• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අලුතින්ම බිහිවූ රජ පැටියා! පොලොන්නරුව මෛත්‍රීයෙන් දහමට යයිද?

October 26, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මෛත්‍රීගේ පුතා දහම් දේශපාලනයට ඇතුලු වෙයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දේශපානයට සාමාන්‍යයෙන් පුතාලා හිඟ නැත. නෑදෑයෝ හිඟ නැත. පරම්පරාවෙන් දේශපාලනයට එන අය හිඟ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය හැදී ඇත්තේම පරම්පරාගත දේශපාලකයන්ගෙනි. තාත්තාගෙන් පුතාට, නැත්නම් තාත්තාගෙන් දුවට, ස්වාමියාගෙන් බිරියට… මේ ආකාරයට ලංකාවේ දේශපාලනට ආ පිරිස බොහෝය. පාර්ලිමේන්තුවේ 225 දෙනා හරියට ගැන බැලුවහොත් ඒ 225 දෙනාගෙන් 50%කටත් වඩා ඇත්තේ දේශපාලන නෑදෑකම් ඇති අයය. දේශපාලන නෑදෑකම් අතර අද වැඩියෙන්ම කියැවෙන්නේ රාජපක්ෂ පවුල ගැනය.

රාජපක්ෂ පවුලේ සහෝදරයන් සියලු දෙනාම මේ වෙනකොට ඉන්නේ පාර්ලිමේන්තුවේය. ඒ සහෝදරයන්ගේ දරුවන්ද අද පාර්ලිමේන්තුවේ සිටී. ඒ දරුවන්ට අමතරව වෙනත් නෑදෑ හිතමිත්‍රාදීන් කිහිප දෙනකුද පාර්ලිමේන්තුවේ සිටී. ඒ අයගේ රාජපක්ෂ වාසගම නැතත් ඔවුනුත් රාජපක්ෂ පවුලේ නෑදෑයෝය. මේ විදියට ගත් විට බොහෝ දේශපාලකයෝ නම්ගම් වශයෙන් අපට සඳහන් කළ හැකිය.

ඩී.එස්.ලා ඩඩ්ලිලාගේ පටන්, බණ්ඩාරනායකලාගේ පටන් සියලු දෙනා මෙහෙම නෑදෑකම් මත පාර්ලිමේන්තුවට ආ අයය. පාර්ලිමේන්තුවට මේ නෑදෑකම් මත කවුරුන් හෝ පත්වී එනවා නම් ඒ පත්වී ඒමේ වරද අපි පාර්ලිමේන්තුවට හෝ දේශපාලකයන්ට පමණක් පැවරීමෙන් නිදහස් වීමට නොහැකිය. එයට හේතුව වන්නේ මේ බොහෝ දෙනා පාර්ලිමේන්තුවට පත්ව එන්නේ ජනතා ඡන්දයෙන් නිසාය. මේ වතාවෙත් අප කියන්නට යන්නේ එහෙම නෑදකම් දේශපාලනයට ගෑවෙන තැනක් ගැනය. ඒ සිරිසේන පවුලය.

සිරිසේන පවුලේ දේශපාලනයට පිවිසි අය අතර සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන පමණය. මෛත්‍රිපාල සිරිසේනගේ නම හා සමානව අද ඩඩ්ලි සිරිසේනගේ නම කියැවුණද, ඩඩ්ලිගේ නම ලංකාවේ දේශපාලනයට ආවේ නැත. ඔහු තවම දේශපාලනයට නොපැමිණෙන්නේ ඇයි දැයි සමහර විට අපටද, ඔබටද ප්‍රශ්නයක් නැගෙනවා විය හැකිය. මේ වතාවේ අප ලියන්නට යන්නේ සිරිසේන පවුලේ පුංචි එකා ගැනය. ඒ දහම් සිරිසේනය. දහම් සිරිසේන ගැන බොහෝ තැන්වල බොහෝ අවස්ථාවල සඳහන්ව ඇති අයුරු අප දුටුවෙමු. නමුත් දහම් සිරිසේන ගැන සඳහන්ව තිබුණේ දේශපාලනයට ආ වගක් හෝ එන වගක් ගැන නොවේ.

