• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බල්ලන් එකතු වී වඳුරු පැටව් දෙන්නෙක් මරපු කේන්තියට බලු පැටවුන් 250ක් මරා දාපු වඳුරු අම්මලාගේ දරු සෙනෙහස!

December 28, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
බල්ලන් එකතු වී වඳුරු පැටව් දෙන්නෙක් මරපු කේන්තියට බලු පැටවුන් 250ක් මරා දාපු වඳුරු අම්මලාගේ දරු සෙනෙහස!
Share on WhatsAppShare on Facebook

කෙනකුට තම ආදරණියයකුගේ වෙන්වීම දරාගන්න අසීරුයි. තම පවුලේ කෙනකු පැහැරගත් විට එය තදින්ම දැනෙන්නේ එම පවුලේ අයටයි. තම සාමාජිකයකුගේ වෙන්ව යාම හදවත රිදවීමක් වගේම මුළු ජීවිතය පුරාම එය දරාගන්නට අපහසු සිදුවීමක් වනවා. තම දරුවකු පැහැරගෙන මරණයට පත්කළොත් ජීවිතය පුරා ඒ සිත් රිදුම නිසා වෛරයක් බවට පත්වෙනවා. මේ පළිගැනීම මිනිසුන් වන අපට පමණක් නොව සතුන්ටද එලෙසම දැනෙනවා. සතුන්ගෙන් එවැනි පළිගැනීමක් පිළිබඳ අපට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අසන්නට ලැබුණා. එනම් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ බිඩි ප්‍රාන්තයෙන් ඉතා ඛේදජනක අරුමපුදුම පුවතක් සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ පළිගැනීමට හේතු වූයේ බලු, රැලක් වඳුරු පැටවකු මරාදැමීමේ සිද්ධියකි. ඒ සුනඛයන් 250කගෙන් පළිගත් වඳුරන් දෙදෙනකු පිළිබඳවයි. මේ සිදුවිම්වලට මුලින්ම හේතුව වුණේ අයාලේ ගිය සුනඛයන් කිහිප දෙනකු කුඩා වඳුරකු මරාදැමීමේ සිද්ධියයි. මේ වඳුරන් සුනඛයන් ඝාතනය කරන්නට වුණේ එයට පළිගැනීමක් ලෙස බව ඉන්දියානු මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණා.

මිට මාස තුනකට පෙර මේ ඝාතන රැල්ල ආරම්භ වූ අතර එතැන් සිට පළිගැනීමේ ගින්නෙන් මේ වඳුරන් දෙදෙනා පෙළෙන්නට වුණා. කල්යත්ම වඳුරන් එකින් එකාට එක්වී වඳුරු රෑනක් බවට පත්වී පළිගන්නට වූ බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සමහර විට මේ වඳුරන් දෙදෙනා මියගිය වඳුරු පැටවාගේ අම්මයි තාත්තයි වන්නටද පුළුවන්. තමන්ගේ දරුවාට මිත්‍ර වර්ගයා අහිමිවීම කොතරම් නම් හිතට වධයක් වන්නට ඇත්ද? මේ අහිමි වන්නේ තම සහෝදරයන්. අපේ රෑන යන වග හිතේ කෑකැරෙන්නට ඇති. කෙසේ හෝ සටන් කරලා මේ අපේ රෑන රැකගන්නට ඕනේ යැයි ඔවුන් විශ්වාස කරන්නට ඇති.

