• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන්දනාවේ යමු පේවීලා අරගල ප්‍රේමේ බලන්ටා බලන්ටා කොළඹ මන්දිර ගානේ…

July 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වන්දනාවේ යමු පේවීලා අරගල ප්‍රේමේ බලන්ටා බලන්ටා කොළඹ මන්දිර ගානේ…
Share on WhatsAppShare on Facebook

සුදු බෝධිය වඳින්න ගියෙ නැද්ද? අපරාධෙනෙ. ජීවත් වෙලා ඉන්න කාලෙ එක පාරක් හරි සුදු බෝධිය වැන්දෙ නැත්නම් වැඩක් නෑ. එහෙම කියලා සුදු බෝධිය වඳින්න ගියා මතකද? ඇයි දොළුකන්ද. අම්මේ… පින් සාගරේ. පින් උතුරනවා. ඈත කඳු පන්තිය අස්සෙන් දොළුකන්ද එබිලා බලනවා. දැක්කට පස්සේ පිස්සු හැදෙනවා. දොළුකන්දෙ හාමුදුරුවන්ට පුදුම බලයක් තියෙනවා. උන්වහන්සේ උන්නු ගමන් වැව් පිටින් පිරිත් කරනවා. දොළුකන්දෙ ගියෙ නැත්නම් ඒ ජීවිතෙන් වැඩක් නෑ. ඇත්තටම ගිය නැද්ද දොළුකන්දෙ? ඇත්ත කියන්න. ගියා නේද එක පාරක් හරි දොළුකන්දෙ? තව තියෙනවා ඕනෙ තරම් මෙහෙම කියනවා නම්. ඒ අස්සෙ ඉතින් කූරගල ගැනත් පොඩි පොඩි කයි කතන්දර තියෙනවා. අර සිංහයා. සිංහයා ගැන හරියට විස්තර කරලා කියන්න බෑ. හැබැයි කූරගලත් අපේ කට්ටිය ගියා. තව ඔහොම උන්නු ගමන් මතුවෙන තැන්වල පෝලිම් හැදිලා දාස් ගණන් බස් අරගෙන කන්න නැතත් බොන්න නැතත් සාධු කියන්න මයෙ අම්මලා යන්නේ පෝලිම් හැදිලා. ඔහොම සිද්ධියක් තමයි කැලණි නයා. කැලණි ගඟෙන් නයෙක් මතුවුණා කිව්වම ඒක මොකා කිව්වත් කොහොම කිව්වත් මොකටද පිළිගත්තෙ? හිතන්න පුළුවන්ද? විශ්වාස කරන්න පුළුවන්ද? එහෙම දේවල් වෙනවද මේ මහ පොළොවේ? ඇමෙරිකන් වෝටර් බෝතලයකට නයා දාගෙන ඇවිල්ලා ‘මේං නයා’ කිව්වම අපේ උපාසකම්මලා පෝලිම් හැදිලා ගියෙ සාදු කියාගෙන. නූගත්, මෝඩ, නොදන්න, අහිංසක මිනිස්සු නෙවෙයි, හොඳ සල්ලිකාරයො, දැනුවත් අය, ලොකු ඩිෆෙන්ඩර්වලින් කැලණි විහාර බිම පිරිලා ඉතිරිලා තිබ්බේ. පෝයකට නෙවෙයි. මල් පූජා කරන්න නෙවෙයි. නයා බලන්න. නෙලුම් පොහොට්ටුවක් දීලා ගොනාට ඇන්දුවෙ එදා එහෙම නයා බලන්න ගියපු උන්දැලාව.

ඒ අස්සේ ධම්මික පැණිය. දිව්‍ය ලෝකෙන් ආපු මහා ආශ්චර්යවත් පැණියක්. ඒ මළඉලව්ව බිව්වට කොවිඩ් හොඳවෙන්නෙ නෑ කිව්වම කියන එකාට කුණුහරුප කියලා බැන්නා. අපටත් අත්දැකීම් තියෙනවා එහෙම කුණුහරුප අහලා. සමහර අය බෝතල් දෙක තුන ගෙදර ගෙනැල්ලා තියාගත්තා. තවමත් ඒක බිව්වට පස්සේ කොවිඩ් හොඳවුණා කියලා කියන උන්දැලා ඉන්නවා. පෝලිමේ ගියේ. පෝලිමේ යන එක මාර සිරිතක්නෙ අපේ.

දැන් මේ පාර මොකක්ද පෝලිම? ෂෙඩ් එකේ පෝලිමේ ඉඳලා ඇතිවෙලා නේද තියෙන්නේ? ගෑස් පෝලිමේ ඉඳලා ඇතිවෙලා නේද තියෙන්නේ? තව මොනවද පෝලිම්? කිරිපිටි පෝලිම්, ඉස්සරහට හාල් පෝලිම්, ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, ඒ හැම පෝලිමකම ඉඳලා එපාවෙච්ච කට්ටිය ආන් ආයෙත් පෝලිමක. කොහෙද? අරලියගහ මන්දිරයෙ පෝලිම ඒ පාර. ජනාධිපති මන්දිරේ පෝලිම. පෝලිමේ යනවා බලන්න. මිනිස්සු පව්. ඒක ඇත්ත. අහිංසක මිනිස්සුන්ට ජීවිතේ කවදාවත් පයහගන්න බැරි වෙන මේ අපූරු තැන් වැඳලා දැකබලාගන්න අපේ මිනිස්සු ආසයි. ඒවා අපේ මිනිස්සුන්ගෙ හීන. අර සෝෆාවල ඉඳගෙන ලොකු පුටුවල ඉඳගෙන කවදාවත් මේවට පය ගහන්න හම්බවෙච්ච නැති අහිංසක මිනිස්සු, කවදාවත් මේ වගේ ජිම් එකකට යන්න නොලැබුණු අහිංසක මිනිස්සු ඒවට ආසයි. ඒක ඇත්ත. ඇත්තටම අපේ දරුවන්ගෙ අපේ මිනිස්සුන්ගෙ අපේ අහිංසකයන්ගෙ හීන ඔක්කොම ටික එක තැනකට එකතු කරලා තම තමන්ගෙ ගෙවල් අස්සෙ ගොඩගහගත්ත දේශපාලන ජඩයො සැප විඳින හැටි බලන්න අපේ මිනිස්සුන්ට එක වතාවක් හරි ලැබෙන එකත් හොඳයි. ඇත්තටම ඒ මිනිස්සු පව්. ඒත් ඒක නෙවෙයි කතන්දරේ. මෙහෙම පෝලිමේ ගිහිල්ලා බලන්න, මෙහෙම පෝලිමේ ගිහිල්ලා මේවායෙ ආතල් ගන්න, නැත්නම් පෝලිමේ ගිහිල්ලා මේවා කඩලා බිඳලා දාන්න අපිට තියෙන අයිතිය මොකක්ද කියන එකනෙ. ඒ අයිතිය තමයි පොදු ජනතාව විදියට අපට තියෙන අයිතිය. සාමාන්‍ය මහජනතාව විදියට අපිට මේවා බලන්න අයිතියක් තියෙනවා. ඒත් අපේ අහිංසක මිනිස්සු මේ තැන්වල තැලිලා පොඩිවෙලා රිද්දගන්නකොට, සමහර වෙලාවට පොදු දේපළ සම්බන්ධ වැරැදි අස්සේ අපේ මිනිස්සු හිරවෙනකොට, යම් යම් දේවල් කඩපු බිඳපු කතන්දර හින්දා අපේ මිනිස්සු හිරගෙවල්වල දුක් විඳිනවා කියනකොට අපිට දුක හිතෙනවා. අපේ මිනිස්සුන්ගෙ අහිංසකකම්වලින් හැමදාම එක එකා ප්‍රයෝජන ගත්තා. පන්සල් පල්ලි කෝවිල්වල හිටපු ජඩයො තමයි මේක වැඩිපුරම කළේ. අරක පිරිත් කරනවා, මේක පිරිත් කරනවා, අරෙහෙන් ආශ්චර්යයක් මතුවෙනවා, රූප අඬනවා, පිළිමවලින් කඳුළු වැටෙනවා, ලේ ගලාගෙන යනවා. මේ වගේ සුරංගනා කතන්දර කියලා අපේ මිනිස්සුන්ගෙ අන්තිම සතෙත් සූරගත්ත එකයි හැමදාම සිද්ධ වුණේ.

