• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1955 රතු පාට කොළඹ කොළ පාට කළ තාත්තා..! 2025 රතු පාට කොළඹ නිල්-කොළ කළවම් කොට කොළ කළ පුතා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

December 27, 2025
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
1955 රතු පාට කොළඹ කොළ පාට කළ තාත්තා..! 2025 රතු පාට කොළඹ නිල්-කොළ කළවම් කොට කොළ කළ පුතා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘කොළඹ නරග සභාව අපේ. කොළඹ නගර සභාවේ හැමදාම ලෙළදුන්නේ කොළපාට කොඩි. මේක වාමාංශිකයන්ට දීලා අපිට ඇස් කන් වහගෙන ඉන්න පුළුවන්ද…?’Sri Lanka Latest News

මේ, 1955දී එවක අගමැති සහ යූ.ඇන්.පී. නායක සර් ජෝන් කොතලාවල කෝපයෙන් වෙවුලමින් කී කතාවය.

සර් ජෝන්ට කේන්ති ගියේ යූ.ඇන්.පී. අගමැතිවරයෙක් යූ.ඇන්.පී. ආණ්ඩුවක් බලයේ සිටියදීත් හැමදාම යූ.ඇන්.පී.ය දින්න යූ.ඇන්.පී.යේ හදවත වන් කොළඹ නගර සභාව වාමාංශිකයන් අතට යෑම ගැනය. කොළඹ නගරාධිපති වූයේ එසේ මෙසේ වාමාංශිකයෙක් නොවේ. වාමාංශික දේශපාලනයේ පතාක යෝධයෙක් වූ රත්තරන් මොළයක් කී ඩබල් ඩොක්ටර් ඇන්.ඇම්. පෙරේරාය. එකල සර් ජෝන්ලාට ජේ.ආර්.ලාට, ඩඩ්ලිලාට ඇන්.ඇම්. වහ කදුරු විය. මේ කාලය වනවිට ඩඩ්ලි අගමැති ධුරයෙන් ඉවත්වී දේශපාලනයෙන් ඈත්ව සිටියේය.

‘අපිට කොළඹ නගර සභාවේ බලය ගන්න ප්ලෑන් එකක් එක්ක නාගරික මන්ත්‍රීවරයෙක් අපේ නගර සභා කට්ටියට කතා කරලා තියෙනවා. ඔබතුමා එහෙම කතා කරන්න කැමැතිද?’

එකල යූ.ඇන්.පී. මහලේකම් අමරසූරිය, සර් ජෝන්ට කීවේ සර් ජෝන්ව කූල් කරන්නටය.

‘මොකා හරි කමක් නැහැ අරන් එන්න. ඔහෙලාට ඕක කරන්න බැරි නම් අපි මිනිහට ඔය වැඩේ බාරදෙමු…’
සර් ජෝන් කීවේය.

‘කවුද මිනිහා…?’
සර් ජෝන් විමසුවේය.

‘ප්‍රේමදාස කියලා කෙනෙක්…’
යූ.ඇන්.පී. මහලේකම් කීවේය.

‘මම මිනිහට කතා කරන්නම්. ඇන්.ඇම්.ව කොහොම හරි පන්නනවලා…’
සර් ජෝන් ගුගුලේය.

ඒ වනවිට රණසිංහ ප්‍රේමදාස ඒ.ඊ. ගුණසිංහගේ කම්කරු පක්ෂයෙන් ශාන්ත සෙබස්තියන් වෝඩ් එකෙන් නගර සභාවට තේරීපත්වී නාගරික මන්ත්‍රීවරයෙක්ව සිටියේය. කෙහෙල්වත්තේ පුංචි පවුලකින් ආ පුංචි ප්‍රේමදාසට ඒ.ඊ. ගුණසිංහගේ කම්කරු පක්ෂයේ දොරටු විවෘත වුණාට කොළඹ හතේ කුරුඳුවත්තේ ප්‍රභූ පන්තියේ සිරිකොත ගේට්ටු විවෘත කරගැනීම ලෙහෙසි නොවන බව ප්‍රේමදාස දැන සිටියේය.

