කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් බවට වැඩිදියුණු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව, එම සැලසුම් සඳහා මේ වන විට මුදල් ලැබී බවත්, මේ වසර අවසානයට පෙර කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ආරම්භ කරන බව පැවසේ.
එහිදී මගීන්ගේ පහසුව සැලසීම කෙරෙහි වැඩි අවදානය යොමු වී තිබෙන බවද, දැනට කොටුව දුම්රිය ස්ථානයේ ඇති ගෘහ නිර්මාණ ශිල්පයට ගැලපෙන පරිදි නවීකරණය කිරීම් සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කර සිටියා.
යාන්ත්‍රික පඩිපෙළවල් (escalator) හා නවීන ප්‍රවේශපත් ද්වාර (Ticketing Gates) වැනි අළුත් අංගෝපාංග යොදා සිදුකරන නවීකරණය කිරීම් මෙයට ඇතුළත් වන බවත්, 2026 වසර අවසන් වන විට මෙම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
මහාමාර්ගයේ සිට මගීන්ට මෙම දුම්රිය ස්ථානයට ඇතුලුවීම සඳහා නව ගුවන් ප්‍රවේශ මාර්ග, මහල් තුනක අලුත් ගොඩනැගිල්ලක් හා නව දුම්රිය වේදිකාවක්ද සැකසීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.










