• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාවණ රජුගේ දේහය ඇති යහන්ගලේ අබිරහස! Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රාවණ රජුගේ දේහය ඇති යහන්ගලේ අබිරහස! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යහන්ගල, ගලේ බණ්ඩාර දෙවියන් සමග රාවණා රජ්ජුරුවෝ, මීමුරේ කියන ගමත්, ලකේගල කියන කන්දත් ඔබ අහලා ඇතිවාට සැකයක් නැහැ. මේ දෙකම පිහිටලා තියෙන්නේ නකල්ස් කියන රක්ෂිත වනාන්තරය ඇතුළේ. හෙක්ටයාර 22,000කටත් වඩා වැඩි වපසරියක විහිදෙන නකල්ස් වනාන්තරයේ දුම්බර මිටියාවත කියන්නේ ලංකාවේ ලස්සනම තැනක්. ඉස්සෙල්ලා කිව්වා වගේ මීමුරේට අමතරව නකල්ස්වල තියෙන ලස්සනම ගම්මාන තමයි රඹුක්කොළුව, පන්විල, බඹරැල්ල, හුළුගල, රණමුරේ, ඇටන්වල, උඩුගල් දෙබොක්ක, කරඹකැටිය, කළුගල හා ලුණුවත්ත කියන්නේ.Sri Lanka Latest News

නකල්ස් කියන්නේ කඳු තරණය කරන්න, දියඇලි ගුහා සොයාගෙන යන්න, පතන හා තැනිතලා බිම් ගවේෂණය කරන්න කියාපු තැනක්. කඳු නැගලා කෑම්පින්වලට වගේම දිගුදුර දුෂ්කර වනාන්තර චාරිකා සඳහාත් මසුරං. නකල්ස්වල කඳු හතළිස් ගණනක් තියෙනවා. දියඇලිත් 50කට වැඩි මිසක් අඩු නැහැ. නකල්ස්වල ප්‍රසිද්ධම ගුහාවක් තමයි අළුගල්ලෙන, කපුඅටුව ලෙන, ලකේගල ගුහාව, දූවිලි ඇල්ල ගුහාව, වෙඩිලුණු ගුහාව සහ රහස් ගේ ගුහාව.

ලකේගල ගුහාව තියෙන්නේ වෙලන්ගොල්ල පතනේ. පතන බිම් ගැන කිව්වොත් නකල්ස් වන බිමේ පතන බිම් රැසයි. පිටවල පතන ගොඩක් ප්‍රසිද්ධයි. ඊට අමතරව ගෝන පතන, කොමල පතන, අප්පල පතන වගේ පතන බිම් ගොඩයි. අපි කියන්න යන්නේ ඔය ඔක්කොටම වඩා අමාරු තැනක් ගැන. ඒ තමයි යහන්ගල.

මොකක්ද යහන්ගලේ ඇති ඵලය? ගලේබණ්ඩාර දෙවියන් වැඩසිටිය කන්ද විදිහට ජනප්‍රවාදයේ එන යහන්ගල රාවණ රජ්ජුරුවන්ගේ දේහය තැන්පත් කරපු කන්ද විදිහට බොහොම ජනප්‍රියයි. වෙලන්ගොල්ල පතන මීටර් 1,100ක් උසයි. යහන්ගල පිහිටා තිබෙන්නේ වෙලන්ගොල්ල පතන තුළමයි. ඒ කියන්නේ යහන්ගල කියන්නේ කන්දක් උඩ කන්දක්.

යහන්ගලට යන පාර මෙහෙමයි. මුලින්ම නුවර මහියංගන පාරේ උඩුදුම්බරට එන්න ඕනෙ. එතැනින් කඩගල පාර කෙළවරට ආපුවාම කැලය පටන් ගන්නවා. උඩක්කාව, උඩත්තාව කියන පැත්තට තමයි මේ වනගත මග දිවෙන්නේ. ටික දුරක් යද්දී මේ පාර අඩි හතරක පාරකට වැටෙනවා. වෙලන්ගොල්ල පතන හරියේ වනාලි ගැවසෙනවා කියලා කතාවක් තියෙනවා. පාර දෙපැත්තේ තියෙන්නේ කටු සහිත ශාක හා පඳුරු. වෙලන්ගොල්ල පතන උඩට එද්දී වන අලි සහ කටු පඳුරු තමයි ප්‍රධාන බාධක වෙන්නේ.
වෙලන්ගොල්ල පතන උඩ එක යායට තියෙන්නේ මාන පඳුරු. පයිනස් ගස් කීපයකුත් තිබුණා කියලා පතනේ ස්වභාවයට කිසිම හානියක් වෙලා නැහැ. වෙලන්ගොල්ල පතන උඩ තියෙන යහන්ගලේ වම් පාදම බලාගන්න ඕනෙ නම් වෙලන්ගොල්ල පතනට නැගලා වම් පැත්තට පොළොවට සමාන්තරව ඇවිදගෙන යන්න ඕනෙ. මාන පඳුරු යාය කිලෝමීටර් දෙකකට වඩා විහිදිලා තියෙනවා වගේම සමහර තැන්වල මාන පඳුරු අඩි අටකටත් වඩා උසට වැවිලා තියෙනවා.

