• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේ මගේ දෙවැනි ගමන… පටන්ගැන්ම හොඳයි.. නිරුවත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්… ආදරේ නිසා ජීවිතය වට්ට ගන්න බෑ… දවසම හපලා කටත් තුවාල වුණා… ! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

December 27, 2025
in Heart
Reading Time: 5 mins read
A A
මේ මගේ දෙවැනි ගමන… පටන්ගැන්ම හොඳයි.. නිරුවත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්… ආදරේ නිසා ජීවිතය වට්ට ගන්න බෑ… දවසම හපලා කටත් තුවාල වුණා… ! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලයක් රංගන ජීවිතයෙන් සමුගෙන නැවත ‘කොටු’ ටෙලිඩ්‍රාම එක හරහා අපට දැකගන්න පුළුවන් රංගන ක්ෂේත්‍රයේ මේ මගේ දෙවැනි ගමන ආරම්භය හොඳයි යැයි පවසමින් නව ආරම්භයක් සමග පැමිණි ලක්ෂිකා ජයවර්ධන.Sri Lanka Latest News

රවුම් ජීවිතයේ හතරැස් කතාව ‘කොටු’. ලක්ෂි ඉතින් කොහොමද මේ අවස්ථාව ලැබුණේ?
අවස්ථාව ලැබුණේ අධ්‍යක්ෂ අසංක සායක්කාර අයියා තමයි මට වැඩේට කතා කළේ. මම මේ සැරේ සුමති සම්මානය ගත්ත වෙලේ අයියා මට කිව්වා ඊළඟට එයා කරන වැඩකට ඔයාව ගන්න ඉන්නවා ඒකේ වැඩ කරමු කියලා. ඊට පස්සේ ටෙලිඩ්‍රාමා එකට කතා කළා. දැන් ඉතින් චරිත කරගෙන යනවා.

‘කොටු’ ටෙලිඩ්‍රාමා එකේ චරිතය මොන වගේද?
විශේෂයෙන්ම සිරස මතක් කරන්න ඕනේ. චරිතේ ගත්තොත් නම සුමේදා. කෝපරේට් වර්ඩ් එකේ ඉන්න කාන්තාවක්ගේ චරිතයක් තමා මගේ චරිතය. චරිතය මොකක්ද කියන එක එළියට ඇවිල්ලත් නැහැ. දැනට පේන්නේ මාව සෙකටි්‍ර කෙනෙක් විදිහට. නමුත් මෙය වෙනස් චරිතයක්. ගොඩක් දේවල් කරන්න තියෙන චරිතයක්. මගේ ඇතුළේ ජීවිතේ ගැන කියනකොට හාත්පසින්ම වෙනස් ජීවිතයක් චරිතය තුළ තියෙන්නෙ.

රංගනයට ආපු මුල් අවධිය ගැන මතක් කළොත්?
මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ මිෂෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සුපිරි අන්දරේ චිත්‍රපටයෙ තමයි මගේ පළමු රඟදැක්වීම කළේ. මේ අවස්ථාවේදී රංගනයේ ප්‍රවීණයන් සමග වැඩකරන්න වුණා. ටෙනිසන් කුරේ, රොඩ්නි වර්ණකුල. මෙයාලගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් මන් උපරිමයෙන් ඒ දේ කළා. මේ විදිහට දිගටම වැඩ ටික කරගෙන ආවා. අපිට වචන අහන්න වෙනවා. මිනිස්සු කතා කියනවා. බිඳවැටීම් ඕනෑ තරම් තිබිලා තියෙනවා. ඒවත් එක්ක හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. අනිත් එක මං මතක් කරන්න ඕනෙ අවුරුදු කිහිපයක් වැඩ කරන්නෙ නැතුව හිටියා මගේ අධ්‍යාපන කටයුතු නිසා. මං හිතනවා මේ මගේ දෙවැනි ආරම්භය ඇත්තටම හොඳයි කියලා. මොකද මං ඈත්වෙලා හිටපු කාලේ ෆීල්ඩ් එක ගැන අවබෝධය සහ මාත් එක්ක හිටපු අය ඉදිරියට ගිහින් තිබ්බා මම දැක්කා. මට දැනෙනවා මේ ආරම්භය හොඳ ආරම්භයක් අරන් දුන්නා කියලා.

දෙවැනි ආරම්භය පිටුපස සිටින්නේ කවුද?
ඇත්තටම මගේ පිටුපස සිටින ප්‍රබල චරිතය මගේ ගෙදර අය සහ නිර්මාණ ලබාදෙන අය. විශේෂයෙන් මගේ දෙවැනි අක්කා ගොඩක්ම සම්බන්ධයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. තාත්තා ලංකාවේ නෑ. දෙවැනි අක්කත් ඔස්ටේ්‍රලියාවල ඉන්නේ. හැමදාම උදේට කෝල් එක එයාගෙන් එන්නේ. එයා මාත් එක්ක සම්බන්ධවෙලා මට මග පෙන්නනවා. මට යාළුවොත් නැහැ ලොකුවට. ඉතින් මගේ පිටුපසින් ඉන්නේ මගේ පවුලේ අය. ලක්ෂිත කාරියවසම් අයියාව විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. එයා තමයි මං රඟපෑමෙන් ඈත් වෙලා ඉද්දි මට චරිතයකට කතා කළේ. එදා පටන් ගැන්ම ඉතින් වැඩ ටික හොඳින් කරගෙන යනවා.

