• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩු 4ක් වට්ටපු විපත් 4ක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

December 6, 2025
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ආණ්ඩු 4ක් වට්ටපු විපත් 4ක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1956 මහ මැතිවරණය දේශපාලන ගංවතුරකි. ඒ ගංවතුරට ලංකාවේ විශාලතම පක්ෂය වූ යූ.ඇන්.පී.ය ගසාගෙන ගියේ මාලිගයක් ගංවතුරට ගසාගෙන යන්නා වගේය. ඒ දේශපාලන ගංවතුර ගහපු රැල්ලේ බඩපිනුම් ගැහුවේ බණ්ඩාරනායකය. ඔහු මහා ජන වරමකින් අගමැති වූයේ යූ.ඇන්.පී.ය බිඳදමා ප්‍රභූ පන්තිය පස්කොට නිර්ප්‍රභූ පන්තිය රජ වූවා කියමින්ය. ගතවූයේ වසරකි. Sri Lanka Latest News

බණ්ඩාරනායකගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව වූ සිංහල භාෂා පනත සම්මත කරන්න ගොස් ජාතිවාදී කෝලාහල ඇවිළී පසුව ඒ ජාතිවාදී කෝලාහල සමථයකට පත්කරන්න බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම අස්සන් කරන්න ගොස් රටම නොසන්සුන් වී තිබියදී මහා ගංවතුරක් ගැලුවේය. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ ඒ ගංවතුරට බණ්ඩාරනායකගේ ආණ්ඩුව සුන්බුන් ගොඩක් විය. රාජ්‍ය පරිපාලනය ගැන පළපුරුද්දක් නැති අත්දැකීම් නැති බණ්ඩාරනායකගේ ඇමැති මණ්ඩලයට ගංවතුර විපතට මුහුණ දීමට නොහැකි විය. මිනිස් ජීවිත 200ක් බිලිගත් ඒ ගංවතුර එවක නිදහස් ලංකාව අත්දුටු පළමු ව්‍යසනය විය. මිනිස්සු දොස් කීවේ ආණ්ඩුවටය. 1957 ගංවතුරට යටවූ ආණ්ඩුව කැබැලි කැඩි කැඩී වසර දෙකක් ජනතා විරෝධය මැද්දේ කොර ගහ ගහ ගොස් බණ්ඩාරනායක ඝාතනයෙන් අවසන් විය.

ඊළඟට එවැනි මහා ව්‍යසනයක් එන්නේ 2004 සුනාමියෙන්ය. සුනාමිය එන්න පෙර එවක ජනාධිපති චන්ද්‍රිකා ජවිපෙ සමග එක්ව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා විපක්ෂයේ ප්‍රබලතම චරිතයක් වූ එස්.බී. අධිකරණයට අපහාස කළා කියා හිරේ දමා විපක්ෂය අන්ත අසරණ කර තිබිණි. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හොරණෑව වූ ජවිපෙ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු වූහ. වත්මන් ජනාධිපති අනුර කෘෂිකර්ම ඇමැති විය. විජිත හේරත් සංස්කෘතික ඇමැති විය. ලාල්කාන්ත, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්තිලා නියෝජ්‍ය ඇමැතිවරු වූහ. මේ වෙනකොටත් චන්ද්‍රිකා සහ ජවිපෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට විධායක අගමැති ලෙස චන්ද්‍රිකාට තෙවැනි නිල කාලයකට රට පාලනය කරන්න හැකිවන සේ නව ව්‍යවස්ථාවක් හදන්න සාකච්ඡා කරමින් සිටියහ. චන්ද්‍රිකා සහ ජවිපෙ සැලසුම වූයේ 2005 ජනාධිපතිවරණය අහෝසි කොට පක්ෂ දෙක එක්ව සන්ධානයෙන් මහ ඡන්දයට යන්නටය. යූ.ඇන්.පී.ය සහ යූ.ඇන්.පී.යේ නායක විපක්ෂ නායක රනිල් හිටියේ දුර්වල තැනකය.