දකුණු පැත්තට ගියොත් ඉහළට යන පාරක් තියෙනවා. මේ පැත්ත ටිකක් වැඩිපුර අවදානම්, මොකද වම් පැත්තට තියෙන්නේ මහා හෙලක්. යහන්ගල උඩට නැග්ගාම ගල උඩ අහසට විවෘත වෙලා තියෙන කොටස විතරක් අක්කර දෙක තුනක් විතර විශාලයි. කිසිම ජල උල්පතක් හෝ හරිහමන් ගහක් කොළක් නැතුවට යහන්ගල පර්වතය තැනින් තැන කැඩිලා පුපුරලා වගේ තියෙන්නේ නිතරම අකුණු වදින නිසාලු.

යහන්ගල උඩට නැග්ගාම වැඩිපුර ලස්සනට පේන්නේ ගල උඩ ප්‍රදේශය විතරක් නෙමෙයි. මීමුරේ, ලකේගල, ගැරඬිගල වගේම දුම්බානාගල කන්ද, මැදමහනුවර කන්ද වගේ කඳුත් හරි ලස්සන සිතුවමක් වගේ ඇස් අද්දර මැවෙනවා. දෙපැත්තෙන් පේන ගම්මානවල නම් තමයි උඩුගල් දෙබොක්ක සහ උඩත්තාව. කෙහෙල්පොත්දෙරුවෙ ගල තමයි යහන්ගලේ ලස්සනම අසල්වැසියා. ජල තලය ගැන කතා කළොත් කිලෝමීටර් ගණනාවක් රේඛාවක් වගේ ඇදී යන මහවැලි ගංගා කොමලිය, මහියංගනේ ඉඳන් දෙහිඅත්තකණ්ඩියට ගමන් කරන ලතාව යහන්ගලට හරි ලස්සන දසුනක්. සොරබොර වැවයි, රත්කිඳ උල්හිටිය ජලාශයයි මහවැලි ගඟට දෙපැත්තෙන් තනි රකිනවා.
යහන්ගලින් පහළට බහිද්දි නම් මීටර් තුනක් විතර උස සිසිල් ජල ධාරා දියඇල්ලක් බලාගන්න පුළුවන්. මාන පඳුරුවලින් වැහිලා තියෙන නිසා හොයාගන්න නම් ටිකක් අමාරු වෙයි. කඳවුරු බඳින්න යනවා නම් රෑට වන අලින්ගෙන් ආරක්ෂා වෙන්න ගිනිමැළ එහෙම ගහගෙන ඉන්න එක නුවණට හුරුයි. රෑ වෙද්දී මීදුම් සළුවලින් නැගෙන සීතල නිසා යහන්ගල රෑ ගතකරන්න යද්දී ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. වල් ඌරා වගේ සතුන් නිතර ගැවසෙන නිසා රෑට නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ. යහන්ගල රෑටත් වඩා ලස්සන යහන්ගලේ උදයයි. උදා හිරු කිරණින් නැවුම් මීදුම් සේල ඔතාගත් කඳු ලඳුන් බලන්න ඔබත් යන්න. ලස්සන විතරක්ම නෙමෙයි ඓතිහාසික වටිනාකම ගැන හිතුවත් යහන්ගල යන එක පලක් ඇති වැඩක්.

රාම-රාවණා යුද්ධය තිබුණාය කියන්නේ ලකේගල කිට්ටුව. ඒ කියන්නේ ‘රහස් ගේ’ කියන ප්‍රදේශයටත් කිට්ටුව. ඉතින් රාවණ රජ්ජුරුවන්ගේ දේහය යහන්ගල තිබුණා කියන එකත් බැහැර කරන්න බැරි තර්කයක්.

යහන්ගල කියන්නේම නිදන ඇඳක් වගේ ඈතට පැහැදිලිව පේන කන්දක් නිසාත්, රාවණ රජ්ජුරුවෝ සිහි මූර්ඡා වෙලා තැන්පත් කරපු ශරීරය තිබ්බයි කියන නිසා වගේම, ගලේබණ්ඩාර දෙවියන්ගේ අඩවිය යහන්ගල ආශ්‍රිතව තියෙනවා කියන එකත් නිසා යහන්ගල ජනප්‍රවාදගත ඉතිහාසය සොයායෑමත් ඔබ කැමති වේවි. උඩත්තාව ගමට යුද ආධාර ලබාදීලා ගොවිතැන සශ්‍රීක කරන්න උදව් කරපු ගලේ බණ්ඩාර දෙවියෝ යහන්ගලදී ඔබටත් නිසැකවම උදව් කරාවි.

SendShareShare
Previous Post

මේ මගේ දෙවැනි ගමන… පටන්ගැන්ම හොඳයි.. නිරුවත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්… ආදරේ නිසා ජීවිතය වට්ට ගන්න බෑ… දවසම හපලා කටත් තුවාල වුණා… ! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

Next Post

1955 රතු පාට කොළඹ කොළ පාට කළ තාත්තා..! 2025 රතු පාට කොළඹ නිල්-කොළ කළවම් කොට කොළ කළ පුතා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.