අවාසනාවන්ත ලෙස මේ වඳුරු කල්ලිය බලුපැටවුන් උස ස්ථානයකින් පහළට ඇද දමා මරණයට පත්කරන්නට විය. මුලින් වඳුරන් දෙදෙනකු වශයෙන් පටන්ගත් මේ සටන පසුගිය මාස කිහිපය පුරා මෙයට පළිගැනීමක් හැටියට මිනී මරණ වඳුරන් කල්ලියක් බවට පත්විය. බලු පැටවුන් 250කට අධික සංඛ්‍යාවක් මරා ඇති බව ඉන්දියාවේ මහරාෂ්ට්‍ර නාග්පුර් ප්‍රදේශය භාර වනජීවී නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පැමිණිලි කර තිබේ. මේ වඳුරන් දෙදෙනා සුනඛ පැටවුන් දුටු විට ඔවුන් අල්ලා කැලෑබද ප්‍රදේශවලට සහ උස් ගොඩනැගිලිවලට ගෙනගොස් බිමට වැටෙන්නට සලස්වා මරණයට පත්කරන්නට වූ බවයි ඔවුන් පවසා තිබුණේ.

බලු පැටියකු දුටු විගස වඳුරන් ඌව අල්ලාගෙන උසකින් යුතු තැනට ගෙනයනු ලබයි. එවිට බලු පැටවා එතැනින් ඉවතට විසිකරනු ලැබේ. මහාරාෂ්ට්‍ර ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ මේ වඳුරු කල්ලි ඉතා භයානක බවයි. මෙය ඉතා දුර්ලභ සිද්ධියක් බවද ඔවුන් පවසා තිබේ. මේ වඳුරන් සිදුකරන කල්ලි යුද්ධයෙන් ඇතිවූ උවදුරින් මජල්ගොන් ප්‍රදේශයේ ජනතාව මහත් කම්පනයට පත්ව ඇති බවයි දැනගන්නට ලැබුණේ. මුම්බායි ප්‍රාන්ත අගනුවරට සැතපුම් 300ක් නැගෙනහිරින් පිහිටි ග්‍රාමීය නගරයක් වන බිඩි දිස්ත්‍රික්කයේ මජල්ගෝන්හි මෙම විස්මයජනක සිදුවීම සිදුවූ බවයි වාර්තාවන්නේ. මේ නිසා ජනතාව යන එන මං නැතිව අතරමං වී ඇති බවද වාර්තා වි තිබුණා.

මේ සිදුවීම දිගින් දිගටම සිදුවෙන නිසා එරට සී නිවුස් වාර්තාකරුවකු වන විෂ්ණු බර්ගේ බිඩි දිස්ත්‍රික්කයට ගොස් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා සත්‍ය හෙළි කරන්නට වුණා.

වඳුරන් කිහිප දෙනකු විසින් බලු පැටවුන් උස් ස්ථානයකට ගෙනයන නමුත් කුඩා වඳුරකුට සුනඛයන් පහරදීමේ සිද්ධියක් හෝ ඔවුන් අතර කල්ලි ගැටුමක් පිළිබඳ කතාව හෝ තහවුරු වී නොමැති බව විමර්ශනයේදී අනාවරණවී තිබුණා. කෙසේ නමුත් ඇතැම් වඳුරන් බලු පැටවුන් සමග ගස් නැගීමට සමත්ව ඇති බවයි අනාවරණ වුණේ. බලු පැටවුන්ට ගස් මත සමබරව සිටීමට නොහැකිව වැටී මියගියා යැයි කියන පුවතේ සත්‍යතාවක් ඇති බවද ඔහු පවසා සිටියා. වඳුරන් විසින් බලු පැටවුන් ගොඩනැගිලි මතට ගෙනයන නමුත් ඔවුන් විසිනොකරන බවද ඔහු වාර්තා කර සිටියා. නමුත් බලු පැටවුන්ට වහලයෙන් තනිවම බැසගැනීමට හැකියාවක් නොමැතිව කුසගින්නේම කෑමට සහ බීමට ජලය නොමැති වීම නිසා මොවුන් මියගොස් ඇති බවද මේ විමර්ශනයේදී හෙළිවුණු බව ඔහු පවසා සිටියා.

