• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභූ – නිර්ප්‍රභූ සටන ඉවරයි දැන් ඔක්කොම එකයි! Sri Lanka Latest News

October 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රභූ – නිර්ප්‍රභූ සටන ඉවරයි දැන් ඔක්කොම එකයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කීපයකුත්, දෘෂ්ටිවාදීන් යැයි තමන්ම හඳුනා ගන්නා පිරිසකුත් විසින් හදපු, එහෙමත් නැත්නම් රෝපණය කළ මතයක් තමයි ශ්‍රී ලංකාවේ ප්‍රභූ සහ නිර්ප්‍රභූ කියන කුලක දෙක. අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස පත්වුණාට පස්සේ, ඔවුන් මේ ප්‍රභූ සහ නිර්ප්‍රභූ කියන කණ්ඩායම් දෙක ලස්සනට වෙනස් කළා. ඔවුන් පෙන්නලා දුන්නා අනුර පරාජය කරපු ප්‍රතිවාදියා තමයි ප්‍රභූ පන්තිය නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන දෙපිල කියලා. කාලයක් තිස්සේ එකම දේ මතුරලා, ඔළුවේ පැළකරපු, එහෙමත් නැත්නම් ඔළුවේ ප්ලාන්ට් කරපු විසබීජය තමයි 76 වසරක සාපය සහ ඒ සාපය ඇති කළේ මේ ප්‍රභූ පන්තිය කියන අය. ඒක තමයි මාලිමා ආණ්ඩුව බලයට එන්න මූලික හේතුව වුණේ. හැබැයි අද වෙනකොට මේ නිර්ප්‍රභූ කියන ලේබලය තමන් විසින්ම විහිළුවක් බවට පත්කරගෙන තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපි දැක්කා අද වසන්ත සමරසිංහ වගේ අයගේ වත්කම් බැරකම් ප්‍රකාශය එළියට එනකොට, ඔවුන් මෙච්චර කල් මොකක්ද මේ කිව්ව, ප්‍රභූ සහ නිර්ප්‍රභූ කියන ලේබල් දෙකේ වෙනස?Sri Lanka Latest News

මේක තවදුරටත් හුදෙක්ම වචනයක් පමණයි කියලා කියන්නයි මේ ලිපිය වෙන් වෙන්නේ. මට මතක් වෙනවා වරක් ඉන්දීය මාධ්‍යවේදියෙක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අහනවා What is your ambition? කියලා. රනිල් එසැණින්ම උත්තර දෙනවා, Stay in politics – rule the country, කියලා. මෙන්න මේ උත්තරය ඇතුළේ තමයි ඔය ප්‍රභූ – නිර්ප්‍රභූ කියන වෙනස්කම පෙන්නලා දෙන්න බොහෝ දෙනෙක් උත්සාහ කළේ. හැබැයි ශ්‍රී ලංකා දේශපාලනයේ මේ නිර්ප්‍රභූ කියන දේ ජනතා විමුක්ති පෙරමුණ මේ විදිහට රෝපණය කරනකන් බොහෝ දෙනාට අවබෝධ වෙලා තිබුණේ නැහැ. ඔවුන්ට ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඇත්තටම.

ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ දේශපාලනය මුල සිටම අරන් ගියේ පන්ති වෛරයක් ඇති කරමින්. ඒ පන්ති වෛරය කියන කන්සෙප්ට් එක ඇතුළේ ඔවුන් තමන් නිර්ප්‍රභූන් යැයි තමන්වම හඳුනා ගත්තා. මට කියන්න තියෙන්නේ අද මේ හෙළිවුණු වත්කම් හා බැරකම් ප්‍රකාශවලින් පස්සේ, අනුරලා, වසන්තලා ඔය ශ්‍රී ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ ඔළුවට දාපු මේ පන්ති පරතරය තවදුරටත් තියෙන්න විදිහක් නැහැ. වසන්තගේ මිලියන 270ක වත්කම් දිහා බැලුවාම, ඒ පන්ති වෛරය කොහෙද කියන එක ඕනෑම කෙනකුට තේරෙනවා. තමන්ගේ පාක්ෂිකයා තමන්ව නඩත්තු කරනවායි කිව්ව වසන්තගේ ගිණුම් වල මිලියන 270ක් තියෙනවා කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. වසන්ත ඇත්තටම ආර්ථිකයේ පැත්තෙන් බැලුවොත් රනිල් වගේම ප්‍රභූ පුද්ගලයෙක්. එහෙම නැහැයි කියලා කියන්න බැහැ. සියල්ල හෙළි වෙලා හමාරයි දැන්.

