• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදිසි නීතිය දැම්මේ මාධ්‍ය මර්දනය කරන්නද? වටගල කියපු කතාව හරිද? අනුර මොකක්ද කිව්වේ? විජේපාල කියන්නේ මොකක්ද? Sri Lanka Latest News

December 6, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
හදිසි නීතිය දැම්මේ මාධ්‍ය මර්දනය කරන්නද? වටගල කියපු කතාව හරිද? අනුර මොකක්ද කිව්වේ? විජේපාල කියන්නේ මොකක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළේය. ඒ අනුව, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වාගෙන යාම සහතික කිරීමේ අරමුණ ඇතිව නොවැම්බර් 28 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරිණි.Sri Lanka Latest News

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල සේවය කළ විමසීමකදී තහවුරු කළේ, හදිසි නීතිය පිළිබඳ රෙගුලාසි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ විට බලාත්මක වන බවය.

කෙසේ වෙතත්, ආපදා තත්ත්වය හමුවේ ප්‍රකාශයට පත්කරන ලද හදිසි තත්ත්වය, ජනතාව මර්දනය කිරීම සඳහා යොදා නොගන්නා බවට ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාවේදී සහතික විය.

‘කාර්යක්ෂම සේවයක් ලබාදීම වෙනුවෙන් මේ ආපදා තත්ත්වය කළමනාකරණය කරගනිමින් වේගවත් කාර්යක්ෂම යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාව වෙනුවෙන් අපි හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබාදෙන්න කැමැතියි. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණය කරගැනීමට සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කර ගන්නවා හැරුණුකොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන්, මෙම හදිසි නීතිය අපි උපයෝගී කරගන්නේ නැහැ’ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 30 වැනිදා ජාතිය අමතමින් පැවැසීය.

එසේ තිබියදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා සහ රජයේ මැති ඇමැතිවරුන් විවේචනය කරන අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන් බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබේ.

නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගේ ප්‍රකාශය
කෙසේ වෙතත්, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල රජයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියේ කළ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පරස්පර විරෝධී තත්ත්වයක් පෙන්නුම් කරයි.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ ඒ සඳහා හදිසි නීති රෙගුලාසි යටතේ ප්‍රතිපාදන ඇති බව එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

‘සමාජ මාධ්‍ය ජාලය ගත්තට පස්සේ ඉතාම නරක විදියට ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරියේ තෝරාගත් කිහිපදෙනකුටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ල කෙරෙමින් යනවා. එතකොට මේක ඩිවලොප් වෙන්න පුළුවන්. මේක දැන් ඉහළින් විදෙස්ගතව ඉන්න පුද්ගලයෝ සමාජ මාධ්‍ය ජාලයේ විශේෂයෙන් මේක කරන්නේ. ඕක ටිකක් ජනාධිපතිවරයාට කරනවා, අනිකුත් දේශපාලන අධිකාරියේ උදවියට ප්‍රහාරයන් එල්ල කරන එක, සමාන්‍යකරණයක් වෙන්න පුළුවන් තව දවසක් දෙකක් යනකොට හෝගාලා ප්‍රදේශීයව මේ ඉන්න මන්ත්‍රීවරියන්ටත් එකිනෙක ගන්න පුළුවන්.’

එම අවස්ථාවට සහභාගිවී සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් කොට්ඨාස ප්‍රධානීන් අමතමින්, නියෝජ්‍ය අමාත්‍යවරයා හදිස්සි නීති රෙගුලාසි කියවා පහදා දෙමින් නීතිය ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දෙන ආකාරය දක්නට ලැබේ.

‘භෞතිකව, ඔන්ලයින් මගින්, ඒ.අයි. තාක්ෂණය මගින් ඒ ආකාරයේ කිසිදු දෙයකින් මේ ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය අදහස්, විකෘති කිරීම් මේ තත්ත්වය අඩාළ කිරීමේ අරමුණින් කිසිදු කෙනකුට එහෙම ප්‍රචාරක කටයුත්තක් කරන්න බැහැ. ඒක ආවරණය කරලා තියෙනවා. ඔන්ලයින් තාක්ෂණය, ඒ.අයි. තාක්ෂණය ඒ කිසිවකින් අනාවරණ කරන්න බැහැ. ඒක මහජන ආරක්ෂාවේ කොටසක් විදියට විස්තර කරලා තියෙනවා….’

‘මේ ගැසට් එක අනුව අත්අඩංගුවට ගන්නේ සැකකරුවෙක් නෙවේ චූදිතයෙක්’
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ වැරදිවලට දෙනු ලබන දඬුවම්ද ඔහු විසින් පොලිස් නිලධාරීන්ට විස්තර කරදෙනු ලබන අතර, ඒ ආකාරයේ පැමිණිලි 20ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලැබී ඇති බවත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවැසීය. එමෙන්ම මේ සම්බන්ධව අත්අඩංගුවට ගනු ලබන්නේ, සැකකරුවන් නොව චූදිතයන් බවද ඔහු පොලිස් නිලධාරින්ට පවසයි.

‘මේ ගැසට් පත්‍රය මගින් තියෙන විශේෂත්වය තමයි අත්අඩංගුවට ගන්නේ සැකකරුවෙක් නෙමෙයි, අත්අඩංගුවට ගනු ලබන්නේ චූදිතයෙක්. අන්න ඒක කියා දෙන්න පුරවැසියන්ට’ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල උපදෙස් දෙයි.

(නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිසිය වෙත උපදෙස් දෙමින් කරනු ලබන ප්‍රකාශය එහි සිටින ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ද හිස සොලවමින් අනුමත කරනු වීඩියෝ දර්ශනවලින් දැකගත හැකිය.)

‘මිනිස්සු මිහිදන් වෙලා තියෙනවා, මිනිස්සු තමන්ගේ ජීවිතය පරිත්‍යාග වෙලා තියෙනවා. එවන් වටපිටාවක් ඇතුළේ බොර දියේ මාළු බාන්න අපි කිසිසේත්ම කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. පටු පෞද්ගලික දේශපාලන වාසි අත්කර ගන්න කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි මේ අවස්ථාවේ’ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

‘සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් හා මාධ්‍ය බය කරන්න දැන් ආණ්ඩුව උත්සාහ කරනවා’
හදිසි නීතිය භාවිත කරමින් මාධ්‍ය නිදහස සහ කතා කිරීමේ නිදහස යටපත් කිරීමට ආණ්ඩුව උත්සහ කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

‘ජනාධිපතිතුමා ජනතාවට එකක් කියලා ඇමැතිවරු දෙන්නෙක්ව යවනවා පොලිසිය දැනුවත් කරන්න ආණ්ඩුවට විරුද්ධව මාධ්‍යවල යන ඒවාට විරුද්ධව ඇක්ෂන් ගන්න. ඒක ඉතාම භයානකයි. මේ මොකක්ද කරන්න යන්නේ? මේ කරන්න යන්නේ සාමාන්‍ය නීතියෙන් කරන්න බැරි දේ හදිසි නීතිය යටතේ ආණ්ඩුවට විරුද්ධව එන, කතාකරන ඒවා කරුණු හෙළිදරව් වෙන ඒවා, මර්දනය කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේක ඉතාම භයානක ගමනක්. පහුගිය කාලේ මේ ඉස්සරහ පේළියේ ඉන්න ඇමැතිවරු ඔක්කොම දිව්වා ශානි ළඟට, අඬාගෙන ගියා, ශානි මේ බලන්නකෝ අපිට කරලා තියෙන දේවල් කියලා ශානි මුකුත් කළේ නැහැ, මොකද ශානි දන්නවා මේවා කරන්න ගියොත් ශානි ගාගන්නවා, ඒ හින්දා ශානි මුකුත් කළේ නැහැ. දැන් මේගොල්ලන්ට තේරුණා ශානි ගාවට ගිහිල්ලා වැඩක් නැහැ. දැන් මේගොල්ලෝ බලනවා හදිසි නීතිය පාවිච්චි කරලා මේ රටේ මාධ්‍ය නිදහස හා මේ තිබෙන ජනතාවගේ කතා කිරීමේ නිදහස යටපත් කරලා ඇත්ත තොරතුරු වසන් කරලා මේ ඉන්න සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් හා මාධ්‍ය බය කරන්න දැන් ආණ්ඩුව උත්සාහ කරමින් යනවා….’

පොලිසිය භාර මහජන ආරක්ෂක ඇමැතිවරයා කියන්නේ කුමක්ද?
ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හදිසි අවස්ථාව සම්බන්ධව කළ ප්‍රකාශ හරහා පරස්පරතා මතුව තිබීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් බීබීසි සිංහල සේවය මේ පිළිබඳ විමසීමක් කළේය.

කිසිදු මර්දනීය කටයුත්තක් සඳහා හදිසි නීතිය භාවිත නොකරන බව පැවැසූ අමාත්‍යවරයා මහ ජනයාට පීඩා සිදුවන ආකාරයේ, බියට පත්වන හා කැලඹෙන ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව සමාන්‍ය තත්ත්වයක් යටතේ වුවද ඉඩ නොදෙන බව පැවැසීය.

‘කිසිදු මර්දනීය කටයුත්තකට මේක යොදාගන්නේ නැහැ. එහෙත් අපිට ඉඩදෙන්න බැහැ මහජනයාට පීඩාවෙන විදියේ, මහජනයා බියට පත්වෙන විදියේ, කැලඹෙන විදියේ ක්‍රියාමාර්ග ගන්න කිසිම කෙනෙකුට, හදිසි නීතිය තිබ්බත් නැතත්. දේශපාලනයේදී කරන ප්‍රකාශ නම් අපි ගණන් ගන්නේ නැහැ.’

ජනාධිපතිවරයා අනුව යමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාද කියා සිටියේ හදිසි නීතිය කිසිදු මර්දන කටයුත්තකට යොදා නොගන්නා බවය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය
සමාජ මාධ්‍ය හෝ වෙනත් කුමන මාධ්‍යයක් ඔස්සේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ පළකරනු ලබන පුද්ගලයන්ට එරෙහිව ආපදා තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති හදිසි තත්ත්වය උපයෝගී කොටගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි විරෝධය පළකර තිබේ.

‘බලයට පැමිණීමට පෙර භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන්ම වර්තමානයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට නියෝග පැනවීම මගින් පිළිබිඹු වන්නේ වර්තමාන ආණ්ඩුව අවතීර්ණ වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මාර්ගයක් වෙත බවයි. පසුගිය වසරක පාලන කාලය තුළ මෙයට පෙරද ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහසට තර්ජනය කිරීමේ අවස්ථා ගණනාවක්ම අපගේ නිරීක්ෂණයට ලක්වී ඇති පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකිරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු…’ යැයි එම සංගමයේ සභාපති දුමින්ද සම්පත්​​​​ සහ ලේකම් රංග බණ්ඩාරනායකගේ අස්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

බීබීසී සිංහල

SendShareShare
Previous Post

12 වැනිදා ආපදාව ගැන දෙරණට ඇවිත් කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අනතුරු ඇඟෙව්වා නම් ඒක ප්‍රවෘත්තිවල දාලා දෙරණට ජනතාව දැනුවත් කරන්න තිබ්බා! දිලිත්ටත් වගකීම දායි! මහාචාර්ය නිර්මාල් රංජිත් මේ මොකද්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩු 4ක් වට්ටපු විපත් 4ක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.