• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමුක්ති පුතා පළමු වරට අම්මා චන්ද්‍රිකා ගැන කතාකරයි! Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
විමුක්ති පුතා පළමු වරට අම්මා චන්ද්‍රිකා ගැන කතාකරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සමහරෙකු ප්‍රකාශ කරන්නට පුළුවන් අපේ පවුල් පරම්පරාවන් සාම්ප්‍රදායික හෝ ගතානුගතික ඒවා කියලා. නැහැ. ඒ අදහස වැරැදියි. අපේ පවුල් සාම්ප්‍රදායික නැහැ. ආරම්භයේ සිට බැලුවත් අපට එහෙම ගතානුගතිකත්වයක් නැහැ. ඒ නිසා මගේ මව පවා ඒ සම්ප්‍රදායෙන් මිදුණු කෙනෙක්. ඇයගේ මවුපියන් (මගේ මිත්තණිය සහ සීයා) යන දෙදෙනාම මේ රටේ හිටපු අගමැතිවරුන් වුණත් ඇයට සම්ප්‍රදායට ගැතිවී කටයුතු කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඇයට තමන්ගේ මවුපියන්ගෙන් පවා හිමිවුණේ ගතානුගතිකත්වයට බර නොවුණු ජීවිත හැදී වැඩීමක්. බොහෝ නිදර්ශනානුකූල පවුලක හැදීවැඩීමට ඇය වාසනාවන්ත වුණා. මගේ මවට ගතානුගතික පරිසරයක් නොතිබුණා නෙවෙයි, එහෙත් මගේ මිත්තණිය (ඇයගේ මව) ඇයගේ ජීවිතය කෙරෙහි බලපෑම් එල්ල කළේ නැහැ. ඒ අය ජීවත් වුණේ මහජන ඇසක් හා ගැටෙන සමාජයක. එයට හේතු වුණේ එම සමාජ වටපිටාවයි…’ Sri Lanka Latest News

අපේ රටේ පවුල් සමාජ පසුබිමකට අදාළව ඇසෙන මෙම කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කීපයකට පෙරදී ඇසුණු මෙම කතාව කියා සිටින්නේ එක්තරා සුවිශේෂ පුද්ගලයකු විසිනි. ඔහු නම් අප සමාජය බොහෝ හොඳින් හඳුනන විමුක්ති කුමාරතුංගය. විමුක්ති කුමාරතුංග යනු මෙරට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සහ ප්‍රවීණ, ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංගගේ එකම පුත්‍රයාය. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයකු වෙයි. ඔහු ගැන තවත් වැඩිදුර තොරතුරු සොයා බලන්නට ප්‍රථම ඔහු විසින් සිදුකළ ඉහත ප්‍රකාශයේ ඉතිරිය සොයා බලමු. විමුක්ති කුමාරතුංග විසින් මෙහිදී සිදුකරනු ලබන්නේ ඔහුගේ මෑණියන් වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ජීවිතයට අදාළ වූ සුවිශේෂ ලක්ෂණ ගැන පැහැදිලි කිරීමකි. යම් මාධ්‍යයක් වෙත සිදුකරන ලද එම ප්‍රකාශය පසුගියදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ‘ෆේස්බුක්’ පිටුවක එයට අදාළ වීඩියෝ පටිගත කිරීම සමග පළකෙරී තිබිණි. එය තවදුරටත් මෙසේ කියයි.

මගේ මිත්තණිය (හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය) ඇයගේ දියණියන්ගේ ජීවිත කෙරෙහි විශාල ලෙස බලපෑම් එල්ල කළේ නැහැ. දියණියන්ගේ විවාහයන්, පුද්ගලික ආශාවන් හෝ ඔවුන්ගේ අධ්‍යාපනික මට්ටම් ගැන හෝ ඇය බලපෑම් එල්ල නොකර ඇති බවයි මට හැඟී යන්නේ. ඒ නිසා ගතානුගතිකත්වය ඇයගේ සංවේදී ක්‍රියාවලියක් නෙවෙයි. ඒ නිසාම මගේ මවටත් එම ගතිගුණම පිහිටනු ලැබුවා. මමත් මාගේ සහෝදරියත් එවැනි වටපිටාවකම හැදීවැඩීමට වාසනාවන්ත වුණා. අපි දෙදෙනාම ප්‍රකට දේශපාලන නායිකාවගේ සහ දේශපාලනයට පිවිසි ප්‍රකට රංගධරයකුගේ දරුවන් වුණත් යටකී වටපිටාව හේතුවෙන් අපගේ ජීවිතවලට කිසිදු බලපෑමක් මවුපියන්ගෙන් එල්ල වුණේ නැහැ. අපගේ මහත් අවාසනාවකට අපට තාත්තා නැතිව ගියත් අදටත් අප සමග සිටින මවගේ සියලු ආශීර්වාදය අපට හිමිවෙනවා. පියා නැතිවූ අපගේ කුඩා කාලයේ සිටම අපව හදාවඩා ගැනීමට ඇය ගත් වෙහෙස සහ ධෛර්යය කියා නිම කරන්න බැහැ. අප උස්මහත් කරන්න ඇය විශාල කැපකිරීමක් සිදුකළත් අපගේ තරුණ ජීවිතවලට ඇය බලපෑම් කළේ නැහැ. අපගේ සමහර යහළුවන් සිටියා ඔවුන්ගේ මවුපියන්ගේ දැඩි පීඩනයට සහ බලපෑම්වලට ලක්වුණු. එහෙත් අපට එහෙම වුණේ නැහැ. අනවශ්‍ය පීඩනය නිසා දරුවන්ගේ ජීවිතවල විශ්වාසය, හැකියාව හා අනාගතයට මුහුණ දීමේ හැකියාව පවා විනාශ වී යනවා. එහෙත් අපගේ මව අපට එහෙම වෙන්න කටයුතු කළේ නැහැ. ඇය නිරන්තරයෙන්ම අපි දෙදෙනාගේ හැඟීම්වලට සහ ආශාවන්ට ඉඩ දුන්නා. ඇයගේ වටිනාම ලක්ෂණය තමයි අපට කැමැති ජීවන මාර්ගය සකසා ගන්න ඇය විසින් අපට උපරිම නිදහස ලබාදීම…’
විමුක්ති කුමාරතුංග තමාගේ මව ගැන තවදුරටත් මෙසේ අවධාරණය කර සිටියි.

