• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙත්ලෙහෙමෙ ජේසුතුමා උපදින කොට ලංකාවේ මොකද වුණේ? පායපු නත්තල් තරුව වළගම්බා රජ්ජුරුවොත් දැක්කද? බැමිණිතියා සාය ඉවර වුණේ තරුවේ ආශ්චර්යයෙන්ද? පළමු වරට කෙරෙන හෙළිදරව්වක්!

December 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
බෙත්ලෙහෙමෙ ජේසුතුමා උපදින කොට ලංකාවේ මොකද වුණේ? පායපු නත්තල් තරුව වළගම්බා රජ්ජුරුවොත් දැක්කද? බැමිණිතියා සාය ඉවර වුණේ තරුවේ ආශ්චර්යයෙන්ද? පළමු වරට කෙරෙන හෙළිදරව්වක්!
Share on WhatsAppShare on Facebook

ඔගස්ටස් අධිරාජ්‍යයා පැනවූ නියෝගයක් මත ජන සංගණනයක් පැවැත්වීම සඳහා නියම විය. ජෝසප්ද දාවිත්ගේ වංශයට අයත් බැවින් තම විවාහයට නියමිතව සිටි මරියාද සමග ගලීලයේ නසරිත් නුවරින් පිටත්ව යුදයාවේ බෙත්ලෙහෙමට ගියේය. මේ යන ගමනේදී මරියාට ප්‍රසව කාලය පැමිණියේය. මරියා ප්‍රසව වේදනාවෙන් දරුවා මෙලොවට බිහි කරන්නට සුදුසු තැනක් සෙව්වද ඊට ගැළපෙන තැනක් හමුවුණේ නැත. තානායම්වල ඉඩකඩ නොවීය. ජෝසප්ද, මරියාද අසරණ විය. ඔවුන්ට අවසානයේ පිහිටට ආවේ අතරමඟ තැනෙක වූ ගව ලෙනකි. සිය කුළුඳුල් පුත්‍රයා මෙලොවට බිහි කළ මරියා, දරුවාව රෙදිවලින් ඔතා ගවයන් සඳහා වූ ගව ඔරුවක තැන්පත් කළාය.

එfඩ්රු රාත්‍රියේ සිය බැටළුවන්, ගවයන් පරිස්සම් කරමින් ඒ වටා රැඳී සිටියෝය. මේ දරුවා මෙලොවට බිහිවීමත් සමග ඇතිවූ සොබාවික වෙනස්කම් දැක එfඩ්රු කළබල වූහ. ඔවුහු අතිශය බියට පත්වූහ. දේවදූතයෝ පැමිණ ඔවුන්ට කතාකොට මෙසේ කීහ.

‘බයවෙන්න එපා. මුළු සෙනගට ඉමහත් ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක්නිසාද යත් ස්වාමි වූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර උපන් සේක. රෙදිවලින් ඔතා ගවයන් තණ කන ඔරුවක ඉන්නා ළදරුවෙක් නුඹට හමුවන්නේය. මේක නුඹලාට ලකුණක්…’ යැයි කීහ.

ඒත් සමගම දේවදූතයන් සමග මහත් ස්වර්ගීය දෙව් සේනා ප්‍රශංසා ගායනා කළ බව සඳහන් වේ. ‘ඉතා උසස් තැන දෙවියන්වහන්සේට මහිමයද, මෙලොවෙහි සුසැදි ජනයාට සාමයද වේවා….’ එහි දේවාශීර්වාද පණිවුඩය විය.

ශුද්ධවූ මතෙව්තුමා ශාස්ත්‍රවන්තයන් තිදෙනාගේ පැමිණීම ආශ්චර්යක් විලසින් මෙසේ සඳහන් කොට තිබේ.

