COVID-19 ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට සහය වීම සඳහා ඩොලර් මිලියන 100 ක ණයක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.
ෆයිසර් එන්නත මාත්‍රාවන් මිලියන 14 ක් මිලදී ගැනීම මෙන්ම එන්නත සඳහා වන අනෙකුත් වියදම් සඳහා මුදල් යෙදවීම සඳහා මෙම අරමුදල් ලබා දෙන බව රජය පැවසීය.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණි.