බිඩි ප්‍රදේශයේ වාසයකරන ජනතාවට වහලේ මතට යාමට ඇති බිය නිසාම වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහාය පැතීමට ඔවුන්ට සිදුවිය. මේ වන විට නාග්පුර් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් වඳුරන් දෙදෙනකු අල්ලා ගෙන ඇත. මේ වඳුරන් දෙදෙනාව අසල වනාන්තරයකට මුදාහැරීමට නියමිතව තිබෙන බව ්භෂ පුවත් සේවය වාර්තා කර තිබුණා. ඒ වගේම වඳුරන් විසින් පාසල් යන ළමුන් කිහිප දෙනකුටද ප්‍රහාරයක් එල්ල කරමින් භීතිය ඇතිකිරීම නිසා ගම්වාසීන් ධාරුර්හි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අමතන්නට වූ බවද ඔවුන් වාර්තා කර තිබුණා. මෙම අරුම පුදුම සිදුවීම ගම්වැසියන් සහ බලධාරීන් අතර පමණක් නොව සමාජ මාධ්‍යවලද දැඩි කතාබහක් ඇති කළා. බොහෝ දෙනා වඳුරු – සුනඛ කල්ලි යුද්ධයේ සුනඛයන්ගේ පැත්ත ගන්නා බවක් දක්නට ලැබුණා. මේ බලු වඳුරු යුද්ධය ලාවුල්හි ප්‍රදේශ පුරා මේ වන විටත් ව්‍යාප්ත වෙමින් පවතී.

වඳුරන් විසින් බල්ලන් සම්පුර්ණයෙන් තුරන් කිරීමේ උත්සාහයක නිරත වන බව ඒ ප්‍රදේශයේ ජනතාව පවසා සිටි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ලාවුල්හි ප්‍රදේශයේ බල්ලන් තුරන්ව යෑමෙන් අනතුරුව වඳුරන් ගම් වැසියන්ද ලුහු බැඳීමට පටන් ගෙන ඇති අතර, සමහරුන්ට වඳුරන්ගෙන් ප්‍රහාර පවා එල්ලවී ඇති බවයි වාර්තා වුණේ.
මේ වඳුරු කරදරය පිළිබඳ ලාවුහුර් ගම්මානයේ පදිංචිකරුවකු වන සිමියන් කියා සිටියේ, ‘බලු පැටවුන් 200කට ආසන්න ප්‍රමාණයක ජීවිත අහිමි වෙලා තියෙනවා. පසුගිය මාස 3 පුරා මෙවැනි සිදුවීම් රාශියක් සිදුවුණා. මේ වඳුරෝ අපේ ගමට එනවා. බලු පැටවුන් අරගෙන උඩට යනවා. බලු පැටවුන් උඩට ගෙනිච්චාම උන්ට කන්න බොන්න නැතුව අකාලයේ මියයනවා…’ යනුවෙනි

වන සංරක්ෂණ නිලධාරී මුන්ඩේ පැවැසුවේ, බලු පැටවුන් උඩට ගෙනයන එක වඳුරන්ගේ පුරුදුදක් බවයි. සනී බෆලෝ විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ස්ටෙෆනි පෙන්වාදී ඇත්තේ වඳුරන් පළිගැනීමේ චේතනාවෙන් මෙලෙස ක්‍රියාකරන බවයි.

කෙසේ වෙතත් ඉන්දියානුවන් මේ වඳුරු සහ සුනඛ යන දෙපිරිසම දේවත්වයෙන් සලකන බව ඉතිහාසයේ සිට අද දක්වාම අපට දැකගන්නට පුළුවන්. ‌ඉන්දියාව සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රකටව පවතිනවා. ඉන්දියාවේ සුප්‍රසිද්ධ වඳුරු පන්සලක් ලෙස ජායිපුර්හි දුර්ගා පන්සල හැඳින්විය හැකියි. ඒ ප්‍රදේශයේ ජනතාව වඳුරා බලයේ සහ ශක්තියේ දෙවියා වන හනුමාන් ලෙස විශ්වාස කරනවා. මේ පන්සල වඳුරන් දහස් ගණනකගේ නිවහන ලෙසද සැලකේ. මෙය ඉන්දියාවේ වඩාත්ම පූජනීය ස්ථානයක් ලෙස දේවත්වයෙන් සලකයි.