‘පෙරදිග ඔවුන් දුටු තාරකාව ළදරුවා උපන් තැනට අවුත් ඉහළින් නවතින තුරු ඔවුනට පෙරටුවෙන් ගියේය. තාරකාව දැක ඔවුහු අතිශයින් ප්‍රීති ප්‍රමෝදී වූහ. ඔවුහු ගෙට වැද ළදරුවා සිය මවු වූ මරියා සමග සිටිනු දැක පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු හැර රන්ද, තුවරලා ගන්ධ රසද යන පඬුරු උන්වහන්සේට පිදූහ. ජේසු ස්වාමි දරුවෝ මෙලොවට බිහිවූ දා අහසේ රන් තරුවක් පායා ආවේය. රන් තරුවේ ආලෝකයෙන් විශේෂ අමුත්තෝ තිදෙනෙක් මේ පුංචි කුමාරයා සොයා ආවෝය. කාලය එතරම් හොඳ කාලයක් නොවීය. සියල්ල වෙනස් වෙමින් තිබුණු යුගයක් විය. දෙවියන්ගේ පණිවුඩ නොඅසනා මිනිසුන් දෙවියන්ට මෙලොවට එන්නට ඉඩ විවර කළේ නැත. ඒ නිසාම ජේසු ස්වාමි දරුවෝ ඈත තැනෙක ගව ලෙනක උපත ලබා සිටියෝය…’

මේ කතාව ඔබ ඕනෑ තරම් අසා තිබේ. හිතාදර කිතුනු බැතිමතුන්ට නම් මේ කතාවේ කිසිදු අරුමයක් නැත. ලියුම්කරු නොදන්නා බොහෝ කරුණු ඔබ දන්නා නිසා මේ ගැන ඕනාවට වඩා ලියන්නට යන්නේ නැත. නමුත් මේ අරුමය ඊට වඩා වෙනස්ය. එදා ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ බෙත්ලෙහෙමේ ඉපදෙද්දී ශ්‍රී ලංකාවේ සිදුවුණේ මොනවාදැයි සොයා බැලීම වැදගත්ය. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත ලෙස සඳහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ පළමුවැන්නයි. මෙහි කාලවකවානු සම්බන්ධව යම් කිසි අදහස් දැක්වීම් කිහිපයක් සොයා බලද්දී ක්‍රිස්තු වර්ෂ එකේ සිට ක්‍රිස්තු වර්ෂ 36-37 කාලය ඉතා වැදගත්ය. ඒ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීව කාලයයි. දැන් අපි යන්නේ ක්‍රිස්තු වර්ෂ ඇරැඹෙන්නට පෙර ක්‍රිස්තු පූර්ව අවසානයේදී ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබුණු මහා ව්‍යසනයක් වෙතටය.

‘බැමිණිතියා සාය’ ලෙස හඳුන්වන මහා දුර්භික්ෂයක් එවක ශ්‍රී ලංකාවේ විය. ඊට හේතු සාධකය ලෙස සඳහන් වන්නේ දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවට බලපෑ ආක්‍රමණ හමුවේ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයට සිදුවූ විනාශයයි. වාරි කෘෂි ආර්ථිකයකට හිමිකම් කියමින් සිටි සරුසාර කෙත්වතු හිමි ශ්‍රී ලාංකිකයෝ සිය ගොවි බිම් විනාශ වෙනු දැක බලා හද හඬනා සොවින් සුදහ හින්දරේ බලා සිටියෝය. තීය සහ තිස්ස යන නම්වලින් හැඳින්වුණු බ්‍රාහ්මණයන්ගේ මෙහෙයවීමෙන් හටගත් කැරැලිකාර වාතාවරණය නිසා මෙය ‘බ්‍රාහ්මණ තීය’ නොහොත් බැමිණිතියා සාය ලෙස හඳුන්වන්නට හේතු වුණැයි ඉතිහාසයේ සඳහන් වේ. ශ්‍රී ලංකා ඉතිහාසයේම අඳුරුතම පීඩිතම කාලය වන්නේ මෙයයි. මේ යුගයේදී බොහෝ මිනිසුන් මියගිය බවත් බොහෝ මිනිසුන්ට ආහාර සඳහා සුදුසු කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බවත් සඳහන්ව තිබේ. එසේම මේ අඳුරු යුගය ගතකරමින් සිටි මිනිසුන් තමන්ගේ අසල්වැසි මනුෂ්‍යයන් මරා කමින් ජීවත් වූ බව සඳහන් විය. සිය විහාරස්ථානයේ වැඩවාසය කළ නායක ස්වාමින්වහන්සේ සුදහගින්දරේ සිටි මිනිසුන් විසින් මරා කෑ අයුරු එක් බෞද්ධ කෘතියක සඳහන් වෙතැයි කියැවේ. කෙසේ වෙතත් මේ බැමිණිතියා සාය ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 103 සිට 89 අතර කාලයයි. ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට බිහිවන්නට වසර 80කට පෙර ශ්‍රී ලංකාවේ තිබුණේ එවැනි තත්ත්වයකි. බරපතළ අර්බුදකාරී තත්ත්වයකි. මිනිසුන් මියයමින් සිටි වගට ඉතිහාසය සාක්ෂි දරමින් තිබේ.

