• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෝමවංශගෙ මරණය සහ ජවිපෙ කොඩිය බිම නොතැබූ එකම නායකයා! Sri Lanka Latest News

October 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සෝමවංශගෙ මරණය සහ ජවිපෙ කොඩිය බිම නොතැබූ එකම නායකයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වූයේ එකල පක්ෂයේ ඉහළ පෙළ කිහිප දෙනකු විසින් එතුමාව කොන්කිරීම නිසා ඇතිවූ සිත් තැවුලක් මත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළකළේ මාධ්‍යවේදී කුලශ්‍රී කාරියවසම් මහතා සමග පැවැති සාකච්ඡාවකදී. එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක් පහත පළවේ.Sri Lanka Latest News

මාධ්‍යවේදියා
රාජ්‍ය යාන්ත්‍රණයෙන් පක්ෂය විනාශ කිරීමෙන් පස්සේ, සෝමවංශ සහෝදරයා ඇරෙන්න නායකයෝ සියලු දෙනා ඝාතනය වුණාට පස්සේ යළි පක්ෂය ගොඩනගන්නේ ඔබ. ලේකම්වරයා හැටියට ඔබ විශාල කාර්යභාරයක් ඉටුකරනවනේ?

නන්දන ගුණතිලක
ඔව්. මම ලේකම් වෙන්නත් ඉස්සෙල්ලා. අපි පටන් ගන්නේ 94 නේ. අපි 90 ඉඳලා වැඩ කරගෙන ගියා.

මාධ්‍යවේදියා
ඒ විශ්වාසයත් එක්කනේ ලේකම්කමට ඔබව යෝජනා වෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් සෝමවංශ අමරසිංහ සහෝදරයා එළියේ ඉඳගෙන ලොකු වැඩ කොටසක් ඔබ සියලු දෙනා සම්බන්ධීකරණය කරගෙන කළා?

නන්දන ගුණතිලක
ඉතිහාසයේ යෂ්ටිය අපිට දුන්නේ එයා.

මාධ්‍යවේදියා
ඔහුට මොකද වුණේ? ඔහුගේ පක්ෂ නායකත්වයට මොකද වුණේ?

නන්දන ගුණතිලක
ඔබ හිතලා බලන්න. මොන තරම් දේශපාලන මතවාදී ගැටුමක් තිබුණත්, රෝහණ සහෝදරයගෙන් පස්සේ, ඇත්තටම මේ අලුත් පක්ෂය නිර්මාණය කළේ සම්පූර්ණයෙන්ම සෝමවංශ අමරසිංහ සහෝදරයා, අපි නෙමෙයි. අපි ඔහුගේ සහායක බළඇණිය. මම, ප්‍රේමකුමාර් ගුණරත්නම්, සේනාධීර ගුණතිලක, කමල් දේශප්‍රිය, කමල් දේශප්‍රිය සහෝදරයාත් එක්ක ශිෂ්‍ය සංගම්වලින් ආපු ලොකු සෙට් එකක් හිටියා, මැතිව්ලා, අතුලලා එහෙම සෙට් එකක් හිටියා. අපි එයාගේ දෙවැනි පෙළ බළකාය. එතකොට පක්ෂයේ හැබෑ නිර්මාතෘ ඔහු. මේකේ ගොඩක් දේශපාලන වෙනස්කම් කළා ඔහු. කලින් අපි හැසිරෙච්ච විදිහට වඩා වෙනස් විදිහට අපිව හැසිරෙව්වා. සරලම දේවල් කිව්වොත්, අපි ඉස්සර ආයුබෝවන් කියන්න පැකිලෙනවා. ආයුබෝවන් කියන වචනයෙන් අනෙකාට ගරු කරන්න, ආමන්ත්‍රණය කරන්න කියලා අපිට පුරුදු කළේ ඔහු. ටෙලිෆෝනයෙන් කතා කරද්දිත් ආයුබෝවන් කියලා පටන් ගන්න මල්ලි කියලා කිව්වේ ඔහු.

ඊළඟට දෑකැත්තයි, මිටියයි, කොඩිය වෙනුවට, මේ පොළොව ඇතුළේ බලය සඳහා යන ගමනේදී, අපි ඒකත් තියාගෙන පැත්තකින්, ජාතික කොඩිය අතට ගන්න ඕනේ කියලා කිව්වේ ඔහු. වාම ජාතිකවාදී තැනකට පක්ෂය ගෙනාවේ ඔහු. හැබැයි මේක මේ රෝහණ සහෝදරයාගේ අදහසට විරුද්ධ නැහැ. මොකද ඔහු දේශප්‍රේමී අරගලය හරහා සමාජවාදය කියන එක යෝජනා කරද්දිම, දේශප්‍රේමී අරගලය ඇතුළේ සියලු පන්ති කොටස් එකතු කරන්න වෙනවනේ. ඉතින් ඒ අනුව තමයි අපි චන්ද්‍රිකාත් එක්ක සන්ධානය හැදුවේ. එතකොට ඒක ඇතුළේ, අපි දෑකැත්තයි මිටියයි උඩින් තිබ්බොත් එහෙම අපිට අනිත් පිරිස එකතු කරන්න බැහැ. හැමෝම එකතු කරන්න පුළුවන් කොඩිය, රටේ පොදු කොඩිය. එතකොට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්නත් එපැයි. අපි කොච්චර කැමැති නැති වුණත්. එතකොට මේ සියල්ල ඉතාම උපක්‍රමශීලීව නිර්මාණය කළේ සෝමවංශ අමරසිංහ සහෝදරයා. ඔහුගේ මගපෙන්වීම නිසා තමයි අපිට, ඇත්තටම ඔහු ගත්ත ඉතාමත් දියුණුම තීරණය තමයි, මේ පක්ෂය එළියට ගේන්න ඕනෙ. එළියට ගේන්න අපිට ලැබෙන හොඳම අවස්ථාව 94 මහ මැතිවරණය. ඒකට අපිව පොලඹවපු එකම තමයි ඔහු ගත්ත ලොකුම තීරණය.