දහම් සිරිසේන ගැන බොහෝ තැන්වල කියවුණු නමුත් ඔහු හා දේශපාලනික සම්බන්ධයක් බොහෝ විට අපට අසන්නට ලැබුණේ නැත. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ලංකාවේ ජනාධිපති වී ඉන්නා කාලයේත් දහම් සිරිසේන දේශපාලනයට ආවේ නැත. එහෙන් මෙහෙන් ලෙඩක් දෙකක් දමාගත්තත්, ඒ ලෙඩවලටද දහම්ගේ ඍජු සම්බන්ධයක් නැති බව බොහෝ තැන්වල කියවෙයි. හෝටලයක උඩු මහලේ ඇති වුණා යැයි කියන ගැටුම අවස්ථාවේදී දහම් සිරිසේන ඒ හෝටලයෙන් විනාඩි 6කට පෙර පිටව ගොස් තිබූ බව සමහර අයගේ මතයයි. මේ ගැටුමත් සමග දහම් සිරිසේනගේ සම්බන්ධයක් නැති අතර දහම් සිරිසේනගේ ආරක්ෂකයන් සහ එම හෝටලයේ සිටි එක්තරා ආරක්ෂක කණ්ඩායමක් අතර මේ ගැටුම ඇතිවූ බව පසුව දැනගන්නට ලැබිණි. නමුත් දේශපාලනිකව හෝ අදේශපාලනිකව දහම්ගේ නම මේ ගැටුම හා සම්බන්ධ විය. සාමාන්‍යයෙන් ගින්නක් නැතිව දුමක් නොනගින අතර, සමහර විට සමහර දුම්ද ගින්නට වඩා දුම ලොකු නිසා අපට මහා ගින්නක් ලෙස පෙනුණාද විය හැකිය. කෙසේ නමුත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා අමාත්‍යවරයකුව සිටි කාලයේ නැගෙනහිර පළාතේ එක්තරා මුහුදු වෙරළක ඇතිවූ ගැටුමක් ගැනද දහම් සිරිසේනගේ නම කියවුණේය. ඒ අවස්ථාවේදීද මෛත්‍රිපාල සිරිසේන මහත්තයා දහම් බේරාගන්නට පෙරට ආවේ නැත. යටින් මොකක් හෝ ගේමක් ගැහුවාදැයි අපි දන්නේ නැති නමුත් සාමාන්‍යයෙන් දහම්ගේ නම ගැටුම් හා එහෙන් මෙහෙන් සම්බන්ධ වුණු යුගය ඉතා ඉක්මනින් නිමාවට පත්විය. මෛත්‍රිපාල සිරිසේන මහත්තයගේ දේශපාලනයේ එහෙට මෙහෙට පිනුම් ගහන කාලය වන විට දහම් සිරිසේන ලංකාවේ සිටියේ නැත. ඒ, දහම් සිරිසේනගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔහු එංගලන්තයට ගොස් සිටි නිසා බව කාරණා දන්නා අය පවසති.

