පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තමන්ට මීට සති තුනකට ඉහත කොළඹ තානාපති කාර්යාල සාදයකදී තොරතුරු හෙළි කළ බවට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පුද්ගලයා සොයා ගැනීම සදහා විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අදාළ සාදය සදහා පැමිණි පුද්ගලයන් කව්රුන්ද යන්න සොයාබැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CCTV කැමරා දත්ත පරීක්ෂාවක් සිදු කොට ඇති බව වාර්තා වේ.
සිරිසේන මහතා ටම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වනවිට ප්රකාශයක් ලබා දී ඇති අතර ලබන 4 වැනිදා මාලිගාකන්ද මහේස්ත්රාත් උසාවිය හමුවේ ප්රකාශයක් ලබා දීමටද නියමිතය.