රත්නපුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු මෙම වසරේදී ආරම්භ නොකිරීමට තීරණය කර ඇති අතර මෙවර අයවැයෙන් ද ඊට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමක් සිදුකර නොමැති බවයි.Sri Lanka Latest News
රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට හොරණ, ඉංගිරිය හරහා රත්නපුර දක්වා ඉදිකිරීමට යෝජිතව තිබුණා. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව විසින් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සංවර්ධන කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන බැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලික අත්හිටවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරණවා. ඒ, අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඉදිකිරීම් ඇරඹීමට රජය මේ වනවිට සැලසුම් කර තිබෙනවා.
දැනට පොතුහැර – රඹුක්කන කොටසත්, රඹුක්කන – ගලගෙදර කොටසත් ලෙස කොටස් දෙකකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනවා. එහිදී පොතුහැර – රඹුක්කන කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට බලාපොරොත්තුවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රඹුක්කන – ගලගෙදර කොටස වසර 3ක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද කියා සිටියා.
දැනට දීර්ඝ කාලයක සිට ඉදිකිරීම් කටයුතු අතරමග නවතා ඇති කඩවත – මීරිගම කොටසේ වැඩ කටයුතු චීන ආධාර යටතේ සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා චීන එක්සිම් බැංකුවේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරණවා. කඩවත – මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අතරතුර කඩාවැටුණු කොටසක් රුපියල් බිලියන 7ක මුදලකින් සිදුකරන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරනවා .










