• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැට් එක වැඩි කරන ඡන්දය දිනපු සතුටට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පාටියක් දාලා! ජනාධිපතිතුමාත් ඇවිත්! ඒ මදිවාට හිටපු ජනාධිපතිතුමාත් ඇවිත්! දවල් ඡන්දය දෙන්නේ නෑ කියලා ලෝකෙට ඇහෙන්න මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරපු කෙනාත් රෑ පාටියට ගිහින්! මරු නේ..! VIDEO I Sri Lanka Latest News

December 12, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
අද පාටි! නෝනලාත් එක්කම හවස 7ට අරලියගහ මන්දිරයට එන්න! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අද උදේම පණිවුඩයක් එයි!
Share on WhatsAppShare on Facebook

ජනවාරි 1 වැනි දා සිට පොත්, සඟරා, ජර්නල්වල වැට් බදු වැඩි කිරීම නිසා මිල ඉහළ යන බවත් රජය උගත් බුද්ධිමත් ජන සමාජයක් ගොඩ නගන්නේ ඒ ආකාරයට බවත් ඊට අමතරව ගෑස් පෙට්‍රල් ඩීසල් කෘෂිකාර්මික උපකරණ සහ යන්ත්‍ර, පොහොර, පරිගණක උපාංග, වෛද්‍ය උපකරණ, සූරිය බලශක්ති සහ සුළං විදුලිය නිපදවීම සඳහා යොදාගන්නා උපාංග, විද්‍යුත් උපකරණ සහ භාණ්ඩ, වෛද්‍ය සැත්කම් උපකරණ, දත්ත වෛද්‍ය උපකරණ, දේශීය නිෂ්පාදන මෙන්ම සහල් නිෂ්පාදනය, සීනි නිෂ්පාදනය, තේ කර්මාන්තය සඳහා භාවිත යන්ත්‍ර, ස්වර්ණාභරණ කර්මාන්ත, දේශීය නිෂ්පාදිත රෙදි පිළි, ආබාධිත තැනැන්තන් පරිහරණ කරණ මෝටර් රථ වාහන, වෘත්තීය සහ ප්‍රායෝගික පුහුණු සඳහා අවශ්‍ය මෙවලම් ආදියෙද මිල ඉහළ යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා රටට හොඳයි කියන සෑම දෙයකම වැට් බදු සියයට 18කින් වැඩි වන බවත් මෙසේ වැට් බදු වැඩි කරමින් රටට නව ආරම්භයක් ලබා දෙන්නේ කෙසේද කියා ප්‍රශ්න සහගත බවත් වැට් බදු වැඩි නොකර විකල්පයක් ක්‍රියාත්මක කරන්න රජය සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විකල්පයක් ලෙස රටෙන් සොරා ගත් ධනය නැවත රටට ගෙන ඒම, බදු පරිපාලනය කාර්යක්ෂම කර බදු දැල ව්‍යාප්ත කිරීම, ගජමිතුරන්ට ලබා දී ඇති බදු සහන ඉවත් කර රාජ්‍ය ආදායම වැඩි කිරීම සිදු කළ හැකි බවත් මෙම වැට් බදු වැඩි කිරීම දූෂණ බද්දක් බවත් කුඩා දරුවාගේ සිට තරුණයා දක්වාත් ඉන් පසුව වැඩිහිටියන් දක්වාත් සියලු දෙනාගේම ජන ජීවිත පරිහාණියට පත් කර ඇති බවත් මෙම දුර්දාන්ත වැට් බදු වැඩි කිරීම තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයි. එම්. එෆ්. එකේ දෙවැනි වාරිකය ගැන තීන්දුව ගැනීම අද සිදුවන බවත් වසර 4ක ණය පහසුකමින් කාර්තුවකට කොන්දේසි සහිතව ඇ. ඩොලර් මිලියන 333 ගානේ ලබා දෙන්න තීන්දු කළත් බංකොලොත් රටේ දූෂණය වංචාව හොරකම ව්‍යාප්ත කිරිම නිසා එම කොන්දේසි කඩ කළ බවත් රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා දෙවැනි කාර්තුව නොලැබී ගිය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

වැට් වැඩි කරන්න IMF එක කිව්වේ නැහැ

වැට් බදු වැඩි කරන්නැයි අයි. එම්. එෆ්. එක කියා නොමැති බවත් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම පමණක් කියා ඇති බවත් ඒ සදහා අවශ්‍ය ක්‍රමවේද විපක්ෂය විසින් හදුන්වා දී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කතා කරන්න හදන විට ආණ්ඩුව විපක්ෂයට ඉඩ ලබා නොදුන් බව යි.