ප්‍රේමදාස මේ මාස්ටර් ප්ලෑන ගැහුවේ ඒකටය. හැබැයි ප්‍රේමදාස මේ මාස්ටර් ප්ලෑන් එක ගැහුවේ අත ලෙවකන්න නොවේ. ඔහු එකල තරුණයෙකි. ඔහුට උපනගරාධිපති ධුරය ඕනෑ විය.

‘මිනිහා කෙහෙල්වත්තේ කොල්ලෙක්. ඒ කොල්ලා ගැන විශ්වාසය තියන්න පුළුවන්ද…?’
නගර සභාවේ යූ.ඇන්.පී.ය මෙහෙයවන නායකයා මහලේකම්ගෙන් ඇසුවේය.

‘මම ඒ තරුණයාව දන්නේ නැහැ. හැබැයි අපේ නාගරික මන්ත්‍රීවරු කියනවා වැඩකාරයෙක් කියලා….’
මහලේකම් කීවේය.

‘යූ.ඇන්.පී.යෙන් විශ්වාසභංගයක් ගේන්න. ඉතිරි ටික මම බලාගන්නම්…’

ඉතිහාසයේ පළමු වරට කොළඹ හතේ කුරුඳුවත්තේ ප්‍රභූ පන්තියේ සිරිකොතට පයගැසූ කෙහෙල්වත්තේ නාගරික මන්ත්‍රී කොල්ලා නොහොත් ප්‍රේමදාස කීවේය. යූ.ඇන්.පී.ය මේ නිර්ප්‍රභූ කෙහෙල්වත්තේ කොල්ලා කියන දේ අහලා විශ්වාසභංගය ගෙන ආවේය.

ඇන්.ඇම්. විශ්වාසභංගයට එරෙහිව අධිකරණයට ගියේය. අධිකරණයේ තීන්දුව ලැබීමට නියමිතව තිබුණේ විශ්වාසභංගය විවාද කරන දිනයේදීමය. අධිකරණ තීන්දුව එන තෙක් විශ්වාසභංගය ඇදගෙන යන්න ඇන්.එම්. ගේම් එකක් ගැහුවේය. එනම් සමසමාජ පතාකයන් වූ ඔස්මන්ඩ් ජයරත්න, බර්නාඩ් සොයිසා සහ ජේ.ඊ. දේවපුරට විවාදයේදී කතාකරන්න පැය ගණන් කාලය දුන්නේය. වැඩේ හරි ගියේ නැත. වාමාංශික දේශපාලනයේ පතාකයා ඩබල් ඩොක්ටර් ඇන්.ඇම්.ගේ ඇස් පුදුමයට පත්කරමින් ඇන්.ඇම්. පරදවන විශ්වාසභංගයට සහාය දෙන්න ප්‍රේමදාස කොමියුනිස්ට් පක්ෂයෙන් කොටහේනට තේරීපත්වූ ඇන්තනී මාර්ෂල්ගේ සහ තවත් අයෙක් ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට ගත්තේය. වැඩි ඡන්ද දෙකකින් විශ්වාසභංගය පරාජය විය. ඒ මොහොතේම යූ.ඇන්.පී.ය කොළඹ නගර සභාවේ කොළ කොඩි ඉස්සුවේය. උපනගරාධිපති ජේ. රුද්‍රාව ඉවත් කරගෙන ප්‍රේමදාස උපනගරාධිපති විය.

‘මිනිහා දක්ෂයා. මිනිහව යූ.ඇන්.පී.යට ගන්න…’
කොළඹ නගර සභාව කොළ පාට වූ බව දැන අගමැති සහ යූ.ඇන්.පී. නායක සර් ජෝන් කීවේය. ජේ.ආර්. ඔළුව වැනීය.

