ශ්‍රී ලංකාවේ නීතියට අනුව ‘ළමයා’ යන්නෙහි නීතිමය නිර්වචනය වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවීම සඳහා යෝජනා වී තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ පුද්ගලයින්ගේ ආඥාපනත සංශෝධනය කිරීම වෙනුවෙන් සංශෝධනයක් යෝජනා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වුණා.
එම සංශෝධනයෙන් අනතුරුව මෙතෙක් ශ්‍රී ලංකාවේ දරුවෙකු ලෙස යමෙක් සැලකුණු උපරිම වයස වූ අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ යනවා.
මේ අතර ළමා හා තරුණ ආඥාපනතේ භාවිත වන “ළමා ආඥාපනත” යන්න “ළමා සහ තරුණ ආඥාපනත” ලෙසත්, එහි එන “ළමා” යන්න “ළමා හා තරුණ” ලෙසත් සංශෝධනය කිරීමට ද යෝජනා වී තිබෙන්නේ.