කෙසේ නමුත් මේ උසස් අධ්‍යාපනයට එංගලන්තයට ගිය තරුණයා ලංකාවට එන්නේ එක්තරා තීරණාත්මක කාලයකය. ඒ, මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ආන්දෝලනාත්මක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවෙන් දින කිහිපයකට පසුවය. 2015 තමන් දරමින් සිටි පක්ෂ ලේකම්කම පැත්තකට දමා පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහත්තයා අසුන් ගන්නේ සියල්ලන්ගේ ඔල්වරසන් හඬ මැද්දේය. නමුත් ඒ ඔල්වරසන් හඬ වැඩි කාලයක් නොගොස් ජය ඝෝෂාවක් බවට පරිවර්තනය විය. ජය ඝෝෂාවක් බවට පරිවර්තනය වෙද්දී දහම් සිටියේ ශ්‍රී ලංකාවේය. ඒ, තාත්තාගේ දේශපාලනට ඒ තරම් සහායක් දක්වමින් නොවන බව දැන් බොහෝ අය කියයි. දහම්ගේ මූලික අධ්‍යාපනය පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන්ය. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේද අධ්‍යාපනයයේ අවසන් කාර්තුව ගතවෙන්නේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේය. පොළොන්නරුව රාජකීය විද්‍යාලය සාමාන්‍යයෙන් නමක් ගමක් ඇති බොහෝ දෙනකුගේ දරුවන් ඉගෙන ගත් පාසලය. ඒ නිසා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි දහම්ට පසුව කොළඹ රාජකීය විද්‍යාලය වෙත එන්නට සිදුවිය. පොළොන්නරුව කෑල්ල වෙනුවට කොළඹ කෑල්ල එකතුවී දහම් සිරිසේන කොළඹ රෝයල් එකේ ශිෂ්‍යයකු බවට පත්විය. එහෙම වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමාට එවකට තිබුණු තර්ජන ගර්ජන නිසා සහ ජීවිත තර්ජන නිසා ඔහුට එහේ ඉන්නවාට වඩා මෙහේ ඉන්නා එක හොඳ යැයි ආරක්ෂක අංශ විසින් ලබාදුන් ඉඟියක් නිසා යැයි ඔවුන් කියයි. එහෙම කොළඹ පැමිණෙන මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නිසා දහම්ලාගේ ජීවිත පොළොන්නරුවෙන් කොළඹට මාරුවිය. මෙහෙම කොළඹ ජීවත් වෙමින් ඉන්නා දහම් සිරිසේන සිය මූලික අධ්‍යාපන කටයුතු නිමාකොට කොළඹ රෝයල් එකෙන් එංගලන්තයට පිටත්ව යයි. ඒ තම උසස් අධ්‍යාපනය සඳහායි. දහම්ට උසස් අධ්‍යාපනයේ ජයකෙහෙළි නංවන්නට හැකිව තිබෙන බව දහම්ගේ හිතවතුන් පවසන කාරණයකි. දහම් මේ වෙනකොට උපාධි දෙකක් නිමාකොට ඇති අතර, ඒ උපාධි දෙක නිමා කිරීමෙන් අනතුරුව දැන් දහම්ගේ ස්ථිර පදිංචිය ශ්‍රී ලංකාවේය. නමුත් ජනාධිපතිවරණ කාලයේ දහම් දේශපාලනය කළේ නැත. දහම් දේශපාලනයට මැදිහත් වුණේද නැත. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ පාර්ශ්වය කියන්නේ දහම් දේශපාලනයට සම්බන්ධ කර ගන්නට හෝ දේශපාලන වේදිකාවක අසුන් ගන්වන්නට හෝ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට වුවමනාවක් නොතිබූ බවය. අඩුම තරමෙන් විශාල රැස්වීමක ඉදිරිපෙළ ආසනයක්වත් දහම්ට වෙන් නොකළ බව මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ හිතවතුන් කියයි.

කෙසේ නමුත් සේයා සදෙව්මි ඝාතනය වැනි ප්‍රධාන සිදුවීම්වලදී මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නියෝජනය කරමින් දහම් සිරිසේන ආගිය බව ලියුම්කරුට දෑසින් දුටු සාක්ෂි තිබේ. ඒ, ඔහු දේශපාලනය කරන්නට නොව සමාජයට අවශ්‍ය කරන පොදු හිතවතා බවට පත්වෙන්නට යැයි අපට එදා හිතුණද දැන් නම් හිතෙන්නේ එදා දහම්ට දේශපාලනයට ඒමේ බලාපොරොත්තුවක් තිබුණාද කියනා එකය.

කොහොම නමුත් දහම් සිරිසේනට දේශපාලන අසුනක් වෙන්කර දෙන්නට මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් නොවූ අතර, මේ වන විට සියල්ල වෙනස් වෙමින් දහම් සිරිසේන දේශපාලනයේ අත්පොත් තබන්නට සූදානමින් සිටී. ඒ පොළොන්නරුවෙනි. නිල වශයෙන් දැනගන්නට නැතත්, නොනිල වශයෙන් ආරංචි වන්නේ ඒ මින්නේරියෙන් බවය. මින්නේරිය සාමාන්‍යයෙන් දේශපාලනයට දැවැන්ත චරිත හැදූ තැනකි. පොළොන්නරුවේ මේ දේශපාලන ප්‍රවේශය යම් කිසි ගැටුම්කාරී එකක් බවට පත්වන්නේ පොළොන්නරුවේ කොහොමත් ආසන පත්වන්නේ තුනයි දෙකයි නිසාය. ඉතා දරුණු දේශපාලන රැල්ලක් නිර්මාණය වූ අවුරුද්දක පමණක් මේ සංඛ්‍යාව හතරයි දෙක බවට පත් විය. හැබැයි ඒ හතරයි එක බවට පත් වුණත් අද වන විට ලංකාවේ කොහේ නැතත් පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයක් තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාත්, පේෂලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එන්නේ පොදුජන පෙරමුණේ ලැයිස්තුවෙනි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඡන්දය ඉල්ලාද මේ පොළොන්නරුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ අවස්ථා තිබේ. ඒ නිසා මේ වතාවේ පොළොන්නරුවෙන් පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තරගයට ආවොත් වෙන්නේ මොකක්දැයි අපට ඉඟි පළ කළ නොහැකිය. නමුත් අරුමය වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ පාර්ශ්වයේ සිටි පේෂලත් දැන් ඉන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා හැර දමා ගොස් සමගි ජන බලවේගය සමගින් එක්වීය. ඒ අනුව ගත් විට කවුරු කොහෙන් පත්වේද, කවුරුන්ට මොනවා වේදැයි අපට හිතාග්නනට නොහැකිය. නමුත් දහම් සිරිසේන යනු දේශපාලනයට සම්බන්ධ නොවෙන දේශපාලනය නොදන්නා හාදයකු නොවනා බව පමණක් අප කිව යුතුය.

