ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යා නිමල් ලංසා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
අප මීට පෙර අවස්ථා ගණනාවකදීම මව්රට වෙබ් අඩවිය ඔස්සේත්, රාජ්‍ය රහස් තීරය ඔස්සේත් මේ පිළිබදව යම් යම් ඉගි ලබා දීමට පියවර ගත්තෙමු.
එමෙන්ම ඊයේ දින අප විශේෂ පුවතක් පළ කරමින් කියා සිටියේ අමාත්‍යවරයකු විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට මේ සතියේ සූදානමින් සිටින බවය.










