළමා කාලයක්. තිබුණෙම ගැහෙනා නිහඬ භාවයක්. රටින් රටට පිය මනින තාලයක්. එකට කෑවේ නැහැ සෑහෙන කාලයක්” කියලා. තාත්ති ඒ කාලේ එක එක රටවලට යනවා. එහෙම ගියාම අපිට තාත්ති එක්ක ඉන්න තිබුණු කාලේ ගොඩක් අඩුයි. ඒ වගේම අපි පාසල් යන කාලේ අපේ තැන් වෙනස් වෙන නිසා යාළුවෝ වෙනස් වෙනවා. එක තැනක නැති නිසා අපිට සබඳතා හදාගන්න වෙලා තිබුණේ නැහැ. ඒත් එක්කම සමහර වෙලාවට අපිට ස්කෝලේ එන්න එපා කියලා ස්කෝලෙන් කියනවා. යුද්ධෙ කාලේ අපි ස්කෝලේ එය එක අනිත් අයට තර්ජනයක් වේවි කියලා එහෙම කිව්වේ. ඒ වගේ ඒවත් තිබුණා.

ඔය ප්‍රශ්න ඔයා වගේ හැම රණවිරුවෙකුගෙම දරුවන්ට තියෙන්න ඇති. කොහොමද ඒවාට මුහුණ දුන්නේ?
ඒවා ගැන අපිට වැඩිය තේරුණේ නැහැ. යුද්දේ වෙලාවේ තාත්ති අපි එක්ක නෙවෙයිනේ හිටියේ. හදිසියේ හරි මොනවා හරි වුණොත් අපි මොකක්ද කරන්නේ කියන එක තමයි අපේ ඔළුවේ තිබුණේ. ඒ කියපුවා, ස්කෝලේ එන්න එපා කියපුවා අපිට හරියට දැනුණේ නැහැ. ස්කෝලේ එන්න එපා කිව්වම, අපි හරි එන්නේ නැහැ කියලා නොගිහින් හිටියා. එහෙම වෙලාවල් නම් ඕනෑ තරම් තිබුණා.මේකෙ තව තැනක කියනවා “වෙඩි නොවදින වව්නියාව. මතකද නංගිගෙ හුරතල් හිනාව. මට තාම මතකයි ඔබෙ සුවඳ. හැමදාම හඬවයි අම්මේ. තාත්තා කෝ.” කියලා.

තාත්තා කෝ කියලා ජීවිතේ ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් අහලා ඇති නේද?
හමුදාවේ තාත්තලා හිටපු දරුවෝ ගොඩක් වෙලාවට තාත්තලා දැක්කේ ටී. වී. එකේ විතරයි. ආරක්ෂක හේතූන් හින්දා කෝල් කරන්නෙත් නැහැ. සමහර වෙලාවට තාත්තට තවම ප්‍රශ්නයක් නැහැ, ජීවිතේට තර්ජනයක් නැහැ කියලා අපි දකින්නේ ටී. වී. එකේ විතරයි. ඒ වගේ අවස්ථා තිබුණා. වෙඩි නොවදින වව්නියාව කියන එක අපේ නංගි නිතරම කිව්වා. අපි ඉස්සර නම් ඒක කිව්වම හිනා වෙනවා. ඒ දේවල් දැන් තමයි හරියට තේරෙන්නේ. ඒක වුණේ මෙහෙමයි. අපේ තාත්තිට එක සැරයක් වෙඩි වැදුණා.
ඒ වෙලාවේ තාත්ති නිවාඩු ඉවර වෙලා ආපහු යද්දි, තාත්ති ඔයාට වෙඩි නොවදින වව්නියාවකට යන්න බැරිද කියලා නංගි ඇහුවා.

රණ විරුවෙකුගේ දුවෙක් විදියට යුද්දේ ඉවර කෙරුව මොහොතේ කොයි තරම් සතුටක් දැනුණද?
නිව්ස්වලින් ඒක දැන ගත්තට, තාත්ති ගෙදර එනකම් යුද්දේ ඉවරයි කියලා හරියට දැනුණේ නැහැ.

තාත්තා මොනවාද යුද්දේ ඉවර කරලා ඇවිල්ලා කිව්වේ?
අපි එහෙම ගෙදර යුද්දේ ගැන කතා කළේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම එහෙමයි. තාත්ති ගෙදර එන්නේ කෙටි කාලයකට නිසා අපි ඒක ගැන කවදාවත් කතා කළේ නැහැ. අපි වෙනින් ඒවා ගැන තමයි කතා කළේ.

යොහානි කොහොමද ගායිකාවක් වෙන්නේ?
ඒක දිග කතාවක්. අපි පටන් ගමු 2015න්. ඒ දවස්වලත් මම ගිටාර් එක ගගහා සිංදු කියනවා. මම ඒ වෙද්දි පාට් ටයිම් කැමරා ශිල්පිනියක්. අපිට කැමරා තියෙන හින්දා නිකං වීඩියො එකක් කරලා දාමු කියලා අපි කතා වුණා. ඕඩියෝ එකක් ප්‍රඩියුස් කරන විදිය අපි දැන ගෙන හිටියේ නැහැ. අපි පිළියන්දල තැනකට ගිහින් තමයි ඒක කළේ. ඒක ඉංග්ලිෂ් කවර් එකක්. ඊට පස්සේ අපේ යාළුවෙක්ගේ හදා ගෙන එන ගෙදරක් තිබුණා. එහේ තමයි වීඩියෝ එක කළේ. ඒක තමයි මගේ මුල්ම වීඩියෝ එක.
ඊට පස්සේ මම ඕස්ටේ්‍රලියා ගියා. එහෙදි මම තනිවම බොහෝ දේ ඉගෙන ගත්තා. එහෙ අධ්‍යාපන කටයුතු ඉවර වුණාම මට තීරණ දෙකක් ගන්න තිබුණා. එකක් එහේ ස්ථිර පදිංචියට මට අවස්ථාව තිබුණා.
නැත්නම් ලංකාවට එන්න අවස්ථාව තිබුණා. අම්මලා නම් කිව්වේ එහේ ඉන්න කියලා. හැබැයි මගේ තීරණේ මම මාස හයක් සංචාරය කළා.
අන්තිමේ ඔක්කොම දාලා මෙහේ ඉන්න මම තීරණය කළා. ඒ 2019.
ඊට පස්සේ සංගීත කටයුතු එක්ක මම සම්බන්ධ වුණා. මට ඒ කාලේ පැය පහක් ප්ලේ කළාම ලැබුණේ රුපියල් 5000යි. ඒ විදියට ආව ගමන තමයි මේ.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අලුතින්ම බිහිවූ රජ පැටියා! පොලොන්නරුව මෛත්‍රීයෙන් දහමට යයිද?

Next Post

එකම වැඩේට ගෝඨාගෙන් බළකා 2ක්! වැඩිය බලවත් බැසිල්ගේ බළකායද-මේජර් වැලිකලගේ බළකායද?

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.