පසුගිය සදුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් තිදෙනකු විදෙස්ගතවීමට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
ඊට හේතු වී ඇත්තේ ලබන 24 වැනි දින උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති යෝජනාව සදහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබීමය.
ඒ අනුව ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ සියලුම මැතිඇමැතිවරුන් එදින ඡන්ද විමසීමට සහභාගී විය යුතු යැයි කියාය.
මෙසේ විදෙස්ගත වීම සදහා අවසර ඉල්ලා ඇත්තේ විජයදාස රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ය.