මේ දුර්භික්ෂය පිළිබඳ ශ්‍රී ලංකාවේ පැරැණිතම ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වූ ‘සීහලවත්ථුපකරණයේ’ සඳහන්ව තිබේ. ඒ අනුව මෙය විශ්වාස කළ හැකි ලිඛිත සාක්ෂියකි. ඉතිහාසයේ ලියා තබා ඇති බොහෝ කරුණු කාරණා සොයා බලද්දී ඒවා පිළිගන්නට අපට ඇති සමහර විට එකම සාක්ෂිය වන්නේ මෙයයි. මිනිස්සු ජීවත් වීම සඳහා කන්නට දෙයක් නොවූ දෙයක් තැන කරකොළ කමින් ජීවත් වූ බව මෙහි සඳහන් වේ. නමුත් වැදගත්ම කතන්දරය වන්නේ එය නොවේ. එදා ක්‍රිස්තුස්වහන්සේ ඈත බෙත්ලෙහෙමේ උපත ලබද්දී ශ්‍රී ලංකාවේ බැමිණිතියා සාය අවසන්ව ගියේය. බැමිණිතියා සාය නිමාවූවා පමණක් නොව, වළගම්බා රජු සිරිලක රජ විය. එසේ රජව එතුමන් විසින් කරන ලද ප්‍රධානතම කාර්යයක් වූයේ මෙතෙක් කිසිදු කෘතියක රචනා නොවී තිබූ බෞද්ධ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමය. එක් සුවිශේෂ වූ ආගමක් බෙත්ලෙහෙමේ ගව ලෙනක ඉපදෙද්දී ශ්‍රී ලංකාවේ මාතලේ අළුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ මහඟු කාර්යය සිදුවිය. අතිසුවිශේෂ කටයුත්තකි. අදද මේ සද්ධර්මය සුරැකී පවතින්නට ප්‍රධානතම හේතුවක් ලෙස සලකන්නේ වසර ගණනක් තිස්සේ මුඛ පරම්පරාගතව පැවැත ආ ත්‍රිපිටකය මාතලේ අළුලෙනේදී ග්‍රන්ථාරූඪ වීමය. ඒ ග්‍රන්ථාරූඪ වීමත් සමග භික්ෂුන්වහන්සේලා අතර බොහෝ විට පරිශීලනය වන්නට ගත්තේ මේ ත්‍රිපිටකයයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට හේතුව ලෙස දකින්නේ මේ දරුණු බැමිණිතියා සාය නිසා භික්ෂුන්වහන්සේලා ටිකෙන් ටික අපවත් වීමයි. මෙසේ අපවත්වීමත් සමග සිය දුක් වේදනා සියල්ල ඉවසා වදාරමින් වැඩවාසය කළ භික්ෂුන්වහන්සේලා කිහිප නමක්, තම ජීවිත ආරක්ෂා කරගැනීමට නොහැකි වුවද සද්ධර්මය ආරක්ෂා කළ යුතු යැයි සිතමින් මාතලේ අළුවිහාරේ අළුලෙනේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළහ. මහාවංශයේ සහ ඉතිහාස කාලවකවානුවලට අනුව ගත් කල ජේසු උපතත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් යම් ආකාරයකින් සමපාත බව ඉතිහාසඥයන්ගේ මතයයි.