රජය වැට් බදු විවාදයත් නතර කළා

වැට් බදු සදහා විවාදයක් ලබා දෙන බවට සභානායකවරයා සහ කතානායකවරයා ප්‍රකාශ කළත් එය නතර කර අකර්මන්‍ය කළ බවත් එයට හේතුව රජයට ඇත්තට මුහුණ දිය නොහැකි නිසා බවත් ඒ නිසා වැට් බදු විවාදය නතර කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

ජනතාවට දුක ආණ්ඩුවට සැප

තමන්ගේ බිරිඳගේ මෘත දේහය සාලේ තියා ගෙන එළියේ බූරුවා ගසා එකතු කර ගත් මුදල්වලින් කසිප්පු බොන සැමියකුගේ චරිතය වත්මන් රජය රග දක්වන බවත් ජනතාවට අධික වැට් බදු ගසා ජන ජීවිත විනාශ කර ලබා ගන්නා මුදලින් ආණ්ඩුව සැපසේ වැජබෙන බවත් මොවුන් අම්බරුවන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

වැට් ජය සමරා අරලියගහ මැදුරේ පාටියක්

රටේ ජනතාවගේ කරපිට දැඩි පීඩනයක් ගෙන දෙන වැට් බදු යෝජනාව සම්මත වූ පසු රජය ඔල්වරසන් දී එම ජය සැමරූ බවත් එසේ ජය සමරා ඊයේ රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ සාදයක් පවා පැවැත්වූ බවත් ඒ සදහා අනුග්‍රහය අගමැතිවරයාගෙන් බවත් ඒ සදහා වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සහභාගී වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දූෂණ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව සටන් කිරීම නිසා ඇමතිකමත් නැති වු රොෂාන් රණසිංහ මහතා වැට් එකට විරුද්ධව විපක්ෂය හා එක්ව ඡන්දය ලබා දීම අගය කරන බව යි.

දෙබිඩි ක්‍රියාකාරකම් සහිත දිව හතේ වැඩ සිදු කරන පොහොට්ටුව මේ වන විට නත්තල් පාටි කියා වැට් බදු වැඩි කිරිම සමරන බවත් රජයට නත්තල් තිබුණට ජනතාවට උරුම දුක කදුල වේදනාව පමණක් බැවින් මේ මොහොතේ හෝ වැට් බදු වැඩි කිරීම නැවත වෙනස් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

තවත් අතුරු කමිටු එපා! අමාත්‍යංශ වාර්තා එපා! සියලු සුදුසුකම් සහිත විගණකාධිපතිවරයා විසින් කරපු වාර්තාව තියෙනවා! ‌පොහොරත් නැතිව ඩොලර් මිලියන 6.9ක් ගෙවපු අසූචි පොහොර වංචාවේ වගකිවයුත්තන්ට වහාම පියවර ගන්න! විපක්ෂනායක සජිත් අදත් අසූචි පොහොර ප්‍රශ්නය එළියට අදී! VIDEO I Sri Lanka Latest News

Next Post

දූෂිත ක්‍රිකට්වලින් රටට අහිමි වන මුදල නැවත ලබා ගන්නේ නැත්තේ ඇයි? පාසල් ක්‍රිකට්වලට වෙන් කරපු බිලියන 1.5ම ලැබෙනවාද? රට දිනවපු තරුෂිලා සිය ගණනින් බිහිකරන විදිහ සජිත් පාර්ලිමේන්තුවට පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.