දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හාලිඇල,හපුතලේ සහ හල්දුම්මුල්ල යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර සහ උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , කෑගල්ල, ගලිගමුව, දෙහිඕවිට,වරකාපොළ සහ මාවනැල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර,කලවාන,ඉඹුල්පේ,සහ බලංගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය නිකුත් කර තිබේ.
අද 14 වනදා සවස නිකුත් කර ඇති මෙම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද 15 වනදා පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.










