රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පසුගිය ජුනි 25 වැනි දින සේවයෙන් විශ්‍රාම ගොස් තිබිණ. Sri Lanka Latest News
නමුත් විශ්‍රාම යන දින සිට ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත එම තනතුරට ඇය නැවත බඳවා ගැනීමට නියමිතව ඇති බව සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කොට ඇත.
ලියනගේ මහත්මිය වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත රජයේ මුද්‍රණාලයාධිපතිනිය ලෙස සේවය කිරීම සඳහා නැවත බඳවා ගැනීමේ යෝජනාවට මේ මස මුලදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබිණ.