බැසිල් මහඡන්දය යළි ඉල්ලයි! රනිල් ඔළුව වනයි!
සජිත්ට ඩයනා ගැන ආ පළමු කෝල් එක!
VFS බෝම්බය ආණ්ඩුව ඇතුළේ පුපුරයි!
ගනුදෙනුව පස්සේ හිටපු දකුණේ ප්‍රබල පුතා කව්ද?
තීන්දු දෙකක්
පසුගිය සති දෙක ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එතරම් සුබදායක සති දෙකක් වූයේ නැත. අප එසේ කියන්නේ එම සති දෙක තුළ රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රට හෙල්ලෙන ඓතිහාසික තීන්දු දෙකක් ලබා දීමට පියවර ගැනීම නිසාය. ඉන් පළමු තීන්දුව වූයේ ලබන ඔක්තෝබර් මාසය වනතෙක් අගවිනිසුරු හැරුණු විට කිසිදු විනිසුරුවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට ජනාධිපතිවරයාට ඇති අයිතියට තහනමක් පැනවීමය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තහනම පැනවූයේ ජනාධිපතිවරයා සතුව මෙතෙක් පැවැති අති සුපිරි බලයකට තිත තබමිනි. එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ලබාදී තිබූ අතර මෙම තීන්දුව හරහා ජනාධිපතිවරණය කැඳවන තෙක්ම ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු විනිසුරුවරයකු පත්කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහුරා දමා තිබේ. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව දෙනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් දෙවතාවක්ම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට යෝජනා කර තිබූ අවස්ථාවකදීය. නමුත් ඒ අවස්ථා දෙකේදීම ව්‍යවස්ථාදායක සභාව විසින් එම පත්කිරීම අනුමත කිරීමට කටයුතු නොකළ නිසා එම පත්වීම සිදුවූයේ නැත. නමුත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කැඳවන තෙක්ම කිසිදු විනිසුරුවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීම වළක්වා තිබේ.Sri Lanka Latest News
ඩයනා දොට්ට
දෙවැනි තීන්දුව වූයේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්යවරියකව සිටි ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරමින් පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණ දුන් තීන්දුවය. පළමු තීන්දුවටත් වඩා මෙම තීන්දුව ආණ්ඩුව පැත්තෙන් මුහුණ දුන් බරපතළ තත්ත්වයක් ලෙසට පෙන්වා දිය හැකිය. එදින උදෑසනම අඅඅගප්අර්ඒබැඅිගකන අප වෙබ් අඩවිය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව නිකුත් වීමට නියමිත බවට වූ පුවත පළකරන තෙක්ම එවැන්නක් පිළිබඳ කිසිවකුටත් හාංකවිසියක් හෝ මතක් වී තිබුණේ නැත. අප එම පුවත පළකිරීමෙන් පසු අප වෙත ලැබුණු බොහෝ ඇමතුම්වලින් විමසා සිටියේ එම කතාව ඇත්තක්ද, නඩුවේ තීන්දුව කුමක් විය හැකිද, ඩයනාට ගෙදර යෑමට සිදුවනු ඇද්ද යනාදියය. එහිදී අප ඒ සියලු දෙනාටම කියා සිටියේ නීති ක්ෂේත්රයෙන් ලැබෙන ආරංචිමාර්ගවලට අනුව නම් එම තීන්දුව රටටම අතිශය තීරණාත්මක එකක් වනු ඇතැයි කියාය.
ඩයනාගේ බි්රතාන්ය පුරවැසිභාවය මුල්කරගෙන මෙම නඩුව පළමුව අභියාචනාධිකරණය හමුවේ පවරා තිබුණේ එජාප ලැයිස්තුවෙන් තරගවැදුණු සිවිල් ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත්ය. පසුව සමගි ජන බලවේගයද එම නඩුවේ පාර්ශ්වකරුවකු ලෙස මැදිහත්ව කටයුතු කිරීමට පියවර ගත්තේය. කෙසේවෙතත් නඩුව අවසානයේදී අභියාචනාධිකරණයේ දෙකට එකක් ලෙස ලැබුණු බෙදුණු තීන්දුවකින් කියැවුණේ ඩයනා ගමගේ මහත්මියට මන්ත්‍රී ධුරය දැරීමේ කිසිදු ගැටලුවක් නැතැයි කියාය. බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරුවරුන් එම මතයේ සිටි අතර, විනිසුරු මරික්කාර් මහතා පමණක් ඩයනාට මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට සිය තීන්දුව ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව, ඕෂල හේරත් කළේ එම නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කිරීමය. ඒ අනුව පසුගිය බදාදා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ඩයනා ගමගේ හට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැති බවට තීන්දු කළේය.
පළමු කෝල් එක සජිත්ට
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරද්දී විපක්ෂ නායක සජිත් සිටියේ පාර්ලිමේන්තු ලොබියේ හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග සාකච්ඡාවක නිරත වෙමිනි. එහිදී සජිත්ට ලැබුණු ඇමතුමකින් කියැවුණේ ශ්‍රේෂ්ඨාධිකරණය තුනට බිංදුවක් වශයෙන් ඒකමතික නඩු තීන්දුවක් හරහා ඩයනාව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට තීන්දු කළ බවකි. ඒ වහාම සජිත් එහි සිටි සියලු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුව ඇතුළේ සිටි සජබ මන්ත්‍රීවරුන්ටත් එම පුවත දැනුම් දෙද්දී මුළු විපක්ෂයම සතුටින් ඉපිල ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ මොහොතේම අපටද එම පුවත වාර්තා වීමත් සමග අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවිය ඔස්සේ එය පළමු වතාවට රටට හෙළිදරව් කිරීමටත් අපි කටයුතු කළෙමු. අනෙක් සියලු ජාතික ධාරාවේ වෙබ් අඩවි සහ මාධ්‍ය අදාළ පුවත වාර්තා කළේ අප එම පුවත වාර්තා කොට මිනිත්තු ගණනාවක් ඉක්ම යෑමෙන් අනතුරුවය. ඒ සමගම ඩයනා පාර්ලිමේන්තුවෙන් පැන්නූ පුවත දෙබරයට ගලක් ගැසූ ආකාරයට එකවරම පත්තු වී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ සමගම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පළමු වරට එම පුවත පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් මුලු පාර්ලිමේන්තුවම හිසරදයකින් නිදහස් වූ බව දැනුම් දී සිටියේය.
