මරදාන ආනෝල් මාවතේ පිහිටි අලෙවි මවුලානා උත්සව ශාලාව කොළඹ සුදු වැල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායෙකු වන කිත්සිරි රාජපක්ෂ නැමැත්තා විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන එම උත්සව ශාලාව ඉදිරිපිට අනවසර ඉදිකිරීම් කරගෙන යන බවට අධිකරණය හමුවේ පැවරූ නඩුවට අදාළව තහනම් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණය කටයුතු කොට ඇත.Sri Lanka Latest News
අප්‍රේල් 4 දක්වා මෙම නියෝගය පනවා ඇත.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ ෆයිසර් මුස්තාෆා මහතාය.
අලෙව් මවුලානා උත්සව ශාලාව ඉදි කර ඇත්තේ එක්සත් නිදහස් සන්ධාන ආණ්ඩුවේ හිටපු කම්කරු ඇමතිවරයෙකු , බාහිර පළාකේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු අලෙවි මවුලානාට උපහාරයක් වශයෙනි . ඔහු ජිවත් වුයේ ද සුදු වැල්ල ප්රදේශයේය .