‘එක් අතකින් මගේ මව චන්ද්‍රිකා කුමාරතුංග කියන්නේ මෙරට විධායක කාන්තාවක්. එසේම මෙරට ක්‍රියාකාරී දේශපාලනයේ ප්‍රබල චරිතයක්. මගේ මව සහ මිත්තණියගේ සුවිශේෂත්වය තමයි ඔවුන් මෙරට දේශපාලනයේ සිටි ක්‍රියාකාරී කාන්තා චරිත වීම. මෙරට දේශපාලනයේ ප්‍රබල කාන්තාවන් නොසිටි සමයක ඔවුන් ඒ මෙහෙවර ඉටුකළා. ඒකාධිපති සහ ආඥාදායක ප්‍රබල පාලනයක් මේ රටේ තිබෙන විටදී තමයි ඔවුන් මෙරට බලයට පැමිණියේ. විශේෂයෙන් මගේ මව දශක ගණනාවක එවැනි පාලනයක් තිබෙන විටදී තමයි චණ්ඩ මාරුතයක් හමාගෙන එනවා වගේ මෙරට බලයට පැමිණියේ. ඇය බලයට පැමිණියාට පසු ඇයගේ රජය පවත්වාගෙන යෑම සඳහා සුදුසු පුද්ගලයන් යොදවාගෙන එම මෙහෙවර ඉටු කළා. එම පුද්ගලයන්ට නිසි තනතුරු ලබාදුන්නා. එවැනි සාර්ථක රාජ්‍ය පරිපාලනයක් තිබෙන වටපිටාවකදී තමයි මොකක්දෝ අවාසනාවකට ඇයට ත්‍රස්ත ප්‍රහාරයකට පවා ලක්වෙන්න සිදුවුණේ. ඇය බොහෝ ලිබරල්වාදී විවෘත මනසක් ඇති කාන්තාවක්. ඇය එවැනි ප්‍රහාරයකට ලක්විය නොයුතු කෙනෙක්. එහෙත් එසේ සිදුවුණා. මෙම සිදුවීම නිසා ඇය බොහෝ කනගාටුවට පත්ව තිබුණා. එහෙත් ඇය අභියෝගයන් භාරගැනීමට කැමැති ගැහැනියක්. උත්පත්තියෙන්ම ඇයට ඒ ගතිගුණ පිහිටන්න ඇති. ඇයගේ ජීවිතයෙන් පෙන්වා දී ඇත්තේ දේශපාලනය හා දේශපාලනයම තමයි. ඇයගේ ඇඟේ ලේවල එය තියෙනවා ඇති…’

වෛද්‍ය විමුක්ති කුමාරතුංග දැනට 43 වැනි වියේ පසුවන අතර, ඇය දැනට 80 වැනි වියේ පසුවන්නීය. වෛද්‍ය විමුක්ති, මෙරට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ එකම පුත්‍රයාය. ඔහු බි්‍රතාන්‍ය තරුණියක සමග විවාපත්වී දැනට මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) වාසය කරයි. ඔහු මෙරට දේශපාලනයට පැමිණෙනු ඇතැයි විවිධ පාර්ශ්ව විශ්වාස කළද ඔහු කිසිදු විටක දේශපාලනයට එක්වන්නේ නැතැයි මෙයට වසර කිහිපයකට ඉහතදී විවෘත ප්‍රකාශයක් සිදු කළේය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

1917 හදපු දවසෙ ඉඳලා පරණ පුරුදු විදිහට තියෙන කොටුව ස්ටේෂන් එක කණපිට පෙරළන්න බිමල් ලෑස්ති වෙයි! වියදම මිලියන 1395ක්! කෝච්චියේ යන අය ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබන්න සූදානම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ මේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී කතා කළා! ආණ්ඩුවෙන් කතාකරන්න ඉඩ දුන්නෙත් නෑ! මෙන්න මේ මිනිස්සු දැනු කොටුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරනවා! විපක්ෂනායක අද එතනටත් ගිහින් මිනිස්සුන්ගේ දුක සැප සොයා බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

Load More
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

දවස 2024 අගෝස්තු 20 වැනිදා. මේක රැස්වීමක්. රැස්වීමක් කිව්වට දේශපාලන රැස්වීමක්. දේශපාලන රැස්වීමේ කතා කර කර ඉන්නවා එවක විපක්ෂයේ හිටපු...

Read more
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.