කෙසේවෙතත් පසුව සජිත්ට කතා කළ බොහෝ දෙනා ඔහුට සුබ පතමින් විමසා සිටියේ ඩයනාගෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කවුරුන් පත්කරනවාදැයි කියාය. සජිත් ඒ කතා කළ කිහිප දෙනකුට කියා සිටියේ, ‘අපි කෙළෙහිගුණ දන්න පක්ෂයක්. අපිට අමාරුම වෙලාවක පක්ෂය වෙනුවෙන් මන්ත්‍රී ධුරය අතහැරලා කොළඹ නගරාධිපති ධුරයට තරග කරන්න ලොකු කැපකිරීමක් මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා කළා. මම එයාව තමයි පාර්ලිමේන්තුවට අරන් එන්නේ.’ යැයි කියාය. එමෙන්ම සජිත් වහාම මුජිබර්ටද ඇමතුමක් දෙමින් කියා සිටියේ අදාළ නඩු තීන්දුව ගෙන්වාගෙන සිකුරාදා දිනයේදී මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට සූදානම් වන ලෙසය.
මේ ආකාරයට සජබය ඩයනාගේ නඩු තීන්දුවෙන් ඉපිල යද්දී මෙම නඩු තීන්දුව හරහා ආණ්ඩුව ඇතුළේ අතිවිශාල කඩාවැටීමක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම තීන්දුවට අනුව ඩයනාට තවත් නඩු ගණනාවක්ම වැටීමේ අනතුරක්ද මතුව තිබිණි. කූඨ ලේඛන සකස් කිරීම, පාර්ලිමේන්තුවට, මැතිවරණ කොමිසමට මෙන්ම අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධ ගැටලු මෙන්ම නීත්‍යනුකූල නොවන ලෙස මෙතෙක් කල් ජනතා බදු මුදලින් වැටුප් ලැබීම, වරප්‍රසාද ලැබීම ආදිය මුල්කොට ගෙන මෙසේ ඩයනාට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගණනාවක් පැවරෙන ලකුණු මේ වන විට පහළ කොට අවසානය.
ආණ්ඩුවෙන් ප්‍රචාරයක්
කෙසේ වෙතත් ආණ්ඩුවට එල්ල වූ මෙම මල්ටිබැරල් ප්‍රහාරය යම් තරමකට හෝ සමනය කරගැනීම සඳහා ආණ්ඩුව පැත්තෙන් යම් වෙබ් අඩවි කිහිපයක් සහ සමාජ මාධ්‍ය ජාල කිහිපයක් අල්ලාගෙන එක්තරා පුවතක් පළකළ ආකාරයක් දැකගත හැකි විය. එම පුවතින් කියැවුණේ ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග සජබ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරයන්ද අහිමි වී යාමේ අවදානමක් මතුව ඇතැයි කියාය. එම පුවතම ආණ්ඩුව පැත්තෙන් මැති ඇමැතිවරුන් කිහිප දෙනකු හරහා පාර්ලිමේන්තුවේ කියවීමටද, ඊට ආණ්ඩුවේ මාධ්‍ය සහ තමන්ට හිතවත් මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබාදීමටද පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් පැය කිහිපයක් යෑමට මත්තෙන් එම පුවත සම්පූර්ණ අසත්‍යයක් බවට පත්වූයේ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයත් සමගිනි. එහිදී හිටපු මැකෝ පෙන්වා දුන්නේ ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූවා කියා සජබ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරවලට කිසිදු නීත්‍යනුකූල බලපෑමක් සිදු නොවන බවකි.
‘දේශපාලන පක්ෂවල නිලධාරීන් ශ්‍රී ලාංකික පුරවැසියන් ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් මැතිවරණ කොමිසමට ඇතිවෙලා නැහැ. ඒක අවශ්‍යයි කියලා නීතිමය සඳහනකුත් නැහැ. ඔය තත්ත්වය යටතේ ඩයනා ගමගේ මහත්මිය ලේකම් ධුරය දැරීම සමගි ජන බලවේගය පක්ෂය පිළිගැනීමේ නිත්යානුකූලභාවයට කිසිම බාධාවක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ.’ යනුවෙන් එහිදී හිටපු මැකෝ කළ ප්‍රකාශයත් සමග ආණ්ඩුව පැත්තෙන් ගෙනගිය බොරුව සම්පූර්ණයෙන්ම කඩාවැටුණු ආකාරයක් දැකගත හැකි විය.
තීරණාත්මක නඩුවක්
කෙසේ වෙතත් ඩයනාගේ නඩු තීන්දුවත් සමග මේ වන විට විභාග කොට අවසන් කර ඇති තවත් විශේෂ නඩුවක් පිළිබඳවද දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. ඒ, අන් කිසිවක් නොව හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සජබයෙන් ඉවත් කිරීමේ නඩුවය. මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ විනිසුරුවන් දෙදෙනකු මේ සම්බන්ධයෙන් නඩු තීන්දුව ලියා අවසන් බවත්, එක් විනිසුරුවකු ඊට අදිමදි කරමින් සිටින බවත්ය. අදාළ නඩුව පවරා මාස දෙකක් ඇතුළත තීන්දුව ලබාදිය යුතු නිසා තවදුරටත් මෙම නඩු තීන්දුව ලබාදීම පමා කරන්නේ නම් අදාළ විනිසුරුවරයාගේ නම පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කිරීමට පියවර ගන්නා බවද කිරිඇල්ල එහිදී සඳහන් කර සිටියේය.
