• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ආයෙත් බංකොලොත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

October 11, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ආයෙත් බංකොලොත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2020දී ඇමෙරිකාවේ ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් එවක ලංකාවේ ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය. එනම් ලංකාවේ රාජ්‍ය ආදායම ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් නොවන බවය.Sri Lanka Latest News

ඒ වගේම 2020දී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ‘ඉන්වෙස්ට්මන්ට් ක්ලයිමේට් ස්ටේට්මන්ට්’ නොහොත් ලංකාවේ ආයෝජන සම්බන්ධ නිවේදනයක් කළේය. එහි සඳහන් වූයේ 2019දී ලංකාවේ ඍජු විදේශ ආයෝජනවල පසුබැසීමත්, 2020දී එම තත්ත්වය තවත් දරුණු වී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට තල්ලු වී යන බවත්ය. එසේම ලංකාවේ ආයෝජනයට හිතකර පරිසරයක් නැති බවත් එහි සඳහන් විය.

ශ්‍රේණිගත කිරීමේ ආයතන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මේ නිවේදන ගැන එවක විපක්ෂය ගෝඨාගේ ආණ්ඩුවට අනතුරු ඇඟවීම් කළත් ගෝඨාගේ ආණ්ඩුව ඒ අනතුරු ඇඟවීම් ශත පහකට මායිම් කළේ නැත. එම අනතුරු ඇඟවීම්වලින් හරියටම වසර දෙකකට පසු ලංකාව බංකොලොත් විය. ගෝඨාට පමණක් නොව රාජපක්ෂ පවුලටම ජනාධිපතිකම්වලින් අගමැතිකම්වලින් ඉවත් වී පැන යන්න සිදුවිය.

පසුගියදා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුරගේ ආණ්ඩුව සම්බන්ධයෙන් ආයෝජන පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ පවතින්නේ වාමවාදී ආණ්ඩුවක් බවත්, ඒ නිසා ලංකාව විදේශ ආයෝජන සඳහා සුදුසු රටක් නොවන බවත්ය. 2020 ගෝඨාගේ ආණ්ඩු කාලයේදී මෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුරගේ ආණ්ඩුව යටතේද විදේශ ආයෝජන වැටී ඇති ආකාරය පෙන්වා දී තිබිණි.

ඉන් සතියකට දෙකකට පමණ පසු ලෝක බැංකුව ලංකාව සම්බන්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලංකාවේ විදේශ ආයෝජන 1.5%ක මට්ටමක තිබිය යුතු වුවත් තියෙන්නේ 0.5%ක වගේ අඩු අගයක බවය. එසේම ලෝක බැංකුව ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම අසම්පූර්ණ බවත්, එය ඉතා අවදානම්සහගත බවත් සඳහන් කරමින් ලංකාවට අනතුරු අඟවා තිබුණේය.

ලෝක බැංකුව ලංකාවට මතක් කර දෙන්නේ 2028 ණය ගෙවන්න අවශ්‍ය විදේශ සංචිත වර්ධනය කරගන්න විදේශ ආයෝජන අවශ්‍ය බවය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන්නේ ලංකාවේ ආයෝජනවලට සුදුසු පරිසරයක් නැති බවය. මෙය ලංකාවට අහිතකර වාර්තාවකි. ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කරන්න අවශ්‍ය විදේශ ආයෝජන ලැබී නැති බව ලෝක බැංකුව කියද්දී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලංකාවේ විදේශ ආයෝජනවලට හිතකර පරිසරයක් නැති බව සඳහන් කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ගිණුම් කාරකසභාව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය කැඳවා මේ වසරේ ගෙවිය යුතු ණය වාරිකය ගැන විමසද්දී රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් ගෙවිය යුතු ගණන ගැන පැහැදිලි පිළිතුරක් දීමට අසමත් වී තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. එහිදී රාජ්‍ය ගිණුම් කාරකසභාවේ සභාපති හර්ෂ ද සිල්වා විමතියට පත්ව සිය අප්‍රසාදය නිලධාරීන්ට පළකළ බව වාර්තා විය.

