• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ රහසක් උසාවියේදී එළියට එයි! ප්‍රහාරයේ තොරතුරු නිලන්ත බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කර නෑ!

December 13, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු බෝම්බය පුපුරන්න කලින් 15000ක් දැනගෙන ඉඳලා: හිටපු බුද්ධි අධ්‍යක්ෂ
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙතැයි පෙර ලද බුද්ධි තොරතුර පිළිබඳ ප්‍රහාරය එල්ල වන තුරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යුද හමුදාවට දැනුම් දී ‍නොතිබූ බව යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා අද (13) අධිකරණයේ දී අනාවරණ කළේය.

ඒ අදාළ ප්‍රහාරය පිළිබඳ නඩුව අද කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සාපරාධි වගකීම් පැහැර හැරීම තුළින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණයේදි හත්වන දිනටත් කැඳවනු ලැබීය.

එහිදි පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා සාක්ෂි ලබාදුන්නේය.

තමා ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා කලාපය පිළිබඳව අවස්ථා කිහිපයකදී ම එවක ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා දැනුවත් කර තිබූ බවත්, ඔහුගේ සංවිධානයෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන පිළිබඳව තමා ලිපි 9ක් මඟින් ලිඛිතව දැනුවත් කර තිබූ බවත් යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා එහිදී අනාවරණ කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරක් ප්‍රහාරයට පෙර තමන්ට ලැබුනේදැයි එහිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විමසූ විට යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා පැවසුවේ ප්‍රහාරයට පෙර එවැනි බුද්ධි තොරතුරක් තමන්ට නොලැබුණු බවය.

එහිදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ “ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට 2019 අප්‍රේල් 04 වන දින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙත ලැබී තිබුණු විදෙස් බුද්ධි තොරතුරට අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ඔබට ලැබුණාද?” යන්නය.

“නැහැ.. ස්වාමීනි.. එවැනි ලිපියක් මට ලැබී තිබුණේ නැහැ. ප්‍රහාරයට පෙර අප්‍රේල් 09 වන දා පැවති අවසන් බුද්ධි සමාලෝචන රැස්වීමටද මා සහභාගි වුණා. එම රැස්වීමට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාත් සහභාගී වී සිටියා. එහෙත් අප්‍රේල් 04 වනදා ලැබුණු තොරතුර පිළිබඳව ඔහු එම බුද්ධි සමාලෝචන රැස්වීමේ දී කරුණු ඉදිරිපත් කළේ නැහැ” යැයි පිළිතුරු දුන් හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා තවදුරටත් කරුණු පැහැදිලි කළේය.

“අප්‍රේල් 09 වෙද්දි ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබිලා තිබුණා නම් එය ඔහුට බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කරන්න තිබුණා. ඊට කිසිදු බාධාවක් තිබුණේ නැහැ. අනික බුද්ධි තොරතුරක් තිබෙනවා නම් එය ඉදිරිපත් කිරීමට සුදුසුම සහ හොඳම ස්ථානය තමයි බුද්ධි සමාලෝචන රැස්වීම. කෙසේ නමුත් බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේදී රාජ්‍ය ආයතන අතර එතරම් සහයෝගයක් තිබුණේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවය වෙතින් ද එවැනි සහයෝගයක් දක්නට ලැබුණේ නැහැ. නමුත් නිලන්ත ජයවර්ධන මහතා එවක සිටි ජනාධිපතිවරයාට සෘජුවම බුද්ධි තොරතුරු සන්නිවේදනය කරන බව ආරක්ෂක ප්‍රධානින් වෙච්ච අපි හැමෝටම අවබෝධයක් තිබුණා.” 

අනතුරුව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් සිදුකළ සාක්ෂි විමසීම අවසන් වුණි.

SendShareShare
Previous Post

මෙවර මහ කන්නය වගේම ඊළඟ යළ කන්නයත් විනාශ වෙන ලකුණු! පොහොර ගෙන්වන්න සමාගම් බෑ කියයි!

Next Post

කැබිනට් රැස්වීම ගැන අලි බොරුවක්! කබ්රාල්ටයි-ආටිගලටයි එන්න කියලා නෑ!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.