ඒ අනුව, කිරිඇල්ල කළ මෙම ප්‍රකාශයත් සමග මේ වන විට බොහෝ දෙනාගේ අවධානයද ඒ වෙත යොමුව තිබේ. විශේෂයෙන්ම අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය කළ නිසා එය සත්‍යයක්ද, එසේත් නැත්නම් අසත්‍යයක්ද යන්න පිළිබඳ දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වන ආකාරයක්ද දැකගන්නට තිබේ. කිරිඇල්ල කී දේ සත්‍යයක් නම් ඒ සම්බන්ධයෙන් සමාජයේ ලොකු සංවාදයක් මතුවිය යුතු අතර, අසත්‍යයක් නම් ඒ සම්බන්ධයෙන් කිරිඇල්ලට එරෙහිව නීති මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවද බොහෝ දෙනාගේ මතය වී තිබේ.
කෙසේවෙතත් ඩයනාගේ නඩු තීන්දුවෙන් පසු සජිත්ට කතා කළ බොහෝදෙනා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන්ද එවැනි තීන්දුවක් පැමිණියහොත් කවුරුන් පාර්ලිමේන්තුවට පත් කරන්නේද යන්න පිළිබඳව විමසීමක් කොට තිබිණ. එහිදී සජිත් ඒ සියල්ලන්ටම කියා තිබුණේ තමන් දැනටමත් ඒ සම්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ගෙන ඇති බවකි. ඒ කුමක්ද යනුවෙන් හිතවතුන් විමසා සිටියත් සජිත් කීවේ ඒක ලොකු රහසක් බවත්, එසේ වුවහොත් අවසන් මාස කිහිපයේදී පාර්ලිමේන්තුව ඇතුළේ දැවැන්ත සටනක් සිදුකළ හැකි දෙදෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනඑමට කටයුතු කරන බවත්ය.
වී.එෆ්.එස්. බෝම්බය
පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ පුපුරා ගිය දෙවැනි බෝම්බය වූයේ මෙරට වීසා නිකුත් කිරීම වී.එෆ්.එස්. ග්ලෝබල් නමැති සමාගමකට ලබාදීමේ සිද්ධියය. ඒ සම්බන්ධයෙන් මුලින්ම පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූයේ වෙන කවුරුවත් නොව විපක්ෂනායක සජිත්ය. සජිත් කියා සිටියේ වීසා ලබාදීම වෙනත් සමාගමකට ලබාදීම හරහා සංචාරක ක්ෂේත්රයේ බරපතළ ගැටලුවක් මතුවීමේ අවදානමක් ඇතැයි කියාය. සජිත් කළ මෙම ප්‍රකාශයෙන් පසුව සියල්ලෝම මේ පසුපස ඇති කතාව කුමක්ද කියා සොයා බැලීමට පියවර ගත්හ. ඒ සමගම මේ ගනුදෙනුව පසුපස ඇති කිසිවකුගේත් අවධානයට යොමු නොවුණු විශාල තොරතුරු ප්‍රමාණයක් එකින් එක රටට හෙළිදරව් වන ආකාරයක් දැකගන්නට ලැබිණි.
එහිදී විපක්ෂයේ ජී.එල්. පීරිස්, මරික්කාර් වැනි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ මෙම ගනුදෙනුව හරහා බිලියන 15ක වංචාවක් සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇතැයි කියාය. එය දෙවැනි වන්නේ මහබැංකු බැඳුම්කර වංචාවට පමණක් බවද ජී.එල්. පීරිස් මහතා සහ මරික්කාර් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්හ. මේ ආකාරයට විපක්ෂයේ මෙම හෙළිදරව් කිරීමත් සමග වී.එෆ්.එස්. ආන්දෝලනය අලුත් අතකට පෙරලුණේ සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවටත්, තමන්ගෙන් කිසිවක් නොඇසූ බවටත් ප්‍රකාශ කර සිටීමත් සමගය. අදාළ විෂය භාර ටිරාන් අලස් මහතා මේ වන විට විදෙස්ගතව සිටින බව කී හරීන්, සඳුදා දිනයේ ටිරාන් ලංකාවට පැමිණි පසු මාධ්‍ය හමුවක් කැඳවා ඊට අදාළ තොරතුරු රටට දැනුම් දෙනු ඇති බවද කියා සිටියේය.
වී.එෆ්.එස්. සමාගම වීසා නිකුත් කිරීමේ මෙහෙයුමට එක්කර ගන්නා කැබිනට් පත්‍රිකාව යොමුකර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාය. මේ සිදුවීම වෙද්දී ටිරාන් සිටියේ සිංගප්පූරුවේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගි වෙමිනි. කිව්වා වගේම සඳුදා දිනයේ ලංකාවට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ටිරාන් කියා සිටියේ මේ පසුපස කිසිදු ගැටලුවක් නොමැති බවත්, මතුව ඇත්තේ තාක්ෂණික දෝෂයක් බවත්, අදාළ සමාගම දිගටම වීසා නිකුත් කිරීමේ කටයුතු සිදුකරගෙන යනු ඇති බවත්ය.
දකුණේ ප්‍රබල පුතා කව්ද?
කෙසේ වෙතත් ඒ වනවිට වී.එෆ්.එස්. ගනුදෙනුව සම්බන්ධ තවත් විශේෂ ආරංචියක්ද විපක්ෂයේ ප්‍රබලයන් අතට ලැබී තිබිණි. එම තොරතුරුවලින් කියැවුණේ දකුණේ ප්‍රබල තනතුරක් දරන දේශපාලනඥයකුගේ ප්‍රබල තනතුරක් දරන පුත්‍රයකු මෙම ගනුදෙනුවට මුල්වී ඇති බවකි. නොඑසේ නම් මෙම ඩීල් එක ගෙනැවිත් තිබෙන්නේ එම පුත්‍රයා විසින් යැයි කියාය. නමුත් ගැටලුව ඇත්තේ ඔහුට මෙම ඩීල් එක ලබාදුන්නේ කවුරුන් විසින්ද යන්නය. ඔහු දැනට සක්‍රීය දේශපාලනයේ සිටින අයෙක්ද, එසේත් නැත්නම් දේශපාලනයෙන් විශ්‍රාම ලබා සිටින ප්‍රබල අයෙක්ද යන්න පිළිබඳ මේ වන විට ක්ෂේත්රයේ ඇත්තේ විශාල කතාබහකි.
විපක්ෂය නම් කියන්නේ ආණ්ඩුව මෙම ගනුදෙනුව සිදුකළේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වියදම් කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහාය යැයි කියාය. ඊට ප්‍රතිඋපකාර වශයෙන් යට කී දකුණේ දේශපාලනඥයාට ඔහුට කැමැති කැමැති තැන්වලට මාරුවී යෑම සඳහා වරප්‍රසාද ලැබී ඇති බවද විපක්ෂය පැත්තෙන් කියැවෙන කාරණාවකි.
කෙසේ වෙතත් කිසිවකුත් නොදත් කතාවක්ද මේ දකුණේ දේශපාලනඥයා සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකිරීමට මෙවර අප සූදානම්ය. ඒ, පසුගිය කාලයේදී දකුණේ මෙම ප්‍රබල දේශපාලනඥයා සිය පුත්‍රයාව සමගි ජන බලවේගයෙන් තරග වැදීම සඳහා සජබ ප්‍රධානීන් සමග සාකච්ඡා පවත්වා ඇති බවකි. ඒ සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු විශාල ප්‍රමාණයක් එළියට එමින් ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.
කෙසේ වෙතත් සඳුදා දිනයේදී ටිරාන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පසු වී.එෆ්.එස්. ගනුදෙනුව සම්බන්ධයෙන් තිබූ ආන්දෝලනය තවත් ඉහළ ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමෙන් පසු විපක්ෂය මෙම වී.එෆ්.එස්. ගනුදෙනුව අතට ගෙන යකා නටන්නට සූදානමින් සිටින බවට වූ තොරතුරද විපක්ෂය පැත්තෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට ලැබී තිබිණි. ඒ අනුව සඳුදා සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ආණ්ඩුව පැත්තෙන් අතිශය තීරණාත්මක එකක් බවට පත්ව තිබිණි.
ඉල්ලා අස්වීම
එවැනි පසුබිමක් යටතේ කිසිවකුත් නොසිතන ආකාරයේ සිදුවීමක්ද කැබිනට් මණ්ඩලයේදී දැකගන්නට ලැබිණි. ඒ, හරීන් ප්‍රනාන්දු මෙම වී.එෆ්.එස්. ගනුදෙනුවට විරෝධය පළකරමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කැබිනට් මණ්ඩලයට රැගෙන ඒමය. ඉන් අනතුරුව එහිදී අදහස් දැක්වූ හරීන් කියා සිටියේ වී.එෆ්.එස්. ගනුදෙනුව මුල්කරගෙන යම් යම් පිරිස් තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බවත්, තමන්ට චෝදනා එල්ල කරන බවත්, එම ගනුදෙනුවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය. මෙහිදී සියල්ලන්ම පුදුමයට පත්කරමින් හරීන්ට සහාය පළකරන ආකාරයෙන් අදහස් දැක්වීමට අලි සබි්රත්, රමේෂ් පතිරණත් පියවර ගත්හ. මෙම සිදුවීම් පෙළ ජනාධිපතිවරයා ඊට පෙර දැන සිටියාද නැද්ද යන්න කීමට නොහැකි නමුත් ඒ දෙදෙනාගේ අදහස් දැක්වීමෙන් පසු ජනාධිපතිවරයා කියා සිටියේ, ‘නෑ නෑ මෙහෙම විරෝධයක් තියෙනවා නම් අපි මේක සංශෝධනය කරන්න කටයුතු කරන්න ඕනේ. කලින් වීසා දෙන්න අය කළේ ඩොලර් 50යි නේ. දැන් ඒකට වී.එෆ්.එස්. සමාගම තව ඩොලර් 25ක් එකතු කරලා ඩොලර් 75ක් ගන්නවා. දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන හින්දා අපි කලින් තිබ්බා වගේ මේක කෙළින්ම 50ට ගේමු. ඒකෙන් ඩොලර් 10ක් වී.එෆ්.එස්. එකට දෙමු.’ යනුනේ ජනාධිපතිවරයා සිය අවසාන තීන්දුව ලබා දෙද්දී එම මාතෘකාව එතැනින් අවසන් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. වෙනත් ඇමැතිවරුන් කිසිවකුත් ඊට විරෝධය පළකරන ආකාරයක්ද දැකගත නොහැකි විය.
මේ ආකාරයට පැවැති කැබිනට් රැස්වීම අවසන් කිරීමෙන් පසු ජනාධිපතිවරයාත්, මැති ඇමැතිවරුත් සහභාගි වූයේ එම මහලේම පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටය. වී.එෆ්.එස්. ගනුදෙනුව මුල්කරගෙන මහත් ආන්දෝලනයක් රට ඇතුළේ මතුව තිබූ නමුත් ආණ්ඩුවේ එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටියේ මන්ත්‍රීවරු 26ක් 28ක් වැනි සුළු ප්රමාණයකි. ලස්සනම වැඩේ කියන්නේ ජනාධිපතිවරයා රැස්වීම් ශාලාවට ඇතුළු වූයේම වී.එෆ්.එස්. ගනුදෙනුව මුල්කරගෙන චෝදනා එල්ල වී ඇති හරීන් සහ ටිරාන් යන ඇමැතිවරුන් දෙදෙනාම දෙපැත්තේ තබාගෙන ඔවුන් සමග සිනාසෙමින් අදහස් හුවමාරු කරගනිමින්ය.