අපට කෙළවුණේ දේශපාලකයො හින්දා විතරක් නෙවෙයි. අපිට කෙළවෙන්න බලපාපු තවත් හේතුවක් තමයි අපේ මෝඩකම. අපි ගොන් හරක් වගේ සමහර දේවලට රැවැටුණා. අරලියගහ මන්දිරයට, අර මන්දිරයට, මේ මන්දිරයට රැවැටිලා දුක් විඳින අහිංසක මිනිස්සු ඒවාට ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගෙන ඒ මිනිස්සුන්ට දඬුවම් ලබන්න සිද්ධ වුණොත් එහෙම ඔය කවුරුවත් එන්නෙ නෑ. ඒ නිසා පරිස්සමට යන දිහාක යන්න. ඒකට කමක් නෑ. හැබැයි අර පරණ පුරුදු තාලෙටම පෝලිම්වල ගිහිල්ලා එක එකාගෙ ගොන් පාට්වලට රැවැටිලා ජීවිතේ අවුල් කරගන්න එපා. මොකද මේ රටේ මොකා පාලකයා වුණත් කවදා කොහොම පාලනය වෙනස් වුණත් මතක තියාගන්න අපි හිතන තාලෙ අහිංසක අපේ අහිංසක උඹලගෙ පාලනයක් මේ රටට එන්නෙ නෑ. අරලියගහ මන්දිරයෙ සෝෆාවල ඉඳගන්න පෝලිම්වල යන්න නෙවෙයි අපි හිතන්න ඕනෙ. දරුවන්ට උගන්නලා දරුවන්ට ජීවිතේ සැප විඳින්න පුළුවන් අනාගතයක් හදන එක. ඒකට පළමුවෙන්ම වෙනස් කරන්න ඕනෙ මේ රටේ පාලනය. ඒක ඇත්ත. හැබැයි පාලනය විතරක් වෙනස් කරලා ඒක හදන්න බෑ. උන්ට උගන්නන්න ඕනෙ. උන්ට සැප විඳින්න පුළුවන් හෙටක් හදන්න ඕනෙ. ප්‍රජාතන්ත්‍රවාදී බලයක් ලැබෙනවා අපට ඡන්දය කියලා. ඒ ඡන්දය කියන බලය ලැබුණ දවසට හරි මිනිහට කතිරෙ ගහලා, මේ රටට ගැළපෙන එකෙක්ව පාර්ලිමේන්තු යවලා රටේ අනාගත සුබසිද්ධිය හදන්න පුළුවන් මිනිහෙක්ට මේ රට භාරදීලා හරි විදියට සිස්ටම් එක චේන්ජ් කළොත් අපි උඹලටත් ටේ‍රඩ් මිල් පදින්න පුළුවන් දවසක් එයි. අපි උඹලටත් ඇත්තටම ඔය සෝෆා එකක් ගෙදරට ගන්න පුළුවන් දවසක් එයි. ඒ දවස වෙනුවෙන් හීන දකිමු. එහෙම නැතුව ෂෝර්ට් කට්වලින් ජීවිතේ බලාපොරොත්තුවලට යන්න හිතන්න එපා. එහෙම වුණොත් නැති වෙන්නේ උඹලගෙ අපේ අනාගතේමයි. මොකද නීතිය තියෙන්නේ අපි හැමෝටම ඉහළින්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සිංගප්පූරුවේ විරෝධතා තියන්න තියෙන එකම තැන ගෝඨාව රටින් පිට කරන්නැයි උද්ඝෝෂණයක්! ලෝකෙම අවධානය යොමුවෙලා!

Next Post

රටින් පැනල ගිය නායක ලැයිස්තුවට 2022 ගෝඨාභය රාජපක්ෂත් ඇතුළු වෙයි…

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.