අඩ නිරුවත් දසුනකට ආරාධනාවක් ලැබුණොත්?
කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. චරිතය අනුව අධ්‍යක්ෂවරයා අනුව මම හිතල බලලා සුදුසුයි නම් කරනවා. මට සහ පවුලට හානියක් වෙන්නෙ නැත්නම්. පුංචි අම්මා කෙනෙක් මං මගේ අක්කගෙ බබාලගේ. ඉතින් මෙයාලට හානියක් වෙන්නැතුව නිර්මාණයට මට දෙයක් කරන්න පුළුවන් නම් මං කරන්න ඉඩ තියෙනවා.

වර්තමාන රංගන ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
ඇත්තටම දැන් මට හොඳ ප්‍රවණතාවක් තියෙනවා. දැන් හොඳ වැඩ කෙරෙනවා. අලුත් අධ්‍යක්ෂවරුන් ඉන්නවා. මං ගත්තොත් චරිතාංග නිළියක් ලෙස හොඳ චරිත ලැබෙනවා.

චිත්‍රපට ජීවිතේ කොහොමද?
මං රාවණ ෆිල්ම් එකේ වැඩ කළා. මගේ චරිතය භද්‍රා. ඒක තමයි ඉස්සරහට එන්න තියෙන්නේ. වෙනස්ම චරිතයක්.

රාවණ චිත්‍රපටය ඔබට හොඳ අත්දැකීමක් කියලා හිතනවා. ඉතින් අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?
අම්මෝ ඕනෙ තරම් අමතක නොවන සිදුවීම් තියෙනවා. අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් අයියා. මෙයා එක්ක වැඩ කළා කියන්නේ අමතක නොවන සිදුවීම් වෙනවම තමයි. මේකෙදි මලයාලම් ගුරුකම් කරන ඉන්දියාවෙ ඉඳන් එන චරිතයක් මට තියෙන්නේ. ඒකට බුලත් විට කන්න ඕනෙ. මං ජීවිතේට බුලත් විට කන්නේ නෑ. අයියා මට කිව්වා ඔයා හුණු එක්කම කෑවොත් හොඳට කට රතු වෙලා එනවා කියලා. මං චරිතයට උපරිම සාධාරණයක් කරන්න අවශ්‍ය විදිහට කරන්න බලනවා. ඊට පස්සේ මං ගෙදරදි බුලත් විටක් කාලා ගිහිල්ලා දවස පුරාම විට හප හප ඉඳලා මගේ කටත් තුවාල වෙලා මාව මත්වුණා. මේක අමතක නොවන සිදුවීමක්.

කොහොමද මේ දවස්වල ප්‍රතිචාර?
හොඳයි. ඉදිරියට කොටු ටෙලිඩ්‍රාමා එක විකාශය වෙනකොට තව ප්‍රතිචාර ලැබෙයි සහ මට ඉස්සරහට නිර්මාණ රැසකට කතා කරලා තියෙනවා.

ලක්ෂිකා ආදරේ කරනවද?
ආදරේ ගැන මම හිතන්නෑ. මම ආදරේ කරන්නෙත් නෑ. ආදරේ කරලා තියෙනවා. මට ලස්සන අත්දැකීමක් ආදරේ සම්බන්ධයෙන් නැහැ. ඒ නිසා මං මේ වෙලාවේ මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න තමයි වැඩ කරන්නේ. මට හම්බවෙන චරිත ටික හොඳට කරලා රංගනයෙන් ඉස්සරහට යන්න හිතනවා මිසක් ආදරේ ගැන මං හිතන්නෑ. මොකද මාත් ආදරේ කරන්න ගියාම මට සීමාවක් නෑ බැඳිලා ඉන්නවා. ඒක නිසා ඒවා නැති වුණාම මම වැටෙනවා. මට රංගන ජීවිතය වට්ට ගන්න ඕනෙ නෑ.

මොන වගේ චරිත ලැබෙනවටද කැමැති?
ඇත්තටම මං ආසයි විවිධ චරිත කරන්න. ෆ්ලැට් නොවන ෆ්ලැට් කතාව තුළින් මම සුමති සම්මාන උළෙලේ නැගීඑන නිළිය සම්මානය ලබා ගත්තා. ඒක වෙනස්ම චරිතයක්. ඕනෑම චරිතයක් කරන්න කැමැතියි.

ඉස්සරහට තියෙන බලාපොරොත්තු මොනවද?
රංගන කටයුතු දවසින් දවසේ ඉගෙන ගන්න ගමන් ඉස්සරහට හොඳට වැඩ ටිකක් කරන්න සහ කවදා හරි දවසක හොඳම නිළිය සම්මානය ගන්න එක තමයි රංගන ක්ෂේත්‍රයේ බලාපොරොත්තුව.

නදීෂා ජයවර්ධන

SendShareShare
Previous Post

තරුණයෙකු උස්සා පොළොවේ ගැසූ පාතාල ටියුෂන් ගුරා පොලිසියෙන් අල්ලයි! අන්න දැන් කූඩුවේ! ගුටි කෑ තරුණයා රෝහලේ! VIDEO I Sri Lanka Latest News

Next Post

රාවණ රජුගේ දේහය ඇති යහන්ගලේ අබිරහස! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.