ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ දූෂිත පරිපාලනය වෙනුවට නව පාලනයක් ඇති කර නව නීති සම්පාදනය කර ක්‍රිකට් තුළින් රටට අහිමි වූ මුදල් නැවත ලබා ගැනීමට හැකියාව පැවතිය හොත් තරුෂි කරුණාරත්න වැනි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දහස් ගණනක් රටට බිහි කළ හැකි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කර ගත් යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්ව සඳහා සහභාගී වී රන් පදක්කම දිනා ගත් තරුෂි කරුණාරත්නට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදලක් පරිත්‍යාග කර ඇති බවත් එය හොඳ දෙයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ මෙවර අයවැයෙන් බිලියන 1.5ක මුදලක් පාසල් ක්‍රීඩාව සහ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න වෙන් කර ඇති බව සඳහන් වුවත් එම මුදල් සැබෑ ලෙසම ලැබෙනවාද කියා ගැටලුවක් ඇති බව යි.