චාමර යකා නටයි
පළමුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ සාකච්ඡාවට බඳුන් වූයේ සතියේ මාතෘකාව වූ පරාටේ නීතිය සම්බන්ධයෙනි. නමුත් මොහොතක් යෑමට මත්තෙන් උණුසුම් වූයේ සරත් වීරසේකර වී.එෆ්.එස්. මාතෘකාව එළියට ඇදගැනීමත් සමගය.
‘මොකක්ද මේ ප්‍රශ්නේ? දැන් මේක හැමෝම කතාවෙනවා. අපෙනුත් අහනවා. අපිටත් දෙන්න උත්තරයක් නෑ. ලොකු වංචාවක් වෙලා කියලා කියනවා. මේකේ ඇත්ත නැත්ත අපිට කියන්න.’ යනුවෙන් කියමින් සරත් ප්රශ්නය එළියට අදිද්දී ඊට හරීන් පිළිතුරු දීමට පටන් ගත්තේය. නමුත් ඉන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සෑහීමකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව සරත් වීරසේකරත්, මධුර විතානගේත් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු දැකගත හැකි විය. කෙසේ වෙතත් ප්රශ්නය තරමක් උණුසුම් වීමට පටන් ගත්තේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ඊට මැදිහත් වීමත් සමගය. සාමාන්‍යයෙන් පසුගිය සමයේ චාමර සැලකුණේ රනිල්ගේ ළඟම හිතවතකු ලෙසටය. රනිල් වෙනුවෙන් චාමර හොඳහැටි කඩේ ගියේය. නමුත් අපට ඇති ආරංචිවලට අනුව පසුගියදා චාමර ගිය නිල රථය ගිනිගැනීමෙන් පසුව ඔහුට තවමත් නිල රථයක් ලැබී නැති බව පැවැසේ. මේ හේතුවෙන් චාමර මේ දිනවල ආණ්ඩුව සමග තරමක් විරසකයෙන් පසුවන ආකාරයක්ද දැකගන්නට තිබේ. එම තත්ත්වය වඩා හොඳටම පැහැදිලි වූයේ මේ වීසා ප්රශ්නය මුල්කරගෙන චාමර දැඩි කේන්තියෙන් යුතුව ආණ්ඩුවට පහර දීමට පටන් ගැනීම නිසාය.
‘මොන මගුලක්ද මේ? අපිට පාරේ බැහැලා යන්න නෑ. තව මාස තුනයි ඡන්දෙට තියෙන්නේ.’ යනුවෙන් කියමින් චාමර වරම අතට ගනිද්දීම එන පොට හොඳ නැති බව වටහාගත් ජනාධිපතිවරයා හීන් සීරුවේ වෙනත් මාතෘකාවකට යමින් සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත්තේය. නමුත් ඉන් අනතුරුව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් වූ නිවේදනයකින් කියැවුණේ වීසා ගාස්තු අයකිරීමේදී පෙර තිබූ ආකාරයටම ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇතැයි කියාය.
දේශපාලන නාට්‍යයක්ද?
කෙසේ වෙතත් ලස්සනම වැඩේ කියන්නේ මෙම රැස්වීමෙන් පසු සමාජ මාධ්‍යවලට හරීන්ගේ ලිපි ශීර්ෂය යටතේ සඳහන් වූ ඉල්ලා අස්වීමේ ලිපියක් නිකුත් වී තිබීමය. ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබුණු තොරතුරුවලට අනුව කියවෙන්නේ ආණ්ඩුවට එරෙහිව නැගෙමින් ආ වී.එෆ්.එස්. විරෝධය සමනය කරගැනීමේ එක්තරා උපක්‍රමයක් ලෙස මේ ආකාරයට හරීන්ගේ යැයි කියන ඉල්ලා අස්වීමේ ලිපියක් කරළියට පැමිණ තිබූ බවකි. එය තහවුරු වන්නේ අදාළ ලිපියේ දිනය ලෙස අප්‍රේල් 06 වැනිදා යොදා තිබීමය. නමුත් කැබිනට් රැස්වීම පැවැතියේ මැයි 06 වැනි දිනය. කෙසේ වෙතත් හරීන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම යැයි කියමින් එම ලිපිය සමාජ මාධ්‍යවල සංසරණය වුවත්, පසුව හරීන් ට්විටර් පණිවුඩයක් තබමින් කියා තිබුණේ තමන් එවැන්නක් ඉදිරිපත් නොකළ බවකි.
කෙසේවෙතත් ආණ්ඩුව මේ ආකාරයට කැබිනට් මණ්ඩලය හරහා වී.එෆ්.එස්. මගින් වීසා නිකුත් කිරීමේ මිල ගණන් වෙනස් කිරීමට තීරණය කළ පුවත ඒ මොහොතේම ආණ්ඩුවේ ඇමැතිවරයකු මාර්ගයෙන් සජිත්ගේ ජංගම දුරකතනයට වට්ස්ඇප් පණිවුඩයක් ලැබිණි. සජිත් ඒ වන විට සිටියේ සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වෙමින්. එම වට්ස්ඇප් පණිවුඩය බැලූ සජිත්, මඳ වේලාවක් සිට මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේ ආණ්ඩුව මේ වන විට වීසා ගාස්තු යළිත් වරක් සංශෝධනය කිරීමට තීන්දු කර ඇතැයි කියාය. නමුත් සැලසුම් කළ පරිදි අඟහරුවාදා දිනයේදී වී.එෆ්.එස්. ගනුදෙනුව මුල් කරගෙන ආණ්ඩුවෙන් දැඩිව ප්‍රශ්න කිරීමට සජබ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළහ. එවිට කිරිඇල්ලද කියා සිටියේ තමන් එම විවාදයට මේ වන විට හොඳින් සූදානම් වී සිටින බවත්, ටිරාන් මීට පෙර කළ යම් යම් පරස්පර ප්‍රකාශයන් තමන් මේ වන විට සොයාගෙන ඇති බවත්ය. ඒ අනුව ටිරාන් පාර්ලිමේන්තුව නොමග යවා ඇති බව තමන් පාර්ලිමේන්තුවට ඔප්පු කර පෙන්වීමට සූදානම් බවද කිරිඇල්ල එහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙතරම් ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුව තිබියදීත් ජවිපෙ ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පළ නොකර නිහඬව සිටීමය. සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර, එය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ලෙස මතුකරන ලෙසට මරික්කාර්ට පැවරීමට පියවර ගැනිණි.
