පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතැයි ආණ්ඩුවේ ඇතැමුන් පවසද්දී ඉදිරි සතියේදී පිටරටින් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 40ත් 42ත් අතර මිලකට අලෙවි කිරීමට හැකි බවයි.