එහෙව් තාත්තාගේ පුතා සජිත් ප්‍රේමදාස 1955 ඇන්.ඇම්.ට කොළඹ නගර සභාව ගියාට පසු ජවිපෙට ගිය කොළඹ නගර සභාව බකල් කරන්න පසුගියදා මාර ගේමක් ගැහුවේය. ඒ රනිල්ගේ යූ.ඇන්.පී.ය නාමල් රාජපක්ෂගේ පොදුජන පෙරමුණ, නිමල් සිරිපාලගේ ශ්‍රීලනිපය, දිලිත් ජයවීරගේ සර්ව ජන බලය, චම්පික රණවකගේ ජනරජ පෙරමුණ එකට එකතු කරලාය. තවත් ස්වාධීන කණ්ඩායම් ඒ ගේමට එකතු විය. ගේම ගහන වැඩේ භාරගත්තේ මුජිබර් රහුමාන්ය.

පසුගිය පුංචි ඡන්දයේදී කිසිදු පක්ෂයකට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට බහුතර බලයක් තිබුණේ නැත. ඒ වෙලාවේ කොළඹ නගර සභාවේ බලය ගන්න වැඩේ සජිත් මුජිබර්ට භාරදුන්නේය. ඒත් ජවිපෙ ආණ්ඩුව නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ට වරදාන වරප්‍රසාද දී බුරියානි කන්න දී තරු පහේ හෝටල්වල තියලා බාගෙන ජවිපෙ හිතවාදී නාගරික කොමසාරිස්ගේ බලය යොදවාගෙන කොහොම හරි කොළඹ නගර සභාවේ බලය පිහිටුවා ගත්තේය. ජනාධිපති අනුර ගේමට ඍජුවම මැදිහත් විය. අනුර ගහපු ගේම ඉදිරියේ සජිත් සහ මුජිබර් අසරණ විය.

1954 යූ.ඇන්.පී.යට නගර සභාව නැතිවුණේ 1956 මහ රැල්ලට පෙරමග කියමිනි. 1956 එන රැල්ල ඒ වෙනකොට හැදිලා ඉවරය. ඒ රැල්ලට සර් ජෝන්ට හෝ යූ.ඇන්.පී.යට මුහුණ දීමට නොහැකි විය. ඇන්.ඇම්.ලා පළමු වරට කොළඹ ඇතුළු නගර සභා ගණනාවක් දින්නේ 1956 රැල්ලට පෙරමග ලකුණු පෙන්වමිනි.

සජිත්ගේ සමගි ජන බලවේගය 2025 පුංචි ඡන්දයට මුහුණ දුන්නේ 2024 ජවිපෙ මහා සුනාමියට පසුවය. යූ.ඇන්.පී.ය වෙනම ඉල්ලා කකුලෙන් අදිද්දී ඒ සුනාමියට මුහුණදී නගර සභාව බේරාගැනීම දුෂ්කර විය.

හැබැයි 1956 එන්න නියමිත රැල්ල උඩුගං බලා පිහිනා ප්‍රේමදාස යූ.ඇන්.පී.යට නගර සභාව හිමිකර දුන් තාත්තාගේ පුතා සජිත් මෙවර ජවිපෙ නගර සභාවේ අයවැය පරාජය කොට නගර සභාව යළිත් කොළ පාට කළේ රනිල්ගේ කොළ පැහැය, නාමල් රාජපක්ෂගේ රතු පැහැය, නිමල් සිරිපාලගේ සහ දිලිත් ජයවීරගේ නිල් පැහැය, චම්පික රණවකගේ පක්ෂ පැහැය මිශ්‍ර කරමිනි.

‘කෙහෙල්වත්තේ තරුණයා දක්ෂයි. ඔහුව යූ.ඇන්.පී.යට ගමු…’
එදා සර් ජෝන් කීවේය.

‘සජිත් ගේම ගැහුවා. අපි යූ.ඇන්.පී.-සජබ එකතු කරලා නායකත්වය සජිත්ට දෙමු…’

රනිල් නම් එහෙම කියයි කියලා හිතන්න බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රාවණ රජුගේ දේහය ඇති යහන්ගලේ අබිරහස! Sri Lanka Latest News

Next Post

ලෙඩ දුක් වැඩි වෙන සතියක්… පරිස්සමින්…! Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.