ලෝකය විසිතුරු වන්නේ සියලු ආගම් එක්වූ විටය. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ සේක. උන්වහන්සේ ලෝකයට ආදරය ගැන කියා දුන් සේක. තිලෝගුරු අමාමෑණී බුදුරජාණන්වහන්සේද ලෝකයට ඉගැන්වූ පාඩම එයයි. සිය සද්ධර්මය තුළ වපුල ඒ බිජුවට අද ඵල දැරුවා නම් සාර සොබාවට මේ සිරිලංකා කෙත අස්වනු නෙළනා අටුකොටු පිරෙනා දේශයක් වනු ඇත. දෙවියන්ද, බුදුන්ද, වෙනත් ආගමික නායකයන්ද අතේ දුරින් තබාගෙන අදහන ජාතියකට, සිය විලාසිතාවට පමණක් දෙවියන් බුදුන් අදහන ජාතියකට තවදුරටත් ස්වර්ගය ගැන සිහින දකින්නට ඉඩ නැත. නමුත් ඔබ මේ අරුමය අවබෝධ කරගත යුතුය. ලෝකය අපි හිතනවාට වඩා සුන්දර තැනකි. එදා ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපතත් ලංකාවේදී සද්ධර්මය රචනා වීමත් එකම කාලවකවානුවක් තුළ සිදුවන්නේ සමහර විට කාගේ හෝ අනුදැනුමක් විය හැකිය. ලෝකය මැවූ දෙවියන් මේ සියල්ල මවන්නේ මිනිසුන්ගේ පහසුව පිණිසය.

මිනිසුන්ගේ සුඛවිහරණය පිණිසය. ඒත්, අද මිනිසුන් කරන්නේ ආගම දහම විකුණා ගෙන කන එකය. ඒ නිසා මේ කතාව සමහර විට ඔබට විශ්වාස කරන්නට බැරි විය හැකිය. නමුත් සමපාතික ගත් කල මේ ක්‍රිස්තුවර්ෂ පළමු සියවස ශ්‍රී ලංකාවේ ඉතා වැදගත්, එසේම ලංකාවේ වෙනසක් සිදුවූ යුගයක් ලෙස සැලකිය හැකිය. වළගම්බා රජුන් රාජ්‍යත්වයට පත්ව ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකිරීමටත්, වෙහෙර විහාරස්ථාන ඉදිකිරීමටත් ඉතා උනන්දුවෙන් සිදුකළේය. නමුත් වළගම්බා රජුන් සිරිලක රජ වෙන්නේ දරුණු දුර්භික්ෂ, දරුණු ආක්‍රමණ, දරුණු කාලවකවානු කිහිපයකින් අනතුරුවය. මේ කාලවකවානු සියල්ල නිමාවෙන්නේ එදා සාමයේ පණිවුඩය රැගෙන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ බෙත්ලෙහෙමේ උපන්දා දැයි අපට දැන් සිතෙමින් තිබේ. ඈත අහසේ පායා තිබූ රන් තරුවේ ආලෝකය කිසිවක් නොදන්නා වළගම්බා රජුටද නොපෙනෙන්නට ඇතැයි සිතිය නොහැක. එදා බෙත්ලෙහෙමට යන්නට වළගම්බා රජුට නොහැකි වුවද වළගම්බා රජුන් සමහර විට ඒ ඈත පෙනුණු රන් තරුව දෙස බලා මොනවා හෝ හිතන්නට ඇත. ඔහු සමහර විට ඒ වෙලාවෙ උන්නේ ගල් ලෙනක සැඟවී විය හැකිය. නමුත් සාමයේ පණිවුඩය එදා බෙත්ලෙහෙමට පමණක් නොව, ශ්‍රී ලංකාවටද රැගෙන ආවේය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බල්ලන් එකතු වී වඳුරු පැටව් දෙන්නෙක් මරපු කේන්තියට බලු පැටවුන් 250ක් මරා දාපු වඳුරු අම්මලාගේ දරු සෙනෙහස!

Next Post

දකුණ හොල්ලපු චීනා මේ හදන්නේ උතුරත් අල්ලන්නද?

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.