මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළාය.Sri Lanka Latest News
උක්ත පනත් කෙටුම්පතට අමතරව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් ද්විත්වයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියළු කටයුතු සූදානම් බවද ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.
මේ අදහස් පළවූයේ නවසීලන්ත පාර්ලිමේන්තුවේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියක වන වනුෂී වෝල්ටර්ස් සමග සූම් (zoom) තාක්ෂණය ඔස්සේ පසුගියදා (05) විශේෂ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය.