ඉන්දියාවේ රටට අනන්‍ය වූ පැහැදිලි කළ නොහැකි අමුතුම දේවල් කිහිපයක් මෙරටෙහි පවතින අතර ඉන් එකක් වන්නේ කර්නාටක ප්‍රාන්තයේ පිහිටි චන්නපට්නා සුනඛ විහාරයයි. එය සුනඛයා ‘දෙවියෙකු’ ලෙස වන්දනාමාන කරන පන්සලකි. බැංගලෝර් නගරයේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටා ඇති මෙම විහාරස්ථානයේ පැවැත්ම ගැන බොහෝ දෙනෙක් නොදැන සිටියි.

මේ පන්සල ඉදිකරනු ලැබුවේ 2010 වසරේ ධනවත් ව්‍යාපාරිකයකු වූ රමේෂ් නමැති පුද්ගලයෙකි. ඔහු ගමේ ප්‍රධාන දේවතාවිය වන කෙම්පම්මායට කැපකරන ලද කෙම්පම්මා විහාරය ගොඩනැගූ බවයි ඉතිහාසයට එක්වී තිබෙන්නේ.

ගම්මුන් පවසන පරිදි වරක් බල්ලන් දෙදෙනකු අබිරහස් ලෙස ගමෙන් අතුරුදහන් වුණා. දින කිහිපයකට පසු, දේවතාවියකගේ සිහිනයකින් පෙනුණු නිසා ගම්වාසීන්ගේ ආරක්ෂාව සඳහා තමාට සමීපව සිටි නැතිවූ බල්ලන් සඳහා පන්සලක් ඉදිකරන ලෙස ඉල්ලා සිටියා. මෙම බලු මාලිගාව ඉදිකළ අතර නැතිවූ සුනඛයන් දෙදෙනකු මෙහි වන්දනාමාන කරයි. දේව මාලිගාව තුළ ඔබට සුනඛයන් දෙදෙනකුගේ ප්‍රතිමා දැකිය හැකි අතර, ගම්වාසීන් දැන් විශ්වාස කරන්නේ මෙම සුනඛයන් ඔවුන් ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් බලා සිට ඍණාත්මකව පැමිණෙන කරදර පලවා හරින බවයි. හින්දු පුරාවෘත්තවල, ෂ්වාන් යනුවෙන් බහිරව දෙවියන්ගේ වාහනය සුනඛ චරිතයකි. සෑම වසරකම මෙම මුර බල්ලන් වෙනුවෙන් ගමේ විශාල උත්සවයක් පවත්වනු ලැබේ. ඕනෑම සතෙක් තම වර්ගයාට කරදරයක් හිරිහැරයක් සිදුවන විට කල්ලි ගැසෙයි. ඒ තම වර්ගයා රැකගනීමට දරන සාමූහික ප්‍රයත්නයක් ලෙසයි. එසේම එය පවුලක සමගිය විදහාපෑමක් ලෙසත් අප හැමට අගනා පාඩමක් කියාදෙයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මහින්ද තිරුපති ගිය ජෙට් එක ගැන යෝෂිත කතා කරයි! යාළුවෙක්ලු දුන්නේ! හැබැයි නම දන්නෙ නෑලු!

Next Post

බෙත්ලෙහෙමෙ ජේසුතුමා උපදින කොට ලංකාවේ මොකද වුණේ? පායපු නත්තල් තරුව වළගම්බා රජ්ජුරුවොත් දැක්කද? බැමිණිතියා සාය ඉවර වුණේ තරුවේ ආශ්චර්යයෙන්ද? පළමු වරට කෙරෙන හෙළිදරව්වක්!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.