පාක්ෂිකයාගෙන් රුපියල් 1000ක් අරගෙන පෙට්‍රල් ගහනවා කිව්ව වසන්ත, ඉඩම්, ගොඩනැගිලි විතරක් නෙමෙයි, ක්‍රිප්ටෝ කරන්සිවලටත් හිමිකම් කියනවා. ඒකයි ඇත්ත. අද හෙළි වුණේ ඒ ඇත්ත. මේ බලය පෙරළීමෙන් ඇත්තටම සිදු වුණේ, තමන් ගැන හීනමානයකින් හිටපු පිරිසක් රටේ පාලනයට පැමිණීම. ඔවුන් සෑම විටම හිතුවා ඔවුන් තමයි පීඩිත පන්තිය කියලා. ඒ ඔවුන් පිටට පෙන්නපු දේ. නමුත් ඔවුන් කවදාවත් ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වය හදාගද්දි තමන් පීඩිතයෝ බව පෙන්නුවේ නැහැ. දුක් විඳින මිනිසුන්ගේ නියෝජනය තමන් යැයි කියලා අනුරලා, වසන්තලා කරලා තියෙන්නේ බලය එක්රැස් කරගැනීම, ධනය එක්රැස් කරගැනීම. ඔවුන් දිගටම ධනය එකතු කිරීම වෙනුවෙන් තමයි වෙහෙස මහන්සි වුණේ. කෙටියෙන්ම කියනවා නම් තමන් නිර්ප්‍රභූන් යැයි කියපු වසන්තලා, ජීවිත කාලය පුරාම පොළොවේ පස් කකා කියලා තියෙන්නේ කරපු දේවල් නෙමෙයි. ඔවුන් දිගටම කරලා තියෙන්නේ ධනය එක්රැස් කරගැනීමේ ව්‍යාපෘතිය.

ලාල්කාන්තලා ගොඩනැගිලි හදන්නෙත්, වසන්තලා, මහින්ද ජයසිංහලා, තමන්ට අයිති නැති අනුන්ගේ බිල්ඩින් අල්ලගන්න යන්නෙත්, අශෝක රන්වලලා තමන්ගේම පක්ෂයේ සාමාජිකයන් වෙලා හිටපු අයත් එක්ක ගොඩනැගිලිවලට රණ්ඩු වෙන්නෙත්, මෙන්න මේ කියන කෑදරකම හින්දා. බලයට ඇවිල්ලා අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නියම තත්ත්වය එළියට ආපු එක ගැන මට නම් තියෙන්නේ ගොඩක් ලොකු සතුටක්. තවදුරටත් ඔවුන් නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනීසිටිනවා කියලා කියන්න බැහැ. එහෙම කිව්වත් කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම තමන්ට සටන් කරන්න සතුරෙක් සොයාගත්තා. මේ පාර ඔවුන් සොයාගත්ත සතුරා තමයි ප්‍රභූ පන්තිය කියන එක. හැබැයි ඒ ප්‍රභූ පන්තියේම මතවාදය ඔවුන්ගේම ඔළුවලට කිඳාබැසලා, ඔවුන්වම කීතු කීතුවලට ඉරලා දාලා තියෙනවා. අපිට දැන් ඔවුන්ට ලස්සන නිර්වචනයක් දෙන්න පුළුවන්. ඒ ‘දේපළවලට කෑදර පන්තිය’. එහෙමත් නැත්නම් ‘දේපළ එක්රැස් කරගැනීමේ පන්තිය’ කියලා. තවදුරටත් කවුරු හරි කියනවා නම් ශ්‍රී ලංකාවේ ප්‍රභූ සහ නිර්ප්‍රභූ පන්තිය කියලා කොටස් දෙකක් ඉන්නවා කියලා, මට නම් කියන්න තියෙන්නේ ඒ අයට කොහේ හරි පිටරටකට ගිහිල්ලා සල්ලි ටිකක් වියදම් කරලා හොඳ මානසික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකින් ප්‍රතිකාර ලබාගන්න කියලා විතරමයි.
ී්බවැැඅ් ඊ්එමඅ්එඒ

SendShareShare
Previous Post

වැඩ කරන විපක්ෂ නායකයා පහුගිය දවස් 7 ගිය තැන්! වැඩ කරපු හැටි! කතා කරපු මිනිස්සුන්ගේ ප්‍රශ්න මොනවාද? වැඩ කරන විපක්ෂනායකගේ දවස් 7 කෙටියෙන්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආයෙත් බංකොලොත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.