• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිලියන ගණනක VFS ගනුදෙනුව පිටිපස්සේ ඉන්න දකුණේ ප්‍රබල දේශපාලඥයකුගේ ප්‍රබල පුතා කව්ද? මෙන්න කවුරුත් නොදන්න විශේෂ අනාවරණයක්! I Sri Lanka Latest News

May 12, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාතික ලයිස්තුවෙන් ඇතුළට ඇවිත් ආණ්ඩුව පාලනය කරන්න හදන පිටස්තරයා කව්ද?
Share on WhatsAppShare on Facebook

වී.එෆ්.එස්. බෝම්බය

පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ පුපුරා ගිය දෙවැනි බෝම්බය වූයේ මෙරට වීසා නිකුත් කිරීම වී.එෆ්.එස්. ග්ලෝබල් නමැති සමාගමකට ලබාදීමේ සිද්ධියය. ඒ සම්බන්ධයෙන් මුලින්ම පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූයේ වෙන කවුරුවත් නොව විපක්ෂනායක සජිත්ය. සජිත් කියා සිටියේ වීසා ලබාදීම වෙනත් සමාගමකට ලබාදීම හරහා සංචාරක ක්ෂේත්‍රයේ බරපතළ ගැටලුවක් මතුවීමේ අවදානමක් ඇතැයි කියාය. සජිත් කළ මෙම ප්‍රකාශයෙන් පසුව සියල්ලෝම මේ පසුපස ඇති කතාව කුමක්ද කියා සොයා බැලීමට පියවර ගත්හ. ඒ සමගම මේ ගනුදෙනුව පසුපස ඇති කිසිවකුගේත් අවධානයට යොමු නොවුණු විශාල තොරතුරු ප්‍රමාණයක් එකින් එක රටට හෙළිදරව් වන ආකාරයක් දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News

එහිදී විපක්ෂයේ ජී.එල්. පීරිස්, මරික්කාර් වැනි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ මෙම ගනුදෙනුව හරහා බිලියන 15ක වංචාවක් සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇතැයි කියාය. එය දෙවැනි වන්නේ මහබැංකු බැඳුම්කර වංචාවට පමණක් බවද ජී.එල්. පීරිස් මහතා සහ මරික්කාර් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්හ. මේ ආකාරයට විපක්ෂයේ මෙම හෙළිදරව් කිරීමත් සමග වී.එෆ්.එස්. ආන්දෝලනය අලුත් අතකට පෙරලුණේ සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවටත්, තමන්ගෙන් කිසිවක් නොඇසූ බවටත් ප්‍රකාශ කර සිටීමත් සමගය. අදාළ විෂය භාර ටිරාන් අලස් මහතා මේ වන විට විදෙස්ගතව සිටින බව කී හරීන්, සඳුදා දිනයේ ටිරාන් ලංකාවට පැමිණි පසු මාධ්‍ය හමුවක් කැඳවා ඊට අදාළ තොරතුරු රටට දැනුම් දෙනු ඇති බවද කියා සිටියේය.

වී.එෆ්.එස්. සමාගම වීසා නිකුත් කිරීමේ මෙහෙයුමට එක්කර ගන්නා කැබිනට් පත්‍රිකාව යොමුකර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාය. මේ සිදුවීම වෙද්දී ටිරාන් සිටියේ සිංගප්පූරුවේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගි වෙමිනි. කිව්වා වගේම සඳුදා දිනයේ ලංකාවට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ටිරාන් කියා සිටියේ මේ පසුපස කිසිදු ගැටලුවක් නොමැති බවත්, මතුව ඇත්තේ තාක්ෂණික දෝෂයක් බවත්, අදාළ සමාගම දිගටම වීසා නිකුත් කිරීමේ කටයුතු සිදුකරගෙන යනු ඇති බවත්ය.

දකුණේ ප්‍රබල පුතා කව්ද?

කෙසේ වෙතත් ඒ වනවිට වී.එෆ්.එස්. ගනුදෙනුව සම්බන්ධ තවත් විශේෂ ආරංචියක්ද විපක්ෂයේ ප්‍රබලයන් අතට ලැබී තිබිණි. එම තොරතුරුවලින් කියැවුණේ දකුණේ ප්‍රබල තනතුරක් දරන දේශපාලනඥයකුගේ ප්‍රබල තනතුරක් දරන පුත්‍රයකු මෙම ගනුදෙනුවට මුල්වී ඇති බවකි. නොඑසේ නම් මෙම ඩීල් එක ගෙනැවිත් තිබෙන්නේ එම පුත්‍රයා විසින් යැයි කියාය. නමුත් ගැටලුව ඇත්තේ ඔහුට මෙම ඩීල් එක ලබාදුන්නේ කවුරුන් විසින්ද යන්නය. ඔහු දැනට සක්‍රීය දේශපාලනයේ සිටින අයෙක්ද, එසේත් නැත්නම් දේශපාලනයෙන් විශ්‍රාම ලබා සිටින ප්‍රබල අයෙක්ද යන්න පිළිබඳ මේ වන විට ක්ෂේත්‍රයේ ඇත්තේ විශාල කතාබහකි.

විපක්ෂය නම් කියන්නේ ආණ්ඩුව මෙම ගනුදෙනුව සිදුකළේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වියදම් කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහාය යැයි කියාය. ඊට ප්‍රතිඋපකාර වශයෙන් යට කී දකුණේ දේශපාලනඥයාට ඔහුට කැමැති කැමැති තැන්වලට මාරුවී යෑම සඳහා වරප්‍රසාද ලැබී ඇති බවද විපක්ෂය පැත්තෙන් කියැවෙන කාරණාවකි.

කෙසේ වෙතත් කිසිවකුත් නොදත් කතාවක්ද මේ දකුණේ දේශපාලනඥයා සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකිරීමට මෙවර අප සූදානම්ය. ඒ, පසුගිය කාලයේදී දකුණේ මෙම ප්‍රබල දේශපාලනඥයා සිය පුත්‍රයාව සමගි ජන බලවේගයෙන් තරග වැදීම සඳහා සජබ ප්‍රධානීන් සමග සාකච්ඡා පවත්වා ඇති බවකි. ඒ සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු විශාල ප්‍රමාණයක් එළියට එමින් ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

අරක්කු කොම්පැනි කෝටි 678ක පොල්ලක් ආණ්ඩුවට තියලා! ඇලෝසියස්ගේ අරක්කු සමාගම විතරක් බිලියන 4ක් ගෙවලා නෑ! සිවිල් ක්‍රියාකාරිකයෙක් අරක්කු සමාගම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ දාපු නඩුව අහන්න පටන් ගනී! සුරාබදු කොමසාරිස්ටත් ඇඩ්‍රස් නැතිවෙලා! VIDEO I Sri Lanka Latest News

Next Post

මෛත්‍රීපාල ඉල්ලා අස්වෙයි! විධායක සභාව පක්ෂයේ සභාපති ධූරය ඒකමතිකව විජයදාසට දෙයි! ශ්‍රීලනිප අර්බූදය තවත් මෝරන ලකුණු!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.