නියඟය හේතුවෙන් ජලාශවල සක්‍රීය ජල මට්ටම පහළ බැසීමෙන් මේ වන විට ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 12 ක් දක්වා පහත බැස ඇති බවත් ඉදිරි දිනවලදී සැළකිය යුතු වාර්ෂාවක් නොලැබුණ හොත් තවත් සති තුනක් පමණක් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් අද (28) පැවසීය. (Sri Lanka Latest News)
විදුලිබල මණ්ඩලය සතුව පවතින ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය සියයට 12ක් දක්වා පහත වැටීම හේතුවෙන් තාප බාලාගාරවලින් සියයට 66ක් සහ සූර්ය සහ සුළං බලයෙන් සියයට 11ක් පමණ විදුලිය නිෂ්පාදනය කරන බව කී එම නිලධාරියා, මෙම තත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 90ක පමණ අමතර මුදලක් වැයකිරීමට සිදුව ඇති බව ද සඳහන් කළේය.
පසුගිය වසරේ අගෝස්තු මස ජල විදුලියෙන් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 58කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළ බවත් ඉදිරි දින කීපයේදී වැසි නොලැබුණහොත් තත්වය දරුණු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
සියලුම ජල විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම් විශාල ලෙස පහළ ගොස් ඇති අතර අද පස්වරු වන විට සමනලවැව ජලාශයේ සියයට 0.9 ක්, උඩවලව ජලාශයේ සියයට 0.6 ක්, කාසල්රී ජලාශයේ සියයට 30 ක්, මාවුස්සාකැලේ ජලාශයේ සියයට 32 ක්, වික්ටෝරියා ජලාශයේ සියයට 26.5 ක් සහ මොරගහකන්ද ජලාශයේ සියයට 13.5 ක් දක්වා සක්‍රීය ජල ධාරිතාව පහළ බැස ඇති බවත් පසුගි 19 වැනිදා සිට මොරගහකන්ද ජලාශයේ ජල විදුලිය නිෂ්පාදනය අත්හිටුවා තිබේ.
lankadeepa