ඉතින් එහෙම පක්ෂය නිර්මාණය කරපු මහා චරිතය, පක්ෂය ඇතුළේ අවසානයේ මේ මිනිස්සු එළියට යන තැනට කටයුතු කරලා, මහින්ද රාජපක්ෂව දිනවලා නොගිහින් හිටපු එක ඇතුළෙත්, විරුද්ධ තර්කයේ හිටියත් ඔහු අතහරින් නැතුව හිටියනේ. ඊට පස්සේ ඒ විරුද්ධ තර්කයේ හිටපු සැලකිය යුතු පිරිසක් එළියට ආවට පස්සෙත් ඔහු හිටියානේ. ඔහු පක්ෂය අතහැරලා ගියේ නැහැනේ. පක්ෂයේ තාත්තානේ මේ. ඔහු හිටියා. ඔහුට එහෙම තිබුණා හෘදයාංගම බැඳීමක්, රුධිරමය බැඳීමක් ඔහුට තිබුණා. ඔහු දාලා ආවේ නැහැ. හැබැයි මේ මනුස්සයාට එපා කෙරෙව්වා. එපා කරවලා එළියට යන තැනට කටයුතු සලස්සලා හැම පැත්තෙන්ම. මිනිහෙකුට දරාගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවනේ. එතැනින් එහාට බැහැනේ. එළියට ගියාට පස්සේ මේ මනුස්සයාට ‘පිස්සා’ කිව්වා අද මේ රට කරන මිනිස්සු. මේ මිනිස්සු කෘතවේදී වෙයිද ජනතා විමුක්ති පෙරමුණේ පරණ මිනිස්සුන්ට?
අර ගම්වල හිටපු, මැරිච්ච මිනිස්සුන්ට අද බොරුවට ඔය හඬා වැලපුණාට පාර්ලිමේන්තුවේ, බටලන්දේ රනිල්ලා මැරුවයි කියන මිනිස්සුන්ට, රනිල් නායකත්වය දුන්නනේ එතෙන්ට. ඒක කියන්නේ එපැයි. නායකත්වය දීලා, එතන මරපු මිනිස්සුන්ට, එහෙම නැත්නම් එළියකන්දේ හරි, වෙන කොහේ හරි කඳවුරක, ලංකාවේ තිබුණු වධ කඳවුරුවල මරාදාපු මිනිස්සුන්ට, යුක්තිය ඉෂ්ට කරයිද මේ පක්ෂයේ තාත්තාව එළියට දාලා ‘පිස්සා’ කියපු මිනිස්සු? ඒ මනුස්සයා පිස්සෙක් නෙමෙයි. ඒ මනුස්සයා අවසාන කාලයේ වයසත් එක්කත්, යම්කිසි කම්පනයක හිටියා. ඉතින් දෙයියනේ තමන් හදපු පක්ෂයෙන් තමන්ව පල නොකියා පලා බෙදලා එළවනකොට ඒ මනුස්සයා කම්පනය වෙන්නේ නැද්ද? ඒ මනුස්සයාගේ මොළේ රුධිර නාලයක් පුපුරලා මැරුණේ. වෛද්‍ය විද්‍යාව අනුව එහෙම වෙන්න පුළුවන්. ඒ තරම් දැඩි කම්පනයක ඔහු හිටියේ. ඒ නිසා ඔහු අවසාන කාලයේ උපවාස කළා තනියෙන්, අරවා මේවා කළා. ඉතින් අපි තමයි ඒත් බලාගත්තේ. මම තනියෙන් නෙමෙයි. අපි ගොඩක් පිරිසක් එකතු වුණා. ඔහුට ඉන්න තැන දුන්නා. එක මොහොතකදී අපිට ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඔහු පෞද්ගලික ස්ථානවල ආරක්ෂා වුණා. ඔහොම තමයි අවසානයේ සහෝදරයාගෙ ගෙදරටම යන්න වුණා. මේ මහා දැවැන්ත පක්ෂයක් හදපු, අද මේගොල්ලන්ට මෙතැනට එන්න ඕනෙ මග පෙන්වපු, මේ අඩි පාර හදලා දීපු, අඩි පාර මහා පාරක් කරපු ඒ මනුස්සයාට අන්තිමට සහෝදරයාගේ ගෙදර අවසන් ගමන යන්න සිද්ධ කළේ, මේගොල්ලොන්ට මම දන්නේ නෑ ඔය ආගමිකව හිතනවා නම්, මොනවද වෙන්න ඕනේ නැත්තේ. මම කියන්නේ ඔහු තමයි පක්ෂයේ දේශපාලන සහ අධ්‍යාත්මික කියන නායකයා. ඒක ප්‍රතික්ෂේප කරපු මිනිස්සු තමයි අද මේ රටක් ගොඩදාන්න පුළුවන්, රටකට ආදරය කරනවා කියලා කියන්නේ.