2015න් පසු දේශපාලන පෙරළි සිද්ධ වුණු කාලයේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ දේශපාලන ගමනට අවශ්‍ය කරන මූලික උදව් පදව් ටික කළේ දහම් සිරිසේන බව ප්‍රසිද්ධ නොවූ කාරණයකි. දහම් සිරිසේන ගෙදර ඉන්නා ගමන් දේශපාලනයට අදාළ සහ රටේ සිදුවෙන සමහර කාරණා සමාජ ජාලවල වාර්තා කරන ආකාරය ගැන ටැබ් එකෙන් තම තාත්තාට පෙන්වූ බව දැනගන්නට තිබේ. මෙහෙම තාත්තාට දේශපාලනය අවශ්‍ය කරන මූලික සමාජ ජාල දැනුම සහ රටේ සිදුවෙන දේවල් සම්බන්ධව දහම් සිරිසේන විසින් කියා දුන්නා නම් ඔහුට රට තොට ගැන ඒ තරම් දැනුමක් තේරුමක් නැතැයි කියන්නට නොහැක. දහම් සිරිසේනට දැන් වයස අවුරුදු 28කි. තවමත් ඔහු ඒ තරම් තලතුනා අයකු නොවේ. ඒ නිසා දහම් සිරිසේන තෙම්පරාදු වී නැතැයි අපට සමහර විට සතුටුන් සිටිය හැකිය. නමුත් දහම් සිරිසේනලා ඇතුළු බොහෝ පුතාලා තාත්තලාගේ අඩිපාරේ ගියත් නොගියත් තාත්තලාගේ නම රැකගන්නට වැඩ කරනු අප දැක නැත. නමුත් දහම් සිරිසේන මුල් කාලයේ එහෙන් මෙහෙන් ලෙඩ දාගත්තද, පසුව දහම් සිරිසේන ලෙඩ දාගන්නා පුද්ගලයකු නොවන තැනට පත් කරන්නට මෛත්‍රිපාල සිරිසේන මහත්තයා සමත් වුණේය. ඒ ඇත්තටද, බොරුවටද කියන්න අපි දන්නේ නැත. කෙසේ නමුත් අපට අවශ්‍යව ඇත්තේ රටට නායකයෝය. ඒ නායකයෝ ශුද්ධ ඒ වගේම අවංක රටට ආදරය කරන සහ මිනිසුන්ට ආදරය කරන අය වෙනවා නම් වඩාත් හොඳය. නමුත් අවාසනාවකට එහෙම අය බොහෝ හිඟය. දහම් සිරිසේන ගැනද අපට හිතන්නට තියෙන්නේ කවදා හෝ දවසක දහම් සිරිසේන මේ රටට මින්නේරියෙන් බිහිවන තවත් විශිෂ්ට නායකයකු වනවා නම් ඒ දහම් සිරිසේනගේ දේශපාලන ගමනේ සහ රටේ සුබසිද්ධිය සඳහාය. නමුත් අවාසනාවකට අපට එහෙම කතා කියන්න ලැබෙනවා අඩුය. නමුත් අපට අවසාන වශයෙන් කියන්නට ඇත්තේ බළලා මැටියෙන් වුවද මීයෝ අල්ලනවා නම් කමක් නැතැයි කියයා. ඒ නිසා දහම් සිරිසේන නැත්නම් කවුරු හෝ කෙනෙක් මේ රට ගොඩගන්නට යළි ඉපදී නැඟිට ආ යුතුය. එහෙම එනවා නම් දහම් ඔබට සුබ ගමන්.

ජය වේවා…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

චීන තානාපති කළ ඉල්ලීමට අනුව ශෂීන්ද්‍ර පොහොර නැව යළි පරීක්ෂා කරන්න එකඟ වෙයි! (VIDEO)

Next Post

‘අපි වින්දා නින්දා – මව නින්දා වින්දා…’ කොටිත් එක්ක යුද්ධ කරපු වීර තාත්තා ‌ගැන යොහානි පළමු වරට කතා කරයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.