ලබන 24 වැනි දින ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට වූ ඉරි තුනේ නියෝගයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් නිකුත් කොට තිබේ.
එදිනට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීම මේ සදහා හේතු වී තිබේ.










