විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව ලංකාවට ආනයනය කර නිෂ්කාශනය කරන ලද Apple iPhone, iPad, ඔරලෝසු, Apple TV සහ iPods 2022 සැප්තැම්බර් 27 වැනිදින සිට අලුත්වැඩියා කිරීමට බාර නොගන්නා බවට Generation Next Communications Lanka ආයතනය නිවේදනය කොට ඇත.
ලංකාවේ ඇපල් නිෂ්පාදන ගෙන්වා බෙදාහැරීමේ නිල ලත් එකම ආයතනය වන්නේ Generation Next Communications Lanka ආයතනයය.