මාධ්‍යවේදියා
සෝමවංශ අමරසිංහ මහත්මයා පක්ෂයෙන් ඔය විදිහට පිටමං කෙරුවට පස්සේ ඔහු තවත් පක්ෂයක් හදන්න, දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න උත්සාහ කළා. ඒ වෙලාවේ මට අවස්ථාවක් ලැබුණා ඔහුත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න. ඒකෙදි ඔහු චෝදනාවක් කළා පක්ෂයේ හතර දෙනෙක්ගේ කල්ලියක් ගැන?

නන්දන ගුණතිලක
ඔව්. ඒ හතර දෙනා තමයි බලයෙ ඉන්නේ. ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් නම් මේ කටට එන දේවල් කියන හාදයෙක්. දන්නවනේ. එක්කෙනෙක් බිඳුණුවැව කෑම්ප් එකේ සිද්ධියට, ඔය කියන පරණ කතාවට සම්බන්ධ කෙනෙක්. අනිත් එක්කෙනා අත්දෙක උස්සලා යටත් වෙච්ච කෙනෙක්. අනිත් එක්කෙනා පක්ෂය දාලා පැනලා ගිය එක්කෙනෙක්. ගිහිල්ලා තමන්ගේ නම අගිස්සට උපාධිය දාගෙන සැපට ඇවිල්ලා ආපහු පක්ෂයේ වාඩිවෙච්ච කෙනෙක්. අඛණ්ඩව 90 සිට එක මොහොතක් කොඩිය බිම තියන්නේ නැතුව වැඩ කරපු මිනිස්සු කවුරුවත් ඕක ඇතුළේ නැහැ. ඉන්නවා නම් ඉන්නේ අර ශිෂ්‍ය අංශයේ ඒ කාලේ හිටපු බිමල් රත්නායක සහෝදරයයි, පස්සේ 94දී මම ගෙදරට ගිහිල්ලා එක්කගෙන ආපු ඔය කියන අර කටට බ්‍රේක් නැති මනුස්සයයි විතරයි. එතකොට ඔය ඉතුරු සාතිශය බහුතරයක් ගම්වල ඉන්නවා හැබැයි. ඒ ගම්වල ඉන්න මිනිස්සු අතිශය අසරණයි, අහිංසකයි. ඒ මිනිස්සු මාර පිරිවිතුරු ප්‍රාර්ථනාවන් සහිතව සමාජවාදය හදන්න අඛණ්ඩව කැපවෙච්ච මිනිස්සුනේ. ඉතින් ඒ අයට යන්න තැනක් නැහැ. ඒගොල්ලෝ ඉතිහාසයේ ඉඳලම අපි නායකත්වය ගත්ත වෙලාවෙත් හිටියා. ඊට පස්සේ කවුරු හරි ආවම, ඉතින් ඒ නායකයෝ යටතේ ඒ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු විශ්වාසයක් තියෙනවා. හැබැයි දැන් ඒගොල්ලෝ තුළ වුණත් බරපතළ ප්‍රතිවිරෝධයක් පැනනැගිලා තියෙන්නේ ඕනෙ ඒගොල්ලෝ දෘඪව ඉන්නවා නම් සමාජවාදය කියන අදහසේ. මම දන්නේ නැහැ දැන් ඒක වුණත් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒගොල්ලොත් කල්පනා කරන්න පුළුවන්, දැන් ඉතින් තත්ත්වයන් වෙනස් වෙලා. ඒ නිසා දැන් ඉතින් සමාජවාදය හදන්න බැහැ. ඒ නිසා මේ යන විදිහකට අපිත් අනුගත වෙනවා කියලා එහෙම වෙලා තියෙන්න පුළුවන් ගම්වල ඉන්න අයටත්. එහෙම නොහිතන අය ඉන්නවා නම් පිරිසක්, යම් ප්‍රතිවිරෝධයක් තියෙන්න ඕනේ පක්ෂ අභ්‍යන්තරයේ අනිවාර්යයෙන්ම මාලිමාව සහ පැරණි ජවිපෙ අය අතර.

SendShareShare
Previous Post

ආයෙත් බංකොලොත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

හැටන් ටවුම මැද ප්‍රසිද්ධ ඉඩම් වෙන්දේසියේ ලොකු අවුලක්! එක්කෙනෙක් ඇවිත් ඔක්කොම ඉඩම් කොටස් ලක්ෂ 30කට අරන්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.