රටේ සමස්ත ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත් වු පසු පොරොන්දු වු සහන අපේක්ෂා කළත් ඒවා ඉටු නොවු බවත් විදුලි බිල 66%කින් අඩු කිරීම බඩු මිල අඩු කිරීම සිදු කරන බව කිව්වත් එය සිදු නොවු බවත් පාස්පෝට් පෝලිමට විසදුම් දෙනවා කිව්වත් එයද ඉටු නොවු බවත් ජනතාව රැවටු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා කියු ආකාරයට විදුලි බිල 66% අඩු කර බඩු මිල අඩු කර බදු අඩු කරන ලෙස අභියෝග කරන බවත් ජනතාව රවටන ආණ්ඩුවක් නොවන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මැද කොළඹ දී පැවැති ජන හමුවකදීය.
පීඩනයෙන් අසහනයෙන් සිටින බහුතර ජනතාවට දෙනවා කියු සහන නොදුන් බවත් මේවා කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නොවන බවත් මේ ගැටලුවලට විසදුම් දෙන්න බැරිව රජයත් ජනතාවත් අසරණ වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසෙම මැතිවරණ වේදිකාවේ කියු කිසිම බදු අඩු කිරීමක් නොවු බවත් මේ බදු අඩු කරන්න අයි එම් එෆ් එකගතාව නොලැබුණු බවත් IMF සමාලෝචනය පවා කල් දමා ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තවද IMF එකේ පදේට නටන්නැ කිව්ව අය අද අයි එම් එෆ් එකේ පදේට නටන රුකඩයක් වුවත් සමගි ජන බලවේග රජයක IMF එකත් සමග සාකච්ඡා කර බදු බර බඩු මිල හා විදුලි බිල අඩු කරන බවත් නව IMF ගිවිසුමකට යන බවත් එම නිසා මේ කයිවාරුකාරයෝට නොරැවටෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .










