ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින් දැවැන්ත මහජන විරෝධතාවන් දියත් කර තිබේ. සමස්ත ඉන්දීය කිසාන් මස්දූර් මෝර්චා ඇතුළු ප්‍රමුඛ පෙළේ ගොවි සංගම්වල මෙහෙයවීමෙන් පැවැත්වුණු මෙම විරෝධතාවලදී, මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු-ඉන්දීය ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමට එරෙහිව සහ ප්‍රාන්තය පුරා පවතින දරුණු යූරියා ඇතුළු රසායනික පොහොර හිඟයට එරෙහිව ගොවීන් සිය දැඩි ක්‍රෝධය පළ කර ඇත.Sri Lanka Latest News









