ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත කර ගැනීම සඳහා බවත්, වත්මන් රජය රටට අහිතකර පනත් සම්මත කර ගැනීම සඳහා නොයෙකුත් උප්පරවැට්ටි කරන බවත් නිදහස් ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද(26) එක්වෙමින් මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා සදහන් කළේය. Sri Lanka Latest News
විපක්ෂය විදිහට ආණ්ඩුව ගෙන යන ජන පීඩිත ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට පෙළ ගැසෙන බවත්, ආණ්ඩුවේ මැති ඇමතිවරු හා නිලධාරීන් ලස්සන වචන දමා ජනතාව රවටන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම IMF යෝජනාවක් නොවන බවත්, එය ලංකා රජය විසින් යෝජනා කළ බවත් පෙන්වා දුන් පීරිස් මහතා, තම රජයක් යටතේ IMF අහිතකර යෝජනා පිළිබඳව යළි සලකා බැලීමට කටයුතු කරන බවත් කියා සිටියේය.