‘ඒ කියන්නේ ආණ්ඩුවට මේ වසරේ ගෙවිය යුතු ණය වාරික ගැන දැනුමක් නැද්ද?’

‘එතකොට ආණ්ඩුව කොහොමද 2028 ණය ගෙවන්න පටන් ගන්නේ…?’

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. 2028 පොරොන්දු වූ පරිදි ණය ගෙවීමට නොහැකි වුවහොත් ලංකාවට යළිත් සිය බංකොලොත්භාවය නිවේදනය කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැත.
එහෙම බලනකොට ලංකාව ඉන්නේ ගිනි කන්දක් උඩය. අනුරගේ ආණ්ඩුව රනිල්ගේ අයි.එම්.එෆ්. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා හැරෙන්න වෙනත් කිසිදු ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නැත.

ඇමෙරිකාවේ තීරුබදු අඩුකර ගන්න අනුරගේ ආණ්ඩුව ඇමෙරිකාව සමග ඇතිකරගත් එකඟතා කිසිවක් තවමත් ක්‍රියාත්මක කර නැත. මේ එකඟතා ක්‍රියාත්මක නොවුණහොත් ඇමෙරිකාව ලංකාවට තීරුබදු වැඩිකරන්න තියෙන ඉඩකඩ වැඩිය. ලංකාව බංකොලොත් වීමෙන් පසු ආ විශාලතම විදේශ ආයෝජනය වූ අදානිගේ සුළං බල ව්‍යාපෘතිය ආණ්ඩුව අවලංගු කළේය. ඇමෙරිකාවේ ඉන්වෙස්ට්මන්ට් ක්ලයිමේට් රිෆෝම් එකද අදානිගේ සුළං බල ව්‍යාපෘතිය අවලංගු කිරීම විවේචනය කර ඇත. මෙය විදේශ ආයෝජන අධෛර්ය කිරීමක් බව ඒ වාර්තාවේ සඳහන් වී ඇත.

මෙයින් පේන්නේ විදේශ ආයෝජන පිළිබඳ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති බවය. ආයෝජන නොතකා ආණ්ඩුව උත්සාහ කරන්නේ චීනයෙන් අධි පොලියට ණය ගෙන නුවර අධිවේගයේ මීරිගම-කඩවත මාර්ගය අවසන් කරන්නටය. අනුර පළමුවෙන්ම මේ අධිවේගය හදන්න ණය ඉල්ලුවේ ජපානයෙන්ය. ඒත් ජපානය ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් ණය දෙන්න සූදානම් නැති බව මෙරට ජපාන තානාපති පවසා තිබිණි. එයට හේතුව ගත්ත ණය ගෙවාගන්න බැරිව සිටින ලංකාවට තවත් ණය දීමෙන් ලංකාව යළිත් බංකොලොත් වීමේ අවදානමක් ඇතැයි කියාය. ආණ්ඩුව අධිවේගී මාර්ග හදන්න කලින් 2028 ණය ගෙවන්න විදේශ විනිමය සොයාගත යුතුව ඇත. ලංකාව බංකොලොත් වූයේ මේ අධිවේගී මාර්ගවලට ණය අරගෙනය. මෙයින් පේන්නේ පැවැති ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් ආර්ථිකය සමග සෙල්ලම් කරන බවය.

1994 බලයට ආ චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් කළේ ඒකමය. වසර 17ක් යූ.ඇන්.පී. ආණ්ඩුව ක්‍රියාත්මක කළ ආර්ථික වැඩපිළිවෙළට අලුතින් කිසිදු ආර්ථික වැඩපිළිවෙළක් එක් නොකර එලෙසම කරගෙන යනු ලැබීය. ඒ වසර 17ක ආර්ථික වැඩපිළිවෙළ 1995, 1996, 1997, 1998 සහ 1999 ඒ විදියටම ගියේය. එහෙත් ඒ වැඩපිළිවෙළට අලුත් යමක් එක්කොට රාජ්‍ය ආදායම හෝ විදේශ ආයෝජන වැඩිකර නොගැනීමෙන් 2000දී ආර්ථික අර්බුදයක් මතුවී 2001දී ආර්ථිකය ඍණ විය. ආර්ථිකය කඩාවැටුණි. ආණ්ඩුවට ගෙදර යන්න සිදුවිය.