අවසානයේදී සිදුවූයේ මේ සියලු හැලහැප්පීම් මධ්‍යයේ වී.එෆ්.එස්. සමාගම කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමය. අන්තිමට ආණ්ඩුව පත්වූයේ නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති තත්ත්වයකටය.
මිලින්ද එළියට
මෙවර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ පසුගිය සතියේ සිදුව ඇති තවත් පෙරළියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකිරීමට සූදානම්ය. ඊට සම්බන්ධ කතානායකයා වන්නේ මේ වන විට දේශපාලන කරළියෙන් තරමක් ඈත්වී සිටින මිලින්ද මොරගොඩය. මිලින්ද මොරගොඩ ආරම්භයේදී සැලකුණේ රනිල්ගේ අතිජාත මිත්‍රයකු ලෙසය. 2005 ජනාධිපතිවරණ ඡන්ද සටනේදී රනිල්ගේ ජාත්‍යන්තර සම්බන්ධතා සියල්ල මෙහෙයවීමේ වගකීම බාරවී තිබුණේ මිලින්දටය. ඒ නිසාම රනිල් හා මිලින්ද අතර බිඳිය නොහැකි සම්බන්ධයක් ගොඩනැගී තිබිණි. එමෙන්ම මිලින්ද යනු මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සිදුවීම් ගණනාවක්ම වූ තැන්වල සිටි චරිතයකි. වරක් මහින්දගේ ආණ්ඩු කාලයේදී කෝප් කමිටුව මගින් මිලින්දට අයත් මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනයේ සිදුවී ඇති වංචාසහගත ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් මහබැංකුව හරහා විමර්ශනයක් ආරම්භ කෙරිණි. එවකදී කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂය. විජයදාස මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් දීර්ඝව සොයාබැලීම් කරද්දී හරි අපූරු සිදුවීමක් සිදුවිය. ඒ, රනිල් සමග සිටි එජාපයේ 16 දෙනෙක් කරු ජයසූරිය සමග මහින්දගේ ආණ්ඩුව සමග එක්වීමය. එම 16 දෙනා අතරේ රනිල්ට අතිශය හිතවත් යැයි සැලකුණු මිලින්ද මොරගොඩද සිටීම විශේෂ සිදුවීමක් විය.
එසේ ගොස් ඇමැතිකමක් ගත් මිලින්ද මහින්ද වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ අතර, පසුව බුලත් කොළෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහින්දගේ කොළඹ නගරාධිපතිවරයා වශයෙන්ද තරගබිමට පිවිසීමට පියවර ගත්තේය. නමුත් ඒ සටනින් මිලින්ද එජාප අපේක්ෂකයා වූ ඒ.ජේ.එම්. මුසම්මිල් හමුවේ පරාජයට පත්විය.
ඉන් අනතුරුව දේශපාලන කරළියෙන් තරමක් ඈත්වී සිටි මිලින්ද පසුව 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාව පොහොට්ටුවේ අපේක්ෂකයා බවට පත්කිරීම සඳහා වියත් මග ඔස්සේ දැවැන්ත වැඩකොටසක් කළේය. එසේ කොට ගෝඨා ජයගැනීමෙන් අනතුරුව මිලින්ද ගෝඨාට කියා සිටියේ තමන්ට ඉන්දියාවේ මහකොමසාරිස් ධුරය අවශ්‍ය යැයි කියාය. ගෝඨාද එය දෙවරක් නොසිතා මිලින්දට ලබාදීමට පියවර ගත්තේය. පසුව මිලින්ද තමන්ට කැබිනට් ඇමැතිවරයකුට ලබාදෙන වරප්‍රසාද අවශ්‍ය බවට ගෝඨාට දැනුම්දී සිටියේය. ඊට ඇමැතිවරුන් පවා විරෝධය පළකරද්දී කැබිනට් මණ්ඩලය හරහා එම වරප්රසාදද මිලින්දට ලබාදීමට ගෝඨා කටයුතු කළේය.
ඒ වන විට ගෝඨාගේ ආර්ථික උපදේශකයකු බවට පත්ව සිටි ප්‍රධාන පුද්ගලයකු වූයේ හිටපු මහ බැංකු අධිපතිවරයා වූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාය. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මිලින්දට අයත් පාත්ෆයින්ඩර් ආයතනයේ ප්‍රබල චරිතයකි. මේ නිසා දේශපාලන වශයෙන් පමණක් නොව, ආර්ථික වශයෙන්ද ගෝඨාට ලොකු බලපෑමක් කිරීමට මිලින්දට හැකියාව තිබිණි.
කෙසේ වෙතත් ගෝඨා ජනාධිපති ධුරයෙන් සමුගැනීමත් සමග ජනාධිපතිවරයා බවට පත්වූ රනිල්, මිලින්ද ඉන්දීය මහ කොමසාරිස් ධුරයේ සිටියදීම සාගලව ඉන්දියාවට යවා මිලින්ද නොමැතිව සාගල හරහා ඉන්දියාව සමග ගනුදෙනු කිරීමට පටන් ගත්තේය. පසුව රනිල් මිලින්දව ඉන්දීය මහකොමසාරිස් ධුරයෙන් ඉවත් කිරීමටද පියවර ගත්තේය. මේ නිසා පසුගිය කාලයේදී මිලින්ද නැවතත් සිටියේ වැඩිය එළිපහළියට නෑවිත් නිශ්ශබ්දවය.
