පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මියට එරෙහිව කතානායකවරයාට ලිපියක් බාරදීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පියවර ගෙන ඇත.
එම ලිපිය මගින් පසුපෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මූලාසනයේ අසුන් ගෙන සිටි අවස්ථාවේදී විපක්ෂයට වාසි සහගත ආකාරයට කටයුතු කළ බවය.
ඊයේ දින පාර්ලිමේන්තුවේදී ‘බුලත් කෑම’ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍ය රාසමාණික්කම් මහතා හා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර පැවැති උණුසුම් විවාදය අතරතුරදී ආණ්ඩු පක්ෂයට කරුණු දැක්වීමට ඉඩ ලබා නොදී මන්ත්‍රීවරිය පක්ෂග්‍රාහී අන්දමින් කටයුතු කළ බවට මෙම ලිපියෙන් පසුපෙළ මන්ත්‍රීවරු කතානායකවරයාට පෙන්වා දී ඇත.