වසර 17කදී ජේ.ආර්. සහ ප්‍රේමදාස ගොඩනගපු ආර්ථිකයට අලුතෙන් යමක් එක් නොකර එය එලෙසම පවත්වාගෙන යෑමට හැකි වූයේ වසර 5ක් පමණි.

රනිල්ගේ අයි.එම්.එෆ්. ආර්ථික වැඩපිළිවෙළ වසර 5ක් පවත්වාගත හැකි වැඩපිළිවෙළක් නොවේ. එය පැලැස්තරයකි. එම ශ්‍රී ලංකා – අයි.එම්.එෆ්. ගිවිසුම 2027 අවසන් වීමට නියමිතය. එය 2027 අවසන් වීමට නියමිතව ඇත්තේ 2026 වන විටවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2019ට කලින් තිබූ තත්ත්වයට ආ යුතුය යන අයි.එම්.එෆ් පූර්ව නිගමනය මතය. එහෙත් ලෝක බැංකුව කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබූ තැනට ගෙන ඒමට විශාල වශයෙන් ප්‍රතිසංස්කරණ කළ යුතු බවය.

එහෙත් ආණ්ඩුව එවැනි ප්‍රතිසංස්කරණ කරන බවක් පෙනෙන්නට නැත. විදේශ ආයෝජන ගැනීමට වැඩපිළිවෙළක්ද නැත. විදේශ ආයෝජන නිකම් ගලාගෙන එන්නේ නැත. ජේ.ආර්.ගේ ආණ්ඩුව 1977 බලයට ඇවිත් නිදහස් වෙළෙඳ කලාප පිහිටෙව්වේ විදේශ ආයෝජන ලබාගැනීමටය. ජවිපෙ කීවේ නිදහස් වෙළෙඳ කලාප හරහා රට සුද්දන්ට විකුණනවා කියාය. රටේ ඉඩම් සහ ශ්‍රමය සුද්දන්ට කුණුකොල්ලයට විකුණනවා කියාය. 1988 බලයට ආ ප්‍රේමදාස ඇඟලුම් කර්මාන්ත 200 ව්‍යාපෘතිය පටන් ගත්තේ විදේශ ආයෝජන ගෙන එන්නටය. එතකොට ජවිපෙ ඇතුළු විපක්ෂය කීවේ ලංකාවේ කෙල්ලො කොල්ලො දමලා සුන්දන්ට ජංගි මහනවා කියාය.

ලංකාවේ විදේශ ආයෝජනවලට එරෙහිව උද්ඝෝෂණ කරපු පක්ෂය ජවිපෙය. අද ඔවුන්ටම 2028 ණය ගෙවන්න පටන්ගෙන ආර්ථිකය බංකොලොත් බවින් මුදාගන්න විදේශ ආයෝජන අවශ්‍යව තිබේ. විදේශ ආයෝජන නැති වුවහොත් අනුරගේ ආණ්ඩුවට වෙන්නේ ගෝඨාගේ ආණ්ඩුවට වුණු සන්තෑසියමය. ‘කර්මය කියන්නේ බැල්ලියකි’ කියා කතාවක් තිබේ. අද ජවිපෙ පසුපස කරකැවෙන්නේත් ඒ කර්මය නම්වූ බැල්ලියය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ප්‍රභූ – නිර්ප්‍රභූ සටන ඉවරයි දැන් ඔක්කොම එකයි! Sri Lanka Latest News

Next Post

සෝමවංශගෙ මරණය සහ ජවිපෙ කොඩිය බිම නොතැබූ එකම නායකයා! Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.