බැසිල් අසතුටෙන්
කෙසේ වෙතත් මේ කියන මිලින්ද මොරගොඩ පසුගිය සතියේදී හදිසියේම කිසිවකුත් නොසිතූ ආකාරයට යළි දේශපාලන වශයෙන් කලඑළි බැස්ස ආකාරයක් දැකගත හැකි විය. ඒ, රනිල් සහ බැසිල් අතර පැවැති පස්වැනි වටයේ සාකච්ඡාවේදීය. මීට පෙර බැසිල් සමග පැවැති සාකච්ඡාවේදී රනිල්, හරීන්, ප්‍රසන්න, මහින්දානන්ද ඇතුළු කණ්ඩායමක් රැගෙන ආ නමුත් මෙවර ඒ වෙනුවට එක්කරගෙන තිබුණේ මිලින්දවය. ඒ අනුව මිලින්ද හදිසියේම රනිල් සහ හිතවත් වූයේ කෙසේද, දෙදෙනා අතර ඇති ඩීල් එක මොකක්ද, බැසිල් සමග පවත්වන සාකච්ඡාවේ මිලින්ද නියෝජිතයකු වූයේ කෙසේද යනාදී ගැටලු රාශියක් බැසිල්ට මිලින්දගේ මුහුණ දැකගත් වහා සිතට නැගෙන්නට ඇතුවාට සැක නැත.
ඇත්තටම රනිල් මෙම සාකච්ඡාවට මිලින්ද ගෙනාවේ ඇයි? බොහෝ දෙනා සිතන්නේ මිලින්ද හරහා බැසිල් නැටවීමට රනිල් මෙහිදී උපායක් යොදා ඇතැයි කියාය. මන්ද යත් බැසිල්ට ඉන්දියාව සමග සමීප සම්බන්ධයක් ගොඩනගා ගැනීමට එකල මිලින්ද විශාල වැඩකොටසක් කර තිබිණි. ඒ හරහා මිලින්ද කියන දෙයක් නොකර සිටීමට බැසිල්ට නොහැකි බවක් රනිල් සිතනවාට සැක නැත. අනෙක් පැත්තෙන් මිලින්දව ගෙන ඒමට තවත් හේතුවක් වන්නට ඇතැයි බොහෝ දෙනා සිතන්නේ විජයදාස මේ වන විට කැබිනට් මණ්ඩලය ඇතුළේ සහ ආණ්ඩුව ඇතුළේ රනිල් සමග මතගැටුමක සිටීමය. විජයදාස මේ වන විට සිටින්නේ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සැලසුම් සකස් කරමින්ය. මහින්දගේ ආණ්ඩු කාලයේදී කෝප් කමිටුව හරහා මිලින්දව මට්ටු කිරීමට කටයුතු කළේද මේ කියන විජයදාසමය. ඒ නිසා විජයදාසටත් ෂොට් එකක් දීම සඳහා මෙසේ මිලින්දව යළිත් රනිල් කරළියට ගෙනැවිත් ඇති බවක් බොහෝ දෙනාගේ මතය වී තිබේ.
මහඡන්දය තියන්න
කෙසේ වෙතත් අපට ඇති ආරංචිවලට අනුව රනිල් සමග පැවැති සාකච්ඡාවට මිලින්ද සහභාගි වීම සම්බන්ධයෙන් බැසිල් සිට ඇත්තේ තරමක් අසතුටිනි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී බැසිල් නැවත වතාවක් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරණය පවත්වනවාට වඩා මහමැතිවරණය පැවැත්වීමෙන් ආණ්ඩුවට දේශපාලන වාසියක් ලබාගත හැකි බවකි.
‘මේ ජනාධිපතිවරණයේදී ඔබතුමාටවත්, පොහොට්ටුවටවත් දිනන්න බෑ. මේකේ වාසිය තියෙන්නේ සජිත්ට. ඒකයි මම එදා ඉඳන්ම ජනාධිපතිවරණයට කලින් මහ ඡන්දෙකට යමු කිව්වේ. දැනුත් කල් වැඩි නෑ. ව්‍යවස්ථාවේ හැටියට මහ ඡන්දෙකට යනවා නම් මැයි 30ට කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ. එහෙම කළොත් මහ මැතිවරණය තියාගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් මහ ඡන්දෙදී අපිට පුළුවන් අපේ ජනාධිපති අපේක්ෂකයා ඔබතුමා කියලා රටට කියන්න.’ යනුවෙන් බැසිල් කියද්දී රනිල් සුපුරුදු පරිදි ඔළුව වනමින් ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අවසන් වූ වහා පොහොට්ටුව පැත්තෙන් පොහොට්ටුවට වාසිසහගත ආකාරයටත්, ජනාධිපතිවරයාගේ පැත්තෙන් ජනාධිපතිවරයාට වාසිසහගත ආකාරයටත් එක එක ප්‍රචාර යැවූ ආකාරයක් දැකගත හැකි විය. බැසිල්ගේ පැත්තෙන් යැවුණු ප්රචාරයෙන් කියැවුණේ බොහෝ දුරට මැයි මස අගදී ආණ්ඩුව විසුරුවා හැරීමට ඉඩ ඇති බවකි.
රනිල්ගේ පැත්තෙන් යැවුණු ප්‍රචාරවලින් කියැවුණේ මෙම සාකච්ඡාවේදී තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට බැසිල් එකඟතාව පළකළා යැයි කියාය. එය අවසන් මොහොත වන තෙක් ප්‍රකාශයට පත් නොකොට තබාගැනීමට බැසිල් එකඟ වූ බවක් එහිදී කියැවිණි. එසේ අවසන් මොහොත දක්වා එය ප්‍රකාශ නොකර සිටින්නේ සජබෙන් කණ්ඩායමක් ජනාධිපතිවරයා කඩාගන්නා තෙක් බවද එම ප්‍රචාරණයෙන් වැඩිදුරටත් කියැවිණි.
කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ ප්‍රචාරයන් දෙකම අසත්‍ය බවකි. මෙම සාකච්ඡාවේදී රනිල් කෙසේවත් මහ ඡන්දයක් පැවැත්වීමට බැසිල්ට එකඟතාව පළකොට නොමැත. රනිල් දේශපාලන උපක්‍රමයක් ලෙස එම ප්‍රචාරය යවමින් සිටින බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
බැසිල් මිලින්ද ගැන කී දේ
කෙසේ වෙතත් රනිල් – බැසිල් සාකච්ඡාවට කලකට පසු මිලින්දද සහභාගි වී සිටි බවක් මොහොතක් යෑමට මත්තෙන් සියලු දෙනාටම දැනගන්නට ලැබී තිබිණ. ඒ අනුව බැසිල්ගේ ඇතැම් හිතවතුන් බැසිල්ට කතාකොට ඒ පිළිබඳ විමසද්දී බැසිල් ඔවුන්ට කියා සිටියේ අපූරු පිළිතුරකි.
‘මම නම් මිලින්දව කීයටවත් විශ්වාස කරන්නේ නෑ. අපි වැටිච්ච වෙලාවේ පොහොට්ටුව හදලා ඒකේ සභාපති වෙන්න කියලා මම ආරාධනා කළේ ජී.එල්.ට. ජී.එල්. වචනයක් කියන්නේ නැතුව මගේ ආරාධනාව පිළිගෙන පොහොට්ටුවේ සභාපති ධුරය භාරගත්තා. ඊට පස්සේ මම පක්ෂයේ භාණ්ඩාගාරික වෙන්න කියලා මුලින්ම ආරාධනා කළේ මිලින්දට. හැබැයි මිලින්ද මේකෙන් මගහැරියා. පස්සේ අපි වෙන භාණ්ඩාගාරික කෙනෙක් දාගෙන ඡන්දෙන් විශාල ජයග්‍රහණයක් ලැබුවාට පස්සේ මිලින්ද ගෝඨාට කියලා තිබුණා එයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න කියලා. ගෝඨා මට ඒක කිව්වාම මම එකහෙළාම ඒක ප්‍රතික්ෂේප කළා. මම ගෝඨාට කිව්වේ අපිට අමාරු වෙලාවේ අපිත් එක්ක හිටපු නැති අයට තනතුරු දෙන්න මම සූදානම් නෑ කියලා. එදා ඉඳන් මිලින්ද මගෙත් එක්ක එච්චර හරි නෑ. අනෙක ගෝඨාගේ ආණ්ඩුව වැටෙන්න උපදෙස් දීපු ටීම් එකේ මිලින්දත් හිටියා. මිලින්දගේ පාත්ෆයින්ඩර් එකේ වැඩකරන ඉන්ද්‍රජිත් කුමාරස්වාමිලා ගෝඨාට දීපු ආර්ථික උපදෙස් හින්දා තමයි මේ රට කඩාගෙන වැටුණේ.’ යනුවෙන් කියමින් බැසිල් මිලින්ද ගැනඅමුතු ආකාරයේ චරිත සහතිකයක් ලබාදුන් ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මිලින්ද හරහා බැසිල් නැටවීමට රනිල් සිතනවා නම් අපට කියන්නට ඇත්තේ එය රනිල්ගේ වැරැදි තේරීමක් යැයි කියාය.
තවත් සාකච්ඡාවක්
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු බැසිල් සහ රනිල් අතර තවත් හදිසි සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පැවැත්විණි. බැසිල් හා රනිල් අතර පවතින සාකච්ඡාවලදී විවිධ මුහුණු හඳුන්වා දීමට රනිල් කටයුතු කර තිබූ නිසා මෙවර සාකච්ඡාවට රනිල් හඳුන්වා දී තිබූ මුහුණු අතර නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන, ප්‍රසන්න රණතුංග වැන්නෝ සිටියහ. රනිල් මෙම සාකච්ඡාවට නිමල් ලන්සාටද ආරාධනා කර තිබූ නමුත් බැසිල් සමග සාකච්ඡාවට වාඩිවිය නොහැකි යැයි පවසමින් ලන්සා එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම සාකච්ඡාවේදීද බැසිල් ජනාධිපතිවරයාට පැහැදිලිවම පෙන්වා දී ඇත්තේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යන්න යැයි කියාය. බැසිල් වෙනදා නම් මෙසේ කියද්දි ප්‍රසන්න රණතුංගලා, මහින්දානන්ද අලුත්ගමගේලා වැනි මේ වන විට ජනාධිපතිවරයාට හිතවත් පිරිස් විවිධ ප්‍රකාශ සිදුකළද මේ අවස්ථාවේදී ප්රසන්නලාද මහින්දානන්දලා නිහඬව සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන් තවමත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත්, ලබන ජූනි මාසය වන විට තම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත්ය. අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ජනාධිපතිවරයා ජුනි මාසය නම්කළේම ඒ කාලය වන විට මහමැතිවරණයක් ප්‍රකාශට පත්කළ නොහැකි බව හොඳහැටි දැනගෙනය. මන්ද මහ මැතිවරණයක් පවත්වනවා නම් අවම වශයෙන් මැයි 31ට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය.
ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේ පැවැති සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසු සිකුරාදා දිනයේදී බැසිල් බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ ඵ්‍රධාන කාර්යාලයේ පැවැති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිීරීමට පියවර ගත්තේය. එහිදී බැසිල් ආණ්ඩුවට යම් ඉඟියක් ලබාදෙමින් කියා සිටියේ රටට හොඳක් කිරීම සඳහා ඕනෑම අයකු සමග එක්වීමට හෝ ඕනෑම අයකුගෙන් වෙන් වීමට පොහොට්ටුව සූදානම් යැයි කියාය.