දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අස්වැසුම සහන ලබා දීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දක්වන නිහඬ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ප්‍රබලයන් අතර කතාබහක් සිදුව ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
විපක්ෂයේ අනෙකුත් පක්ෂ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතා අරමුදල්වලට සහ බැංකු පද්ධතියට සිදුවන්නේ යැයි කියන අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් සහ අස්වැසුමෙන් දුප්පත් පවුල් විශාල ප්‍රමාණයක් ඉවත් කොට තිබීම සම්බන්ධයෙන් අදහස් පළකරද්දී ජවිපෙ ඉහළ පෙළේ කිසිවකුත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් නොකිරීම මෙම කතාබහට හේතු වී ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට ජවිපෙ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින්නේ අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ හරිනි අමරසූරියය.