2004 දෙසැම්බර් සුනාමිය ආවේ කවුරුත් හිතපු නැති වෙලාවකය. සුනාමිය එනවිට චන්ද්‍රිකා හිටියේ විදේශගතවය. සුනාමියට පෙර පරද්දන්න බැරි ආකර්ෂණීයතම නායිකාව ලෙස ප්‍රකට වී තිබූ ඇයගේ ප්‍රතිරූපය සුනාමියෙන් කෑලි කෑලිවලට සුනුවිසුණු විය. ඇයට එරෙහිව එල්ලවූ චෝදනාව සුනාමිය ගැන කල්තබා ජනතාවට අනතුරු අඟවා නොතිබීමය. සුනාමියෙන් පසු ඇය ඇයගේ ලොකුම හයිය වූ හවුල්කාර පක්ෂය ජවිපෙ සමග ප්‍රශ්න හදාගත්තාය. ඇය ජවිපෙ මතයට කන් නොදී එල්.ටී.ටී.ඊ.ය සමග සුනාමි ආධාර බෙදාහදා ගන්න සුනාමි සහන මණ්ඩලයක් හදාගත්තාය. සුනාමියෙන් චන්ද්‍රිකාගේ ජනප්‍රියත්වය පිරිහී ගොස් ඇති බව ජවිපෙට දැනුණි. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න හේතුවක් සොයා අවසානයේ චන්ද්‍රිකා ප්‍රභාකරන් සමග අස්සන් කළ සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ආණ්ඩුවෙන් එළියට බැස්සේය. චන්ද්‍රිකාගේ සමීපතම ගෝලයා වූ මංගල ඇතුළු ඇමැතිවරු පිරිසක් ජවිපෙට සහාය පළ කළහ. චන්ද්‍රිකා අන්ත අසරණ වූවාය. මංගල සහ ජවිපෙ එක්වී චන්ද්‍රිකා ඉවත් කර මහින්දව 2005 ජනාධිපතිවරණයට කරළියට ගෙන ආහ. චන්ද්‍රිකාත් ඇගේ ආණ්ඩුවත් එතැනින්ම අවසන් විය.

ඊළඟ ව්‍යසනය 2019 පාස්කු බෝම්බයය. පාස්කු බෝම්බය එන්න කලින් එවක ජනාධිපති මෛත්‍රී අගමැති රනිල්ව අගමැතිකමෙන් එළවා මහින්දව අගමැති කරන්න ගොස් 2018 පුංචි ඡන්දයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ගත් මහින්දගේ ජනප්‍රියතාව හීනවී තිබිණි. රනිල්ට යළි අගමැති ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් ලැබීම නිසා 2018 පුංචි ඡන්දයෙන් පරාජය වූ යූ.ඇන්.පී.යට නව පණක් ලැබී තිබිණි. අගමැතිකම භාරදී ගෙදර ගිය මහින්ද හිටියේ අසරණවය. පාස්කු බෝම්බය පිපිරුවේ ඒ අතරමැදය. ඒ බෝම්බය ආණ්ඩුවට දමා ගහපු බෝම්බයක් විය. බෝම්බයෙන් මෛත්‍රී සහ රනිල්ගේ දේශපාලනයේ කෑලි හොයන්න බැරි විය. බෝම්බයත් සමග ගෝඨාභය මතුවිය. ආරක්ෂාව රටේ ප්‍රධානතම ප්‍රශ්නය විය. ගෝඨා වටා මහා ජන රැල්ලක් ගොඩනැගුණි. මෛත්‍රී සහ රනිල් දෙදෙනාටම ගෙදර යන්න සිදුවිය.

ඊළඟ ව්‍යසනය 2020 කොවිඩ් වසංගතයය. කොවිඩ් වසංගතය එන විට ගෝඨා හිටියේ රජෙක් වගේ මුළු රටම එක මිටට තියාගෙනය. රාජපක්ෂ පවුල හිටියේ රජ පවුල වගේය. ගෝඨාගේ හිස මතින් මැස්සෙක්වත් පියෑඹුවේ නැත. ගෝඨා කොවිඩ් මර්දනය කළත් කොවිඩ් නිසා මිනිස් ජීවිත අහිමි වුණු පවුල්වල කලකිරීම් කොවිඩ් නිසා ව්‍යාපාර කඩාවැටුණු පවුල්වල කලකිරීම් හමුවේ ගෝඨාගේ ආණ්ඩුව හිටියේ හතර ගාතේ වැටිලාය. කොවිඩ් ඒමට පෙර හතර ගාතේ වැටී සිටි විපක්ෂයට කොවිඩ් නිසා නව පණක් ලැබිණි. ගෝඨාට එරෙහිව විරෝධයක් පවත්වන්න පක්ෂ බිය වී සිටි කාලයක කොවිඩ්වලට පසුව සමගි ජන බලවේගය ගෝඨාගේ ජනාධිපති කාර්යාලය වටකළේය. ගෝඨාගේ ආණ්ඩුව ඒ වනවිටත් සිටියේ කරකියාගත හැකි දෙයක් නොමැතිවය. ගෝඨාගේ කොවිඩ් මර්දනයත් මිනිස්සුන්ට අමතක වූයේ කොවිඩ් ප්‍රතිඵලයක් ලෙස පැනනැගි ආර්ථික අර්බුදය නිසාය. කොවිඩ්වලින් ලෙඩවුණු ගෝඨා සහ ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් මරණාසන්න විය.
‘ඒ කියන්නේ ස්වභාවික ව්‍යසනයක් කියන්නේ ආණ්ඩු වෙනසක්ද…?’

පේන්නේ එහෙමය.

‘එතකොට 2025 ගංවතුර ව්‍යසනයෙන් ජවිපෙ ආණ්ඩුව වැටෙයිද…?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ලංකාවේ ව්‍යසන තුනක්ම පැමිණ ඇත්තේ ජවිපෙ ආණ්ඩුවකට නැත්නම් ජවිපෙ සහාය ලබන ආණ්ඩුවකටය.

2004 සුනාමිය ආවේ ශ්‍රීලනිප-ජවිපෙ ආණ්ඩුවක් බලයේ තිබුණු වෙලාවේය. ඒ වෙලාවේ විධායක ජනාධිපති චන්ද්‍රිකා වුවත් ඇය රට ආණ්ඩු කළේ ජවිපෙ කියන විදියටය.

2019 පාස්කු බෝම්බය පුපුරන විට ජවිපෙ මෛත්‍රී-රනිල් ආණ්ඩුවට රහසින් උදව් කරමින් සිටියහ. 2015 ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයකු දමන්නේ නැතිව වක්‍රව මෛත්‍රිට සහාය පළ කළේය. මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ දූෂණ මර්දන මෙහෙයුමේ ජවිපෙ නායක අනුර ප්‍රධාන චරිතයක් විය. 2019 පාස්කු බෝම්බයට පෙර ජනාධිපති මෛත්‍රී රනිල්ව අගමැති ධුරයෙන් පහකළ විට රනිල්ව යළි අගමැති කරන්න ජවිපෙ සහාය දුන්නේ රනිල් අගමැති ධුරයෙන් පහකිරීම නීති විරෝධී යැයි කියා ශ්‍රේෂ්ඨාධිකරණයට යමින්ය. එසේම පළාත් සභා ඡන්දය කල් දමන්නත් ජවිපෙ මෛත්‍රී-රනිල් ආණ්ඩුවට හොරෙන් උපදෙස් දුන්නේය. 2019 පාස්කු බෝම්බය එල්ල වුණේ එලෙස ජවිපෙ සහාය ලබපු ආණ්ඩුවකටය. බෝම්බයෙන් ජවිපෙද වැටුණේ ජවිපෙ ප්‍රධාන සටන් පාඨය වූ හොරකම පරයා ආරක්ෂාව රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වෙමිනි.

අනෙක් ව්‍යසන මෙන් නොව 2025 ගංවතුර ව්‍යසනය ආවේ බංකොලොත් වුණු රටකටය. ජනතාවට කලින් අනතුරු අඟවා ව්‍යසනය අවම කරගැනීමට හැකියාව තිබියදී එසේ නොකිරීම ගැන 1957, 2004, 2019, 2020 ආණ්ඩුවලට එරෙහිව එල්ලවූ චෝදනාවම මේ ආණ්ඩුවටත් එල්ලවී තිබේ. ඒ කියන්නේ මෝස්තරය එකය. 1957, 2004, 2019, 2020 මෙන් නොව ප්‍රතිඵලය දරුණු විය හැක්කේ බංකොලොත් වූ ආර්ථිකයකට මෙවැනි ව්‍යසනයකට මුහුණ දිය නොහැකි නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හදිසි නීතිය දැම්මේ මාධ්‍ය මර්දනය කරන්නද? වටගල කියපු කතාව හරිද? අනුර මොකක්ද කිව්වේ? විජේපාල කියන්නේ මොකක්ද? Sri Lanka Latest News

Next Post

සෙල්ලම් නෑ! ජලාශ 71ක් තවමත් වාන් දමනවා! ඒ අතර ප්‍රධාන ජලාශ